මොනම රජයකටවත් වනචාරි යුගයකට අපේ රට ගෙනියන්න ඉඩ දෙන්න බැහැ! රටේ සංස්කෘතිය විනාශ කිරීමට ගන්නා තීරණ රටේ ඉහළම තනතුරු දරන කෙනා දන්නේ නැතිව ඇති කියා අපි විශ්වාස කරනවා- අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි
පසුගියදා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ දිව්‍ය පූජාවකට සහභාගි වෙමින්,මෙරට සංස්කෘතියට හා ආගමික ඉගැන්වීම්වලට හානිකර රජයේ ඇතැම් ක්‍රියාමාර්ග සහ යෝජනා දැඩි ලෙස විවේචනයට ලක් කරනු ලැබූහ.
පාසල් දරුවන්ට කොන්ඩම් බෙදීමට යෝජනා කිරීම සහ සමලිංගික සංචාරකයින් සංවිධානාත්මකව මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළ උන්වහන්සේගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
එහිදී කාදිනල් හිමිපාණන් අවධාරණය කළේ අපේ රටේ සංස්කෘතිය විනාශ කරන වැඩ පිළිවෙලවල් මගින් “වනාචාරී යුගයකට අපේ රට ගෙනියන්න ඉඩ නොදෙන” බවයි.
ලිංගික අධ්‍යාපනය සඳහා පාසල්වල දරුවන්ට කොන්ඩම් බෙදා දිය යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් උන්වහන්සේ දැඩිව ලෙස විවේචනය කළහ.
“කවුද මේ පිස්සු කතා, මේ පිස්සු වැඩ යෝජනා කරන්නේ?. මේ අපේ රට! මේ ලංකාවද ඇමෙරිකාවද එංගලන්තෙද ඕස්ට්‍රේලියාවද? ” යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ.
මෙම තීරණ රටේ ඉහළම තනතුරු දරන පුද්ගලයා දන්නවාදැයි තමන් නොදන්නා බවත්, ඔහු නොදන්නේ යැයි තමන් විශ්වාස කරන බවත් උන්වහන්සේ පවසා සිටියහ.
යම් විදියකින් ඔහු මේ කාරණා නොදන්නේ නම් වහාම ඒවා නවත්වන ලෙස උන්වහන්සේ බලකර සිටියහ.
ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් මෙරට තුළට නිදහසේ සමලිංගික සම්භවයක් දරන සංචාරකයින් සංවිධානාත්මක ලෙස ගෙන ඒමට ඉඩ දිය යුතු බවට ලිපියක් යවා ඇති බවද කාදිනල් හිමිපාණෝ අනාවරණය කර සිටියහ.
ආදරය, ප්‍රේමය, කරුණාව වැනි උතුම් ගුණාංග සහ ආගමික ඉගැන්වීම් පසෙකට දමා ලිංගිකත්වය උඩින්ම තියාගෙන මේ රට තුළට මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට “මොනම රජයකටවත් අපිට ඉඩ දෙන්න බැහැ” යනුවෙන් පැවසූහ.
විදේශ විනිමය සංචිතය ඉහළට දැමීම වැදගත් බව පිළිගන්නා නමුත්, ඒ සඳහා අපේ සමාජය විකෘති මානසිකත්වයක් වෙත යොමු කිරීම වැරදි බව කාදිනල් හිමිපාණෝ පවසා සිටියහ.
“අපේ ඇඟ විකුණලා අපිට රට කන්න බොන්න හොයාගන්න ඕන කමක් නෑ” උන්වහන්සේ අවධාරණය කළහ.
සමහර ක්‍රිස්තියානි යැයි කියාගන්නා රටවල් වල සංස්කෘතිය මේ වන විට විනාශ වී ඇති බවත්, කාන්තාවන් දෙදෙනෙකු කසාද බැඳීම, හෝමෝන ගෙන රැවුලක් හදාගෙන කසාද බැඳීම වැනි ක්‍රියා කසාද ජීවිතයක් ලෙස ගත කළ හැකිද යන්න ප්‍රශ්න කරමින් මේවා “විහිළු” ලෙස උන්වහන්සේ හැඳින්වූහ.
රටේ සංස්කෘතිය පිරිහීමට ලක් කරන මෙම ක්‍රියාකාරකම් කරන රජයේ නිලධාරීන් වහාම ඉවත් කළ යුතු බවත් ඔවුන් එම පුටුවල තබා අපේ සමාජය පිරිහීමට ලක් කිරීමට ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේගේ ස්ථාවරය බව පැවසූහ.
විශේෂයෙන්ම බුද්ධාගමයේ සිද්ධාන්ත අනුව අවුරුදු දහස් ගණනක් තිස්සේ හැදුණු සංස්කෘතියක් අප රට සතු වන අතර, එම සංස්කෘතිය ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය බව උන්වහන්සේ කියා සිටියහ.
“දූෂිත මග ගමන් කරන්නට තෝරා නොගන්න ලෙස” ජනාධිපතිතුමන් ඇතුළු මේ රජයෙන් කරුණාවෙන් හා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ “අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්” බව උන්වහන්සේ දැඩිව අවධාරණය කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්