සමලිංගික චර්යා ප්‍රවර්ධනයට රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගැනීමට විරෝධය පළ කරමින් මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්..
සමාජ පිරිහීමට හේතු විය හැකි රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති සහ සදාචාර විරෝධී සමලිංගික චර්යා ප්‍රවර්ධනයට රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගැනීම පිළිබඳව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් සිය විරෝධය පළ කර ඇත.
මහානායක හිමිවරුන් මෙම ලිපිය මඟින් පෙන්වා දෙන්නේ, යම් රටක සංස්කෘතික අනන්‍යතාව, ඓතිහාසික උරුමය මෙන්ම සාම්ප්‍රදායික සදාචාර සම්ප්‍රදායන් නොසලකා, හුදෙක් පටු අදහස් හෝ අන්ධානුකරණය මත පදනම්ව රාජ්‍ය පාලනය මෙහෙයවීමට උත්සාහ දැරීම රාජ්‍යය අරාජිකත්වයට සහ සමස්ත සමාජයම බිඳ වැටීමට හේතුවන බවයි.
වර්තමාන රජය ගෙන ඇති යම් යම් පියවර මගින් එවැනි සාරධර්ම අරාජිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කළ හැකි බව උන්වහන්සේලා පෙන්වා දෙති.
ඊට උදාහරණ ලෙස, දණ්ඩ නීති සංග්‍රහයේ 82 වන වගන්තියට යෝජිත ශාරීරික දඬුවම් පිළිබඳ සංශෝධනයක් හඳුන්වාදීම සහ සංචාරක සංවර්ධන අධිකාරිය හරහා සමලිංගික සේවනය පදනම් කරගත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබාදීම යන කරුණු දක්වා තිබේ.
බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ විශිෂ්ටත්වය සහ ඒවා තිරසාර සමාජ සංවර්ධනයකට දායක වන ආකාරය පිළිබඳව නිරන්තරයෙන් අදහස් දක්වන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරනු ඇතැයි නායක හිමිවරු අපේක්ෂා කරති.
එමෙන්ම, මෙම සදාචාර විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද උන්වහන්සේලා වැඩිදුරටත් ඉල්ලා සිටිති.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්