වෙනිසියුලාවේ අභ්‍යන්තරයට පහර දිමට අමෙරිකාව ව්‍යාජ හේතු නිර්මාණය කරමින් සිටිනවා- එන්බීසී පුවත් සේවය පවසයි
වෙනිසියුලාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි පවසන අයට පහර දීම සඳහා එක්සත් ජනපදය “විකල්ප සූදානම් කරමින්” සිටින බව එන්බීසී පුවත් සේවය වාර්තා කරනු ලැබූවේ නම් නොකළ ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමිනි.
පසුගිය සතිවලදී, වොෂින්ටනය ලතින් ඇමරිකානු කළාපයට අයත් රටක් වන වෙනිස්යුලානු රාජ්‍යට්ය අයත් මුහුදු වෙරළට ඔබ්බෙන් මත්ද්‍රව්‍ය රැගෙන ගිය බවට චෝදනා කරමින් අඩුම තරමින් බෝට්ටු තුනක්වත් ගිල්වා ඇති අතර ඒ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් ඇත. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයැයි කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම ප්‍රහාර තමා බලයෙන් පහ කිරීම සඳහ එක්සත් ජනපදය ගන්න උත්සාහයක කොටසක් බව අවධාරණය කළේය.
වෙනිසියුලාවට බෝම්බ හෙලීම ඉදිරි “සති කිහිපය” තුළ සිදුවිය හැකි බව එන්බීසී ප්‍රවෘත්ති සේවය අද(27) වාර්තා කළේය. කෙසේ වෙතත්, එහි මූලාශ්‍රවලට අනුව, මෙම පියවර තවමත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුමත කර නොමැත.
නිලධාරීන්ට අනුව, වොෂින්ටනයේ සිදුවන සාකච්ඡා වලට අනුව ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය රසායනාගාරවලට මෙන්ම ජාවාරම් කණ්ඩායම්වල සාමාජිකයින්ට සහ නායකයින්ට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමද ඇතුළත් වේ.
කැරිබියන් දූපත් වලට එක්සත් ජනපද යුද නැව් සහ ගුවන් යානා යෙදවීම සහ බෝට්ටුවලට එල්ල කරන ප්‍රහාර “මධුරෝගේ බලයේ ග්‍රහණය දුර්වල කර ඇති බවක් හෝ සැලකිය යුතු ප්‍රතිචාරයක් ඇති කර ඇති බවක් නොපෙනේ” යැයි ට්‍රම්ප් පරිපාලනයේ සමහරු කලකිරීමට පත්ව සිටින බැවින් එක්සත් ජනපදය තවදුරටත් ප්‍රහාර උත්සන්න කිරීම් සලකා බලමින් සිටින බව තවත් ප්‍රවෘත්ති මූලාශ්‍රයක් පැවසීය.
ට්‍රම්ප් “අපේ රටට මත්ද්‍රව්‍ය ගලා ඒම නැවැත්වීමට සහ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා ගැනීමට ඇමරිකානු බලයේ සෑම අංගයක්ම භාවිතා කිරීමට සූදානම්” යැයි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් එන්බීසී පුවත් සේවය වෙත පවසා තිබුණි.
ඒ සමඟම, එක්සත් ජනපදය සහ වෙනිසියුලාව නිශ්චිත නොවන මැද පෙරදිග අතරමැදියන් හරහා එකිනෙකා සමඟ කතා කරමින් සිටින අතර, ආතතීන් සමනය කිරීම සඳහා මදුරෝ ට්‍රම්ප්ට යම් සහන ලබා දුන් බව එක් මූලාශ්‍රයක් ප්‍රවෘත්ති සේවයට පැවසීය.
සිකුරාදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් පින්ටෝ “අපේ හිස මත එල්ලී ඇති නීති විරෝධී සහ සම්පූර්ණයෙන්ම දුරාචාර මිලිටරි තර්ජනය” සම්බන්ධයෙන් එක්සත් ජනපදය හෙළා දකින බව පැවසුවේය.
කැරකස් පරිපාලනය අමෙරිකානු මඇදිහත්වීම “අධිරාජ්‍යවාදී ආක්‍රමණයක්” ලෙස හඳුන්වමින් අමෙරිකානු ක්‍රියා කලාපයට විරුද්ධ වන බව අමාත්‍යවරයා අවධාරනය කළ අතර ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඉල්ලා සිටියේය.
"වෙනිසියුලාව පීඩනයට හෝ තර්ජනවලට යටත් නොවනු ඇත. අපගේ ස්වෛරීභාවය සහ විදේශ මැදිහත්වීම් වලින් තොරව සාමයෙන් ජීවත් වීමේ අපගේ අයිතිය ආරක්ෂා කිරීමට අපි අධිෂ්ඨානශීලීව කැපවෙනවා." ඔහු පැවසීය.
US ‘preparing options’ for strikes inside Venezuela – NBC
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා