News Category
From Date
To Date
Maximum Number of Result

ජෝර්ජියාවේ ජනාධිපති මන්දිරයට විරෝධතාකරුවෝ කඩා වදිති

Oct 5, 2025 at 07:44 AM
|

 ජොර්ජියාවේ පැවති නගර සභා මැතිවරණයෙන් පසුව ඊයේ(04) සවස් වරුවේ, ජෝර්ජියාවේ අගනුවර වන ටිබිලිසි නගර්යේදී මහජන විරෝධතා ඇති විය. ගම්මිරිස් ද්‍රාවනය ඉසින තුවක්කු සහ ජල කාලතුවක්කු භාවිත කරමින් එරට පොලිසිය විරෝධතාකරුවන් පලවා හැරීමට උත්සහා කළද විරෝධතාකරුවෝ ජනාධිපති මන්දිරයේ පරිශ්‍රයට කඩා වැදීමට සමත් වූහ.

"සාමකාමී විප්ලවයක්" සිදු කරන බවට මීට පෙර ප්‍රතිඥා දුන් විපක්ෂය විසින් ඡන්ද විමසීම් අර්ධ වශයෙන් වර්ජනය කරන ලද්දාහ.

ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන්  අගමැති ඉරාක්ලි කොබාකිඩ්සේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මූලිකව කළ පුරෝකතනයන්ගෙන් පාලක "Georgian Dream party" පක්ෂය රට පුරා ශක්තිමත් පෙරමුණක් ගත් බවයි.

ජනාධිපති මන්දිරය ඉදිරිපිට වීඩියෝ දර්ශනවලින් ගැටුම තීව්‍ර වන බවක් පෙනීගියේය. නොහික්මුණු ජනකායට සම්පූර්ණ කැරලි මර්දන උපකරණවලින් සැරසුණු සැලකිය යුතු පොලිස් බලකායක් භූමියේදී මුහුණ දෙමින්, ඔවුන් බැටන් පොලු, ගම්මිරිස් ඉසින සහ කඳුළු ගෑස් භාවිතා කරමින් ප්‍රතික්‍රියා දැක්වූහ.

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ද ඇති විය. වීදිවල බාධක ඉදිකිරීමට උත්සාහ කළ ජනතාව විසුරුවා හැරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ජල කාලතුවක්කු ට්‍රක් රථ කිහිපයක් යෙදවූහ.

යුරෝපා සංගමයේ, යුක්රේනයේ ධජ සහ යුක්රේන වර්ණවලින් යුත් ජෝර්ජියානු ධජයේ ප්‍රභේදයක් පවා විරෝධතාකරුවන් රැගෙන යනු දක්නට ලැබුණි. විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ භූමියෙන් නෙරපා හැරීමෙන් පසු, වෙස්මුහුණු පැළඳ සිටි පුද්ගලයින් පිරිසක් අසල පිහිටි ආපනශාලා සහ අනෙකුත් ස්ථානවලට පහර දෙමින්, ජනෙල් කුඩු කරමින්, ගෘහ භාණ්ඩ කඩා ගිනි තබමින් සිටිනු දැකගත හැකි විය.

පසුගිය වසරේ ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවලින් පසු ජෝර්ජියාව ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවයකට මුහුණ දුන් අතර, විරෝධතාවලට යුරෝපා සංගමය සහ අනෙකුත් විදේශීය කණ්ඩායම් විසින් විවෘතව සහාය දක්වන ලදී.

ඡන්දයෙන් පසු බටහිර ගැති විපක්ෂය සති ගණනාවක් විරෝධතා දැක්වූ අතර, මැතිවරණයක් නැවත පවත්වන ලෙස ඉල්ලා සිටි අතර, පරාජයට පත්වූ ජනාධිපති සලෝම් සූරාබිච්විලි විසින් නොසන්සුන්තාවයට පූර්ණ සහාය ලබා දෙන ලදී. ඇය මුලින් තම තනතුරෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ නමුත් අවසානයේ දෙසැම්බර් අගදී පිටව ගියේය.

විදේශ බලවේග රට තුළ යුක්රේන මයිඩාන් පන්නයේ කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවට ජෝර්ජියානු බලධාරීන් නැවත නැවතත් චෝදනා කර ඇත. පසුගිය මාසයේ,අගමැති කොබාකිඩ්සේ කියා සිටියේ මෙම උත්සාහය "යුක්රේන රාජ්‍යය" බිඳ වැටීමට හේතු වූ  "මයිඩාන් කුමන්ත්‍රණය මෙන් විදේශීය විශේෂ සේවාවන් විසින් අරමුදල් සපයන ලද" බවයි.

"විදේශ නියෝජිතයන් ජෝර්ජියාවේ විප්ලවයක් සිදු නොකරනු ඇත, අපි එයට ඉඩ නොදෙමු," අගමැති ඒ අවස්ථාවේදි අවධාරණය කළේය.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩ්‍රේ ඩරාක්වෙලිඩ්සේ මාධ්‍ය හමුවකදී පවසා සිටියේ, අපරාධ නීති සංග්‍රහයේ 317, 187, 222 සහ 225 වගන්ති යටතේ විමර්ශනය පවත්වන බවයි.  , පොලිස් නිලධාරියෙකුට පහර දීම, ජෝර්ජියාවේ ව්‍යවස්ථාපිත නියෝගය ප්‍රචණ්ඩ ලෙස වෙනස් කිරීම හෝ රාජ්‍ය බලය පෙරලා දැමීම, දේපළ හානි හෝ විනාශ කිරීම, කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය සංවිධානය කිරීම හෝ සහභාගී වීම සහ උපායමාර්ගිකව වැදගත් ස්ථාන අල්ලා ගැනීමට හෝ අවහිර කිරීමට උත්සාහ කිරීම යන චෝදනා ඒ අතර වන බව ඔහු ආවරණය කළේය.

“නීතිය ක්‍රියාත්මක කරන්නන් කළ බොහෝ අනතුරු ඇඟවීම් සහ අමාත්‍යාංශයේ නිල ප්‍රකාශ තිබියදීත්, රැලියට සහභාගී වූවන් නීත්‍යානුකූල නියෝගවලට කීකරු වූයේ නැහැ. රැලිය සංවිධානයේදී නීතිය මගින් ස්ථාපිත කර ඇති සීමාවන් ඉක්මවා ගොස් තිබුණා. සංවිධායකයින් ප්‍රචණ්ඩකාරී ප්‍රකාශ නිකුත් කළ අතර, අටෝනෙලි වීදියේ ජනාධිපති මන්දිරයේ බාධකවලට හානි කරමින් ගොඩනැගිල්ලට කඩා වැදීමට ඔවුන් උත්සාහ කළා. ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූවා. ”ඔහු පැවසීය.

මේ අතර ජොර්ජියා පොලිසිය විපක්ෂයේ ආධාරකරුවන් සහ ඔපෙරා ගායක පාටා බර්චුලාඩ්සේ ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. ජොර්ජියානු නීතියට අනුව ඔවුන්ට වසර නවයක් දක්වා සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, රැඳවියන් අතර ගායකයෙකු සහ ක්‍රියාකාරිකයෙකු වන බර්චුලාඩ්සේ මෙන්ම විපක්ෂ එක්සත් ජාතික ව්‍යාපාර පක්ෂ සාමාජිකයින් වන ඉරාක්ලි නඩිරාඩ්සේ සහ මුර්තාස් සොඩෙලාවා, උපායමාර්ගික අග්මාෂෙනෙබෙලි පක්ෂ සාමාජික පාටා මංජ්ගලඩ්සේ සහ විශ්‍රාමික කර්නල් ලෂා බෙරිඩ්සේද සිටින බව පැවසේ. ඔවුන් සියලු දෙනාම "Georgian Dream party" රජය "සාමකාමීව පෙරලා දැමීමේ" ප්‍රකාශිත අරමුණින් මැතිවරණ දින රැලිය සංවිධානය කළ කණ්ඩායමක සාමාජිකයින් වූහ.

රාජ්‍ය බලධාරීන් ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීමට ඉල්ලා සිටීම සහ ප්‍රචණ්ඩත්වය හරහා ව්‍යවස්ථාමය පිළිවෙල වෙනස් කිරීමට උත්සාහ කිරීම මෙන්ම කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය සංවිධානය කිරීම, මෙහෙයවීම සහ සහභාගී වීම යන චෝදනා මත ඔවුන් මේ වන විටත් රඳවා තබා ගෙන සිටී.

විපක්ෂ ක්‍රියාකාරීන්ගේ රැලිය අවසාන වීමෙන් පසු ඔක්තෝබර් 5 වන දින අලුයම දක්වා  සොඩෙලාවා සහ නඩිරාඩ්සේ ජෝර්ජියාවේ පාර්ලිමේන්තුවේ රඳවා ගනු ලැබූ අතර, ගැටුම් හේතුවෙන් ඇතිවූ තුවල වලට  ප්‍රතිකාර ලබා දුන් ටිබිලිසි රෝහලෙන් බර්චුලාඩ්සේ මාංචු දමා රැගෙන යන ලදී. රජය පෙරලා දැමීමට පෙළඹවීම ඇතුළු අපරාධ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසුව සහ "Georgian Dream party" නායකයින් දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට අනතුරු ඇඟවීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු විය.

පාටා බර්චුලාඩ්සේ සහ අනෙකුත් සංවිධායකයින් "ජාතික සභාවක්" ලෙස නම් කරන ලද සමාන්තර මහජන රැලියක් ඇමතීමෙන් පසු අර්ධ වශයෙන් වර්ජනය කරන ලද නාගරික ඡන්දය පැවති දිනයේදී ආතතීන් ඇවිළී ගිය අතර, බලය "ජෝර්ජියානු ජනතාවට" ආපසු ලබා දී ඇති බව ප්‍රකාශ කළහ. නිවේදනයෙන් පසුව, මුර්ටාස් සොඩෙලාවා "පිරිමි බලකායේ" විශේෂ කණ්ඩායමකින් "පළමු පියවර ලෙස ජනාධිපති මන්දිරයේ යතුරු අත්පත් කර ගන්නා ලෙස" ඉල්ලා සිටියේය. ඔහුගේ ඉල්ලීම්වලට පසුව නොසන්සුන්තාවයක් ඇති වූ අතර, එහිදී සමහර විරෝධතාකරුවන් මාලිගාවට කඩා වැදීමට උත්සාහ කළහ.

ජනාධිපති මන්දිරය සහ ඒ අසල පිහිටි ඕර්බෙලියානි චතුරශ්‍රය වටා ගැටුම් ඊයේ(4) රාත්‍රිය දක්වාම පැවතුන අතර, විරෝධතාකරුවන් විශාල පිරිසක් ආතතීන්ගේ කේන්ද්‍රස්ථානයේ සිට මීටර් තුන්සියයක් පමණ දුරින් පිහිටි ටිබිලිසි හි රුස්තවේලි මාවතේ සාමකාමී රැලියක් පවත්වා ගෙන ගියහ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, විරෝධතාකරුවන් හය දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 21 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, එක් නිලධාරියෙකු බරපතල තත්ත්වයේ පසුවෙයි.

පාලක "ඝෙඔර්ගිඅන් ඪ්‍රේම් පර්ට්ය්" පක්ෂයේ ටිබිලිසි නගරාධිපති කකා කලඩ්සේ ජනාධිපති මන්දිරයේ සිදුවීම් "සෘජු කුමන්ත්‍රණ උත්සාහයක්" ලෙස ප්‍රකාශ කළ අතර, විපක්ෂය වගකිව යුතු බව අවධාරණය කළ අතර, අගමැති ඉරාක්ලි කොබාකිඩ්සේ පැවසුවේ "මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවට සම්බන්ධ වූ සෑම පුද්ගලයෙකුම රාජ්‍යය දේපලවලට කළ හානි වලට වගකිව යුතු" බවයි.


සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.