කාලයෙන් කාලෙට එක එක කතා කිව්වට අවුරුදු 40කින් රටේ භෝග සංගණනයක් කර නෑ – ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
කාලයෙන් කාලෙට රටේ භෝග හිඟයක් ඇති වන බවට බලධාරීන් ප්‍රකාශ කළත් අවුරුදු 40 කින් රටේ භෝග සංගණනයක් සිදුකර නැතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ (25දා) පැවැසීය.
රටේ කීරි සම්බා සහ සම්බා සහල් හිඟ බවට සෑම වර්ෂයකම පාහේ බලධාරීන් ප්‍රකාශ කළත් රටේ නාඩු, සම්බා, කීරි සම්බා ඇතුළු සහල් කොපමණ ප්‍රමාණයක් රටට අවශ්‍ය ද, ඒ සඳහා කොපමණ වී වගා කළ යුතු ද යන්න සම්බන්ධයෙන් කිසිදු සංගණනයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය නිසි මැදිහත්වීමක් සිදුකර සොයා බැලීමක් නොකරන බව ද තෙන්නකෝන් මහතා කීය.
ඒ ආකාරයෙන් පොල්, කෙසෙල් ඇතුළු අනෙකුත් භෝගත් වර්ෂයකට කොපමණ අවශ්‍ය ද යන්න නිසි සංගණනයක් සිදුකර අවශ්‍යතාව හඳුනාගෙන නොමැති බවත්, එවැනි සංගණනයක් සිදු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තාවක් ලබාදුන්නත් බලධාරීන් ඒ ගැන නිසි අධ්‍යයනයක් හෝ ඉදිරි පියවරක් නොගත් බවට තෙන්නකෝන් මහතා චෝදනා කළේය.
රටේ කීරි සම්බා සහ සම්බා හිඟය දෙතුන් දෙනකු අතර පවතින සහල් මාෆියාවක් බවත්, එය මැඩ පැවැත්වීමට බලධාරීන් යල සහ මහ දෙකන්නයේ අවශ්‍යතාවට එම වී වර්ග වගා කිරීමට ගොවීන් යොමු කරන බවක් පෙනෙන්නට නොමැති බවත් ඒ මහතා කීය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..