රජයේ ලොක්කෙක් ජපාන ආයෝජකයන් හරවා යවලා.. පෝයදා එළියෙදි සාකච්ඡා කරමු කියලා..
ශ්‍රී ලංකාවේ ආයෝජනයකට පැමිණි ජපානයේ ආයෝජකයන් පිරිසකට ඉහළ පෙළේ නිලධාරියකු සාකච්ඡාවකට අවස්ථාවේදී ඉන් මගහැර යෑම හේතුවෙන් එම ආයෝජකයන් පිරිස කලකිරීමට පත්ව ආපසු හැරී ගොස් ඇතැයි වාර්තාවේ.
පසුව එම නිලධාරියා පෝය දිනයක වෙනත් ස්ථානයක සාකච්ඡා කිරීමට යෝජනා කර ඇති අවස්ථාවේදී එම ආයෝජකයන් එය ප්‍රතික්ෂේප කර ඇත.
මේ සිද්ධියවූයේ මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රජයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යාංශ උසස් නිලධාරියෙකු හමුවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී බව එම ජපන් ආයෝජකයන් පිරිස සම්බන්ධීකරණය කළ රාජපුත්‍ර සමූහ ව්‍යාපාරයේ සභාපති සජීව් රාජපුත්‍ර මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
”ඇත්තෙන්ම මට ඕන වුණේ මේ රට වෙනුවෙන් මේ වටිනා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක කරලා මාර්ග අනතුරුවලින් මියයන මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. මේක මටම දෙන්න කියලා දෙයක් නැහැ. වෙන කවුරු හරි මේ වැඩේ ක්‍රියාත්මක කළත් කමක් නැහැ. මම මේ වැඩ පිළිවෙල රජයට ඉදිරිපත් කරන්න සූදානම්. ක්‍රියාත්මක කරන නොකරන එක ඒගොල්ලන්ට අයිති වැඩක්. මම මේ වැඩේට ඉදිරිපත් වුණේ රට ගැන හිතලා බොහොම සද්භාවයෙන්” යැයි රාජපුත්‍ර මහතා එහිදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව නොදීමෙන් තමා මෙන්ම ජපන් ආයෝජකයන් පිරිස දැඩි අපහසුතාවයට පත්වූ බවත් එම ජපාන ආයෝජක පිරිස මෙහි කැඳවීමට සහ නවාතැන් සැපයීමට තමාට ලොකු පිරිවැයක් දැරීමට සිදුවූ බවත් සජීව් රාජපුත්‍ර මහතා ප්‍රකාශ කළේය.
මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩ පිළිවෙළ වසර අටක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වුණු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
(සුජිත් හේවාජුලිගේ)
Lankadeepa
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..