මානසික ගැටලු නිසා වසරකට 3200ක් දිවි නසාගන්නවා.. මානසික රෝගීන් 20%කින් වැඩිවෙලා..
මානසික ප්‍රශ්න හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයන් තුන් දහස් දෙසීයක් (3200) සියදිවි නසාගන්නා බවත් එසේම වසරකට පාසල් දරුවන් අසූ දෙනකු (80) සියදිවි නසාගන්නා බවත් ඒ අනුව දිනකට පුද්ගලයන් අටදෙනකු සියදිවි නසාගන්නා බවත් අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සජීවන අමරසිංහ පෙරේදා (29දා) පැවැසීය. කෙසේවෙතත් මෙරට සියදිවි නසාගැනීම්වල වැඩිවීමක් පෙන්නුම් නොකරන බවත් සියදිවි නසාගැනීම් අතින් ලංකාව 21 වැනි තැන දක්වා පහළ බැස ඇති බවත් හෙතෙම කීය. ආර්ථික අර්බුද හේතුවෙන් ද සියදිවි නසාගැනීම් වැඩිවූයේ නැතැයි ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම යම් මානසික ගැටලුවක් ප්‍රශ්නයක් ඇත්නම් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 1926 පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන සේවාව අමතා උපදෙස් ලබාගත හැකි බවත් එම දුරකථන ඇමතුම සඳහා කිසිදු මුදලක් අය නොකරන බවත් හෙතෙම කියාසිටියේය.
එසේම, බොහෝ දරුවන් හා වැඩිහිටියන් දවස පුරා ජංගම දුරකථනවලට, ලැප්ටොප්වලට ඇබ්බැහි වී ඇති බවත් මෙය ද මානසික රෝගී තත්ත්වයක් බවත් ඒ මහතා කීය.
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව පෙරේදා (29දා) අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ පැවැති ජනමාධ්‍ය වැඩමුළුවේදී හෙතෙම මේ බව අනාවරණය කළේය.
එම රෝහල් ශ්‍රවණාගාරයේ පැවැති මෙම ජනමාධ්‍ය වැඩමුළුවේදී තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය සජීවන අමරසිංහ මෙසේද කියා සිටියේය.
“විෂාදය හෙවත් ඩිප්ෆ්‍රෙෂන් මානසික රෝගය මෙරට පුද්ගලයන් සියයට 15ක් සියයට 20ක් අතර පිරිසකට තිබෙනවා. මේ තත්ත්වය නිසා අධික දුක දනවන ගතිය, ලිංගික ආශාව අඩුවීම, නින්ද නොයෑම, ආහාර රුචිය අඩුවීම, ඉක්මනින් තරහ යෑම, වැඩකටයුතු අඩපණ වීම වැනි තත්ත්වයන් විෂාදයේ රෝග ලක්ෂණයන් වෙනවා.
මේ වෙනකොට මානසික රෝග සියයට 20කින් විතර වැඩිවෙලා තිබෙනවා. අයිස්, ගංජා, හෙරොයින්වලට ඇබ්බැහි වීම තුළ මානසික රෝග එන්න පුළුවන්. සැකය තුළින් මානසික රෝග එන්න පුළුවන්.
අනිත් මානසික රෝගී තත්ත්වය තමයි ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය. ඒ කියන්නේ අමතක වීමේ රෝගී තත්ත්වය.”
මෙහිදී අදහස් දැක්වූ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මෙසේ පැවැසීය.
“රෝහලේ සුවය ලැබූ රෝගීන් මේ වෙනකොට 500 ක් විතර ඉන්නවා. නමුත් ඒ අයගේ සමහර ඥාතීන් ඒ අයව රැගෙන යන්නේ නැහැ. තම ඥාතීන්ගේ ලිපින සොයාගෙන ගියාම ඒ ලිපිනවල ඒ අය නැහැ. බොරු ලිපින. මේ රෝගීන් අවුරුදු 30 – 40 ක කාලයක් තිස්සේ රෝහලෙන් ප්‍රතිකාර ගත් අය. මොවුන් සුවය ලැබූවත් ඒ අයගේ පවුල්වල ඇති ආර්ථික ප්‍රශ්න නිසා නිවෙස් වෙත ගෙනයන්න ඒ කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා වගේම විවිධ දානපතියන්ගෙන් ලැබෙන ආධාර, ආහාර පාන, ඇඳුම් පැලඳුම් හා වෙනත් පහසුකම් ලබාදෙමින් මේ පිරිස රෝහල් කාර්යමණ්ඩලය ඉතා ආදරයෙන් රැකබලා ගන්නවා. මේ බොහෝ අය වයස්ගතයි. මේ සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව හෝ මැදිහත් වීම ඉතා වැදගත්. පරිත්‍යාගශීලීන්ට මේ අයට ආහාරපාන, ඇඳුම් පැලඳුම් ලබාදීමේ හැකියාවක් පවතිනවා.”
මෙහිදී මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ, විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස්, විශේෂඥ වෛද්‍ය විදුරංග කොතලාවල, විශේෂඥ වෛද්‍ය ගයනි සිරිවර්ධන යන පිරිසද අදහස් පළකළහ.
(දිවයින)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..