ආයෝජන මණ්ඩලය අහෝසි කරන්නැයි ඇමරිකාව කියයි..
විදෙස් ආයෝජන පරිසරය ස්ථාවර කර ගැනීම වෙනුවෙන්, ආර්ථික පරිවර්තන පනතට අදාළ ආයතන 5 පිහිටුවීමට ශ්‍රී ලංකාවට කටයුතු කළ හැකි බව, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2025 -ලංකා ආයෝජන පරිසර වාර්තාව මගින් පෙන්වා දෙයි.
ඒ අනුව, “සෝන්- ශ්‍රී ලංකා, ආර්ථික කොමිසම”, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන කාර්යාලය, ජාතික ඵලදායීතා කොමිසම සහ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ ශ්‍රී ලංකා ආයතනය යනුවෙන් ආර්ථික පරිවර්තන පනතේ එන ආයතන 5 පිහිටු වීමට ක්‍රියා කළ හැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නව වාර්තාව ආණ්ඩුවට පෙන්වා දෙයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම වාර්තාව පළ කරන්නේ විදෙස් ආයෝජන වැඩි කර ගැනීම සඳහා ව්‍යාපාරික හා රාජ්‍ය අංශ වලට උදවු කිරීම අරමුණු කරගෙනය.
ශ්‍රී ලංකාවේ විදෙස් ආයෝජන පරිසරය ස්ථිර නොවන බවත් ආයෝජන ලැබීම සීමාසහිත බවත් ඇමරිකානු රාජ්‍ය දොපාර්තමේන්තුව නව වාර්තාව ඔස්සේ පැහැදිලි කරයි.
ඒ අනුව, ආර්ථික පරිවර්තන පනතට අදාළ ආයතන පිහිටුවා ආයෝජන මණ්ඩලය අහෝසි කරන ලෙස එමඟින් නිර්දේශ කර තිබේ.
ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමේ අරමුණින් 2024 ජූලි මස ආර්ථික පරිවර්තන පනත සම්මත කළත් ආයෝජන මණ්ඩලය තවමත් ක්‍රියාත්මක වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
ආයෝජන සඳහා වන බාධක ඉවත් කිරීම, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ගේ නිලධාරිවාදය නැති කිරීම, ආයෝජන ව්‍යාපෘතියකට අනුමැතිය ලබා ගැනීම ප්‍රමාද වීම වැළැක්වීම, ප්‍රතිපත්ති වල ස්ථාවරභාවය පවත්වා ගැනීම, රාජ්‍ය හිමිකාරීත්වය නැති කර පෞද්ගලීකරණය කිරීම වැදගත් බව කියයි.
ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රධානම ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනය වුවද ඔවුන් සමඟ ස්ථාවර හා විවෘතසම්බන්ධයක් පවත්වා ගැනීම අභියෝගයක් වන බවයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් විදෙස් ආයෝජකයකුට කිසියම් ආයෝජනයකට අනුමැතිය ලබා ගැනීම ඉතාමත් දුෂ්කර කරුණක් වනවා සේම දීර්ඝ කාලයක් ගත වන කරුණක් බවත් එය ඉතාම අපහසු වැඩක් බවත් මෙකී වාර්තාව මඟින් කියයි.
ඒ අනුව ආයෝජන මණ්ඩලය අහෝසි කර, ආර්ථික පරිවර්තන පනත බලාත්මක කර එම පනතේ සඳහන් ආයතන පිහිටුවීමට කටයුතු කළ හැකි බව පෙන්වා දෙයි.
මේ අතර පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ආර්ථික පරිවර්තන පනත සම්මත කළේ ආයෝජන බාධක නැති කිරීම හා ආයෝජන වර්ධනය සඳහාය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එකී පනත 2024 ජූලියේ සම්මත කළත් ඊට අදාළ ආයතන මේ දක්වා පිහිටුවා නැත.
- සචිත්‍ර පෙරේරා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..