ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල අඩුපාඩු තියෙන්න පුලුවන්.. ඒවා යළි හදනවා.. - නලින්ද ජයතිස්ස
රජයේ මැති ඇමතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශවල යම් අඩුපාඩු පැවතිය හැකි යයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ පල කලේ ඇතැම් මැති ඇමතිවරුන් තම දේපළවල සත්‍ය වටිනාකම් සහ වැටුප් තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා නොදුන්නේ මන්දැයි මාධ්‍යවේදිනියක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙවර වත්කම් බැරකම් ප්‍රකාශ පිරවීමේදී විශාල තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කිරීමට තිබූ බවත්, යම් යම් වත්කම්වල වටිනාකම් සම්බන්ධයෙන් තිබිය හැකි අඩුපාඩු පසුව නිවැරදි කිරීමට අවස්ථාව ඇති බවත් ඔහු පැවසීය.
“මෙවර ගොඩක් විස්තර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. සමහර අඩුපාඩුකම් තියෙන්න පුලුවන්,මිල සම්බන්ධයෙන්,වටිනාකම් සම්බන්ධයෙන්. ඒවා නිවැරදිකර ගන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ තමන්ට ඉදිරිපත් කළ හැකි සියලු වත්කම් පිළිබද ලේඛනගත කර තිබෙනවා. ඒවායේ තාක්ෂණික අඩුපාඩුකම් නිවැරදි කරගන්න පුළුවන්.
වඩා වැදගත් දේ තමයි වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන එක. දැන් ඔබට බලාගන්න පුලුවන් ඒ වත්කම්වලට අදාළ වර්තමාන වෙළෙදපොළ වටිනාකම් කීයද කියලා. සමහර ඉඩම් මීට අවුරුදු දහය පහළොවකට කලින් ලැබුණු ඒවා හරි ගත්ත ඒවා හරි. ඒවායේ වර්තමාන මූල්‍ය වෙළෙදපොළ වටිනාකම් තක්සේරු කළ යුතුයි. ඒවා නිවරදි කරගන්න පුළුවන්. වඩා වැදගත් දේ තමයි අමාත්‍යවරු සහ රජය නියෝජනය කරන දේශපාලඥයින් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කරලා හෙළිදරව් කරන එක”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ