තංගල්ලේ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු රැසක් එළියට..
මීට දින කිහිපයකට පෙර සීනිමෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වූ සිද්ධියේ ප්‍රධාන චූදිතයෙකු වන, පසුව රෝහලේදී මියගිය පුද්ගලයාගේ පුත්‍රයා, පොලිස් පරීක්ෂණ හමුවේ තීරණාත්මක කරුණු රාශියක් හෙළි කර ඇත. මෙම තරුණයා දැනට පොලිස් අත්අඩංගුවේ පසුවේ.
සිදුවීම සහ අත්අඩංගුවට ගැනීම සිදුවීම වාර්තා වූයේ, සීනිමෝදර ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරමින් තිබූ නිවසක් තුළදී තරුණයින් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මියයාම සහ තවත් 50 හැවිරිදි පුද්ගලයෙකු තංගල්ල – විතාරන්දෙණිය ප්‍රදේශයෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි. මියගිය මෙම වැඩිහිටි පුද්ගලයාගේ පුත්‍රයා වන මෙම සැකකරු පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවේ පසුවන පුත්‍රයා පොලිසියට හෙළි කර ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ආ ආකාරය පිළිබඳ සම්පූර්ණ තොරතුරුය.
සැකකරුට අනුව, පසුගිය 21 වැනිදා රාත්‍රී 7.00ට පමණ තම පියා, මියගිය තරුණයින් දෙදෙනා, අත්අඩංගුවේ පසුවන කොමඩු ලොරි රථයේ හිමිකරු සහ තවත් පළාගිය පුද්ගලයෙකු සමඟ තමන් සීනිමෝදර මහවැල්ල වෙරළට පැමිණ ඇත.
රාත්‍රී 11.30ට පමණ මත්ද්‍රව්‍ය රැගත් ධීවර යාත්‍රා දෙකක් වෙරළට ළඟා වී තිබේ. එහිදී එක් යාත්‍රාවක් ගොඩබිමේදී පෙරළී ගොස් ඇති අතර, යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගය වෙරළට වැටී තිබී ඇත.
අනතුරුව, එම මත්ද්‍රව්‍ය තොගය ලොරි රථ යොදාගෙන සීනිමෝදර පිහිටි අදාළ නිවස වෙත ප්‍රවාහනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ නිවසට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගය ඇසුරුම් කිරීමේ කටයුත්ත තම පියා සහ මියගිය තරුණයින් දෙදෙනා විසින් සිදු කළ බවයි. ඔවුන් නිවසේ දොර අගුළු දමා මෙම කටයුත්ත සිදු කර ඇති අතර, ඇසුරුම් කළ පාර්සල් පසුව තමා විසින් අදාළ ලොරි රථවලට පටවා ඇති බව ද ඔහු වැඩිදුරටත් පාපොච්චාරණය කර තිබේ.
මෙම සිදුවීමට සම්බන්ධ අනෙක් ලොරි රථ 3හි ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා ද අත්අඩංගුවට ගෙන ඇත.
එක් සැකකරුවෙකු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 29 වැනිදා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම අදාළ ලොරි රථ තුන පරීක්ෂා කිරීමේදී, හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 284යි ග්‍රෑම් 414ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 420යි ග්‍රෑම් 760ක් සොයාගෙන ඇත.
සොයාගත් සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 705යි ග්‍රෑම් 174ක් වන අතර, එහි මුදල් වටිනාකම රුපියල් මිලියන 9,888ක් බව පොලිසිය සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ