ආගම, ඉතිහාසය ඉවත් කොට ලබන ආර්ථික සංවර්ධනයකින් රටකට කිසිදු පලක් නැහැ - දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම අනුනාහිමි
ආගම, දහම, සදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය, ඉතිහාසය ඉවත් කොට ලබන ආර්ථික සංවර්ධනයකින් රටකට කිසිදු පලක් නොමැති බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියෝ පවසති.
දරුවෙක් වරදක් කළොත් දෙමපියන්ට ගුරුවරුන්ට පහරක් ගහන්න බැරි විදිහේ නීති ගෙන ආවහොත් රට අනිවාර්යයෙන්ම විනාශයට ගමන් කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කරති.
උන්වහන්සේ මේ බව පැවසුවේ ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි ඊයේ (05දා) මල්වතු මහා විහාරයේදී අනුනාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය.
එහි දී දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.
දැන් කතා බහක් ඇතිවෙලා තිබෙනවා සංචාරක ව්‍යාපාරය දියණු කරන්න සමරිසි චර්යාවන් වගේම ගණිකා වෘත්තිය පවා නීතිගත කිරීමේ උත්සහයක් පවතිනවා කියලා. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු කියනවලු වයස අවුරුදු 16 න් පසු දරුවන්ට ඕනෑම දෙයක් කරන්න ඉඩ දෙන්න කියලා. දණ්ඩ නීති සංග්‍රහයේ දරුවන් සඳහා වන නීති සංශෝධනය කරන්න හදනවලු. දෙමව්පියන්ට ගුරුවරුන්ට දරුවන්ගේ වරදකට අවවාද අනුශාසනා කරන්න, පහරක් ගහන්න බැරි වෙන ආකාරයට නීති ගේන්න හදනවාලු. මෙහෙම ගියොත් මේ රට අනිවාර්යෙන්ම විනාශ වෙනවා. මේක අපේ සංඝ සමාජයටත් බලපානවා. පිරිවෙනක ඉගෙන ගන්නා සාමණේර නමකට
වැරැද්දකට තරවටු කරන්නවත් බැරි වෙනවා. එහෙම කළොත් ගුරු හිමිනමට හිරේ යන්න වෙනවා.
මෙපමණ කලක් මේ රටේ දරුවෝ රටට ජාතියට සංස්කෘතියට ආගමට දහමට ලැදිව ඉගෙන ගත්තේ නැද්ද. කටයුතු කළේ නැද්ද. දැන් දරුවෙකුගේ වැරැද්දක් පෙන්වා දෙන්න බැහැ. එහෙම පෙන්වා දෙන්න ගිහිල්ලා කොහෙදෝ ඉස්කෝලෙක ළමයෙක් ගුරුවරයාගේ ඔලුව පළලා ගුරුවරයා රෝහල් ගත කළා. තවත් ළමයි පිරිසක් ලෝක ළමා දිනය සමරන්න පාසලට මත්පැන් හා මදන මෝදකය ගෙනල්ලා කියලා අපට දැනගන්න ලැබෙනවා. දැන් ඉහළ පන්තිවල ළමයි ගුරුවරුන්ට ඔච්චම් කරනවලු ගහන්න බනින්න තරුවටු කරන්න එන්න එපා කියලා. ඕක තමා තත්ත්වය. මේ පනත මේ විදියට සම්මත වුණොත් ඒක තමා මේ රටේ විනාශය. සභ්‍යත්වය, සංස්කෘතිය ගැන අම්මා අප්පා ගැන තැකීමක් නොකරන ඇතැම් යුරෝපීය රටවල නීති රීති මේ තවමත් සංවර්ධනය වෙමින් පවතින අපේ රටට අවශ්‍යයද කියන ගැටලුව මතුවෙලා. මෙහෙම ගියොත් ළමයකුට උගන්වන්න හම්බ වෙන්නේ නැහැ. මොන තරාතිරමේ වැඩ කළත් කරබාගෙන ඉන්න වෙනවා.
වැරදි වැඩ කරන ළමයින්ට තරුවටු කරන්න දඬුවම් කරන්න ගිහිල්ලා ලක්ෂ ගණන් දඩ ගෙවන්න හිරේ විලංගුවේ වැටෙන්න ගුරුවරු කැමැති වෙන්නේ නැහැ. මමත් අවුරුදු ගානක් ගුරු වෘත්තිය කළා. අපෙන් ඉගෙන ගත්ත දරුවන් දුටු තැන අපට වැඳ වැටෙනවා. අපිත් වරදට තරවටු කරලා දඬුවම් කරලා තමයි ළමයින්ට ඉගැන්වුවේ. ඒ අය බහුතරයක් ඉහළ තැන්වල ඉන්නවා. අපි ඉගෙන ගත්තෙත් එහෙම තමයි. අපේ ගුරුවරු අපි යහමගට ගන්න එහෙම තමයි කටයුතු කළේ.
ජනාධිපතිතුමා නම් ගමේ මනුස්සයෙක්. මේ රටට අවශ්‍ය නැති නීති රීති ගේන්න එතුමා එකඟ වෙන්නේ නැති බව අපිට විශ්වාසයි. නමුත් මේවා අවශ්‍යයයි කියන පිරිසක් ආණ්ඩුවේ ඉන්න බව අපිට පේනවා. මහ නායක හිමිවරු පවා මේ තත්ත්වයන්ට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළා. නීති රීති තවම සම්මත වෙලා නැහැ කියලා අපි දන්නවා. සම්මත වෙන්න ප්‍රථමයෙන් තමයි මහා සංඝරත්නය වශයෙන් අපේ අදහස් ඉදිරිපත් කරන්නේ. සංස්කෘතිය, සදාචාරය ආගම දහම ඉතිහාසය අමතක කරලා රටක් මොන තරම් දියුණු වුණත් වැඩක් නැහැ.
- සමන්ති වීරසේකර
දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්