2025 විසර්ජන පනත් කෙටුම්පතට සාපේක්ෂව 2026 ජනාධිපති වැය ශීර්ෂයේ තුන් ගුණයක ඉහළ යාමක්.. 2025 ජනපති අනුර පරදා 2026 ජනපති අනුර ඉදිරියට..
2025 වර්ෂයේ අයවැය ලේඛනයට අනුව ජනාධිපති වැය ශීර්ෂයේ රුපියල් බිලියන 2.9 ක්ව තිබූ ''ජනාධිපති වියදම'' ඉදිරි මුදල් වර්ෂය සඳහා රුපියල් බිලියන 11.37ක් දක්වා හතර ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා වැඩ බලන මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් ''2026 මුදල් වර්ෂයේ සේවා වියදම'' සඳහා විධිවිධාන සැලසීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ''විසර්ජන පනත් කෙටුම්පතට'' අනුව මෙම වැය ශීර්ෂයේ ඉහළයාම පැහැදිලිවම පෙන්නුම් කර තිබිණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ (2024) බිලියන 6.6ක් ව පැවති ජනාධිපති වැය ශීර්ෂයේ ''අනවශ්‍ය යැයි'' තේරුම් ගත් වියදම් කපා හරිමින්, ''ජනතාවට නැති වරප්‍රසාද කිසිම දෙයක් දේශපාලඥයින්ට'' අවශ්‍ය නැතැයි පුරසාරම් දොඩවමින් ''කිරිකෝඩු පුනරුද ආණ්ඩුව'' ජනාධිපති වැය ශීර්ෂය බිලියන 2.9ක් දක්වා අඩු කළේ රටට ''අලුත් පූර්වාදර්ශ'' රැසක් හඳුන්වා දෙමිනි.
එහෙත් අවසානයේ රටේ පවතින යථාර්ථය තේරුම් ගත් වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයෙක් රටක් වෙනුවෙන් කළ යුතු වැඩ කොටස හා වගකීම් කොටස නිසි ලෙස ඉටු කරන්නට තම වැය ශීර්ෂය අනවශ්‍ය පරිදි කප්පාදු කිරීම් නොකර සාමාන්‍යකරණයකට ගෙනවිත් ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය bbc වාර්තා අනුව විග්‍රහවන්නේ 2024 වර්ෂයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැය ශීර්ෂයට වඩා 2026 අනුර කුමාර දිසානායකගේ වැය ශීර්ෂය 72%ක අගයකින් වැඩිවී ඇති බවයි.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ එවන් වැඩිවීමක් දක්නට ලැබුණත් අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය 2024 බිලියන 1.15ක්ව තිබී 2025 වසරේදී එය බිලියන 1.17ක් බවට වර්ධනය වී, නැවතත් 2026 මුදල් වසර වන විට 0.975 අඩුවීමක් පෙන්නුම් කෙරෙන බවද වාර්තා වේ.
ජනාධිපති හා අගමැති වැය ශීර්ෂයේ වසර තුනක්
- 2024
ජනාධිපති රු. බි. 6.6
අගමැති රු. බි. 1.15 - 2025
ජනාධිපති රු. බි. 2.9
අගමැති රු. බි. 1.17 - 2026
ජනාධිපති රු. බි. 11.37
අගමැති රු. බි. 0.975
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්