සමලිංගික සේවනය ප්‍රචලිත කර ශ්‍රී ලංකාව ගණිකා කලාපයක් කරන්න එපා - ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ
බුදුදහම මූලික කරගත් දේශීය සංස්කෘතියට ගරු කරන ශ්‍රී ලංකාව වැනි රටක නිර්ලජ්ජිත සම ලිංගික සේවනය ප්‍රචලිත කිරීමට උත්සාහ දරන පුද්ගලයන්ට තරයේම විරුද්ධ වන බවත් මෙරට ගණිකා කලාපයක් නොකරන ලෙස සියලු බලධාරීන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින බවත් ජාතික සාමුහිකයේ ක්‍රියාකාරි සාමාජික ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ ඇඹුල්දෙණියේ පිහිටි ජාතික සාමුහික ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සුපුන් ජයසිංහ මහතා මෙසේද කීය.
“සම ලිංගික ක්‍රියාව සමාජයේ ඉතාමත් අශෝභන ක්‍රියාවක්. සංචාරක කර්මාන්තය ප්‍රගුණ කිරීම සඳහා යම් පිරිසක් විසින් මෙය අර්ථ ගන්වා ඒ හේතුවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමක් තමයි මෙමගින් සිද්ධ වෙන්නේ. අපේ රටේ අහිංසක පවුල්වල දරුවන් තමයි මේවාට බිල්ලට ගන්නේ. අපේ රටේ සාරධර්ම, බුදුදහම පමණක් නොව අනිකුත් ආගම් ද මෙම ක්‍රියාව නිසා පිරිහෙනවා. මෙවැනි අශෝභන ක්‍රියා මෙරට ස්ථාපිත කිරීමට එරෙහිව ලංකාවාසි අප සියලු දෙනාම තරයේම විරුද්ධ විය යුතුයි”
එහිදී ජාතික සාමුහිකයේ විධායක කමිටු සාමාජික වින්දන විදුර කුමාර මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“2025 වසර සඳහා යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදකාරි තත්ත්වයක් ඇති වී තිබෙන නිසා ගුරුවරුන් යම් කලකිරීමකට පත්වී සිටිනවා. එය ඉතාමත් කනගාටුදායකයි. ඉතාමත් ගරු සේවයක් ලබාදෙන ගුරුවරයා අගය කළ යුතුයි.”
- ධර්මසේන වැලිපිටිය
දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..