වසා දැමූ ඇමති බංගලා දවසින් දවස ජරාවාස වෙයි.. කරන දේ ගැන තවමත් තීරණයක් නැහැලු..
ඇමැති බංගලා වසා දමා වසරකට ආසන්න කාලයක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය තවමත් ස්ථිර තීරණයකට පැමිණ නැතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් එම බංගලා දවසින් දවස ජරාවාස වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇමති බංගලා වලට අමතරව පසුගිය කාලයේදී වසා දමා තිබූ ගොඩනැගිලි කිහිපයක් සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලය ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතය එම ගොඩනැගිලි කාලයක් රජයේ නිලධාරීන් පාවිච්චි කළ ඒවා වේ.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමති බංගලා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ළඟදීම තීරණයක් ගනු ඇති බවයි.
ඒ බංගලා ඇතුළු ගොඩනැගිලි සම්බන්ධයෙන් සියලු වාර්තා භාරදී අවසන් බවද ඔහු සඳහන් කළේය. එසේම ඇමැති බංගලාවල යම් යම් අලුත් වැඩියා කිරීම් කරන බව අමාත්‍යවරයා පැවසීය. මේ අතර ඇමැති බංගලා ලබාදෙන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පනහකට වැඩි ප්‍රමාණයක් ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. කොළඹ නගරයේ ඇති ඇමැති බංගලා සංඛ්‍යාව පනස් පහකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..