මිද්දෙනියට පැන්නූ කන්ටේනර් දෙක මුදාගන්න මුදල් ගෙවූ ලියකියවිලි හමුවෙලා..
පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභාපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා නවාතැන් ගෙන සිටි නිවසකින් අයිස් මත්ද්‍රව්‍ය නිපදවන බවට සැක කෙරෙන ද්‍රව්‍ය ප‍්‍රවාහන කළ බවට සැකපිට විමර්ශන ආරම්භ වූ අදාළ කන්ටේනර් දෙකට අයත් ලියකියවිලි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සොයාගෙන තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබූ බවට සැක කෙරෙන එම කන්ටේනර් දෙක වරායෙන් නිදහස් කර ගැනීම සඳහා මුදල් ගෙවූ රිසිට් පත් ද එම ලියකියවිලි අතර තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රකාශ කළේය.
මෙම කන්ටේනර්වලට අදාළ ලියකියවිලි හමු වී ඇත්තේ මිදදෙනිය පදිංචි කරුවෙකු ඔහු සතුව තිබියදීය. එම පුද්ගලයා සතුව තිබී සම්පත් මනමපේ්රිගේ ජංගම දුරකථනය ද සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළ අතර, ඔහුට අයත් බැංකු කාඩ් පත් හතරක්ද එම නිවසින් හමු වී තිබේ.
කෙසේ වෙතත්, සම්පත් මනම්පේරිගේ නීතිඥවරුන් පසුගිය 17 වැනිදා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය බවට සැක කරන බහලුම් දෙක වරායෙන් නිෂ්කාශනය කිරීමට හෝ මිද්ෙදණිය වෙත රැගෙන ඒමට සම්පත් පේරි සම්බන්ධ නොවූ බවයි.
ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නේ එම කන්ටේනර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවක් මතුවීම හේතුවෙන් සම්පත් මනම්පේරි ඉදිරිපත් වී ඒවා දැවීමට කටයුතු කර ඇති බවයි.
නමුත්, සම්පත් මනමපේ්රිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් ඔස්සේ විමර්ශන සිදු කළ පොලිසිය, ඔහුට නවාතැන් සහ ප්‍රවාහණ පහසුකම් සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට භාර වීමට පෙර පොලිසියෙන් සැඟවී සිටි සම්පත් වන්නි ආරච්චිගේ පේරි හට එම පහසුකම් සපයා තිබුණේ විදුලිබල මණ්ඩල සේවකයෙක් විසිනි.
මීට පෙර අනාවරණය වූයේ සම්පත් මනමපේ්රි බැකෝ සමන්, කෙල්බද්ධර පද්මේ’ සහ තැඹිලි ලහිරු යන සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධතා පවත්වා ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ