“එයා කැමැත්තෙන් ඉල්ලුවා. මම කැමැත්තෙන් දුන්නා” යන 'පාන් තියරියෙන්' අල්ලස් දැල මඟහැර යන්න බෑ”- කොමිසමේ සභාපති කරයි
“එයා කැමැත්තෙන් ඉල්ලුවා. මම කැමැත්තෙන් දුන්නා” යන “පාන් න්‍යාය” (BREAD THEORY) අල්ලසක් හෝ දූෂණයක් නොවේ යැයි කිසිවෙකුට කිව නොහැකි බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල පවසයි.
2024 වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මක් සඳහා පැවැත් වූ සමීක්ෂණයක් මගින් මහජන මතය අනුව අල්ලසට හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන 10ක් තෝරා ගෙන ඇති බව ද සභාපතිවරයා කීය.
එම තෝරා ගත් ආයතන අතර පළමුව පොලිසියත්, දෙවනුව දේශපාලනයත්, තුන්වනුව රේගුවත් පවතිද්දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පාසල්, අමාත්‍යාංශ, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, පළාත් සභා, විදේශ රැකියා කාර්යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය පිළිවෙළින් පවතින බව ඉද්දවල මහතා පැවැසීය.
ඒ අනුව කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි හා ඉන් සිදු කරන ලද පරීක්ෂණ අනුව ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපා ඇති ආයතන පහක් හඳුනාගෙන ඇති බවත් රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය ඒවා බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
නීතිය හා සාමය නිසි පරිදි රටේ ක්‍රියාත්මක නොවීම, “දූෂිත සංස්කෘතිය” රට තුළ ජනිත වීම මෙන් ම, අල්ලස හා දූෂණය පිළිබඳ මහජනතාව පියවර නොගැනීම දූෂණ වැඩි වීමට බලපා ඇති කරුණු ලෙස හඳුනාගෙන ඇති බවද ඔහු කීය.
ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා පරිපාලන වෘත්තිකයන්ගේ ආයතනය හා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සංවිධානය කළ දේශනයක් අමතමිනි.
ජාතික සංවර්ධනය සඳහා අවංකභාවය, විනය, විනිවිදභාවය හා සුපිළිපන් පාලනය යන මාතෘකාව ඔස්සේ මෙම දේශනය සංවිධානය කර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..