ගල් අඟුරු කිරීමේ ටෙන්ඩරය හිතවතාට දෙන්න ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරලා පෙරටුගාමීන් කියයි
ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීමෙන් බරපතළ දූෂණයකට පාර කැපි ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ "උත්තරය අපි" තේමාව යටතේ පොළොන්නරුව, බැඳිවැව සුජා හෝටල් ශාලාවේ අද (28) පැවති සම්මන්ත්‍රණයේදීය.
පුබුදු ජයගොඩ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
පසුගියදා සැප්තැම්බර් 15 වැනිදා විදුලි ජනනයට අදාල ගල් අඟුරු සැපයිමේ ටෙන්ඩරය විවෘත කළා. ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ ට්‍රයිඩන්ට් චෙම්පර් නම් සමාගමට හිමිවුණා. ඒ ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කළාද කියන සැකය මතුවෙනවා.
ලංකා ගල් අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල් අඟුරු අවම වශයෙන් මෙට්‍රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල් අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ.
නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් මිලියන 1 සිට මෙට්‍රික් ටොන් 100,000 දක්වා සියයට 90කින් අඩු කරලා. මේක පැහැදිලිවම සැක සහිතයි.
අනෙක මේ සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සැපයීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා.
පෙනෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල් අඟුරු ටෙන්ඩරය දුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශිය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා. ලංකාවේ වංචා හා දූෂණ සිදු කරන්නේ දේශපාලඥයන් - ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් - ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් යන තුන් කට්ටුව එකතු වුණු ජාලයකින්. දූෂණ විරෝධයේ නමින් අවධානය යොමු කළේ දේශපාලඥයන්ට පමණයි. දැන් දේශපාලඥයන් නැතිව ජාලය ක්‍රියාත්මක වෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..