වී නිෂ්පාදනය ඉහළ ගියත් හාල් ආනයනය තවත් වැඩි වෙලා..
මෙරට වී නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2024) සියයට 4.1කින් ඉහළ ගොස් තිබුණද එම වර්ෂයේ දී සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ තිස් එක්දහස් තුන්සිය තිස් අටක් (131,338) ආනයනය කොට ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි.
2023 වර්ෂයේ දී මෙරටට සහල් ආනයනය කර ඇත්තේ සහල් මෙට්‍රික්ටොන් විසිනවදහස් හයසිය පහක් (29,605) වන අතර ඒ අනුව 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දී සහල් ආනයනය කිරීම සියයට 343.6කින් තියුණු ලෙස ඉහළ ගොස් ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.
2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දී වී නිෂ්පාදනය වී මෙට්‍රික්ටොන් හතලිස්හය ලක්ෂ අනූ අටදහස් හාරසිය පනස් හතරක් (4,698,454) දක්වා සියයට 4.1කින් ඉහළගොස් තිබුණි. වී නිෂ්පාදනය ඉහළ ගිය ද, එම වර්ෂයේ සහල් මිල විශාල වශයෙන් ඉහළයෑම, ඇතැම් සහල් වර්ගවල සැපයුම සීමිත වීම, සහල් මෝල් හිමියන් හා සිල්ලර වෙළෙඳුන් විසින් ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙළඳපොළ හැසිර වීම යන හේතු නිසා සහල් ආනයනය කිරීමට රජයට සිදුවී තිබුණි. රජය විසින් 2024 වර්ෂයේ දී පොහොර සහනාධාර සැපයීම සඳහා රුපියල් බිලියන 36ක මුදලක් වැයකොට තිබුණි.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..