ජනපතිගේ සහ මැති ඇමතිලාගේ වත්කම් ප්‍රකාශයෙන් සැඟවූ තොරතුරු ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
2023 අංක 9 දරණ දූෂණ වීරෝධී පනත සම්මත කරලා වත්කම් ප්‍රකාශයක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අපි ගත් තීරණයෙන් වත්මන් ආණ්ඩුව බරපතල අමාරුවක වැටිලා. මේ පනත සම්මත කරන්න කලින් වත්කම් ප්‍රකාශය කියන්නේ රහසිගත ලේඛණයක්. අපි ලේඛණය සකසලා අලවපු ලියුම් කවරයක සීල් කරලා තමයි භාර දුන්නේ. අධිකරණ නියෝගයකින් විතරයි ඒක විවෘත කරන්න පුළුවන්. නමුත් නව පනතින් ඒක වෙනස් වුණා. පෞද්ගලික තොරතුරු හැර අන් සියල්ලම අල්ලස් කොමිසම විසින් ප්‍රසිද්ධ කළ යුතුයි. අවාසනාවට මාලිමා නායකයින් මෙහෙම පනතක් සම්මත වෙන බව දැනගෙන ඉඳලා නෑ. ඒ නිසා මේ අය කිසිම බයක් නැතිව වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නත් වැදගත් තොරතුරු සඟවන්නත් කටයුතු කරලා තිබෙනවා.
කතා බහට ලක් වන මේ වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරලා තිබෙන්නේ 2024 අප්‍රේල් 1 දා සිට 2025 මාර්තු 31 දක්වා කාලයට. 2024 ජූනි 13 සිට 15 දක්වා එංගලන්තයේ සංචාරයක ජනාධිපතිතුමා නිරත වුණා. එතුමාට ඒකට ගුවන් ටිකට්පත්වලට මුදල් ගෙව්වේ කවුද? හෝටල් වලට ගෙව්වේ කවුද? මේ තොරතුරු සියල්ලම වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි. නමුත් ජනාධිපතිතුමා මේ තොරතුරු දාලා නෑ. ඒ වගේම එතුමා 2024 දී ඉන්දියාවේ සහ කැනඩාවේ සංචාර වල නිරත වුණා. මේවාට වියදම් කලේ කවුද කියන එක වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි. ඒ වගේම ජනාධිපතිතුමා අනුරාධපුරයේ ගියාම ජනපති මන්දිරයේ නතර වෙන්නේ නෑ. නතර වෙන්නේ ප්‍රමිෂ්කා නෝනාගේ හමිං බර්ඩ් හෝටලයේ කියලා මාලිමාවෙන්මයි කිව්වේ. එහෙම නම් ඒ තොරතුරු වත්කම් ප්‍රකාශනයේ “8.2 ත්‍යාග ඇතුළු සංචාර ප්‍රතිපූර්ණයන්” යටතේ දාන්න ඕනි. නමුත් ඒක දාලා නෑ.
ජනාධිපතිතුමාගේ 2025-26 වත්කම් ප්‍රකාශනය මීටත් වඩා රසවත් වේවි. 2025 මැයි මාසයේ දී ජනාධිපතිතුමා පෞද්ගලික ගුවන් යානාවකින් වියට්නාමයේ සිට ලංකාවට ආවා. ඒ යානාවට වියදම් කලේ කවුද කියන එකට ආණ්ඩුව විවිධ කතා කිව්වා. මුලින්ම වියට්නාම් ආණ්ඩුව කිව්වා. ඊ ලඟට එක්සත් ජාතින්ගේ වෙසක් උත්සව කමිටුව කිව්වා. ඊටත් පස්සේ වියට්නාම රාජ්‍ය නොවන සංවිධානයක් කිව්වා. ඒ ගමනට අනුග්‍රහය දැක්වූයේ කවුද කියන එක වගේම එහි වටිනාකමත් අද දක්වා අබිරහසක්. මී ලඟ වත්කම් ප්‍රකාශනයෙන් මේ අබිරහස් ගමන පිළිබඳ ඇත්ත දැන ගන්න අපට පුළුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
වත්කම් ප්‍රකාශනයේ සඳහන් නොකර තොරතුරු සැඟවීම බරපතල දඬුවම් ලැබෙන වරදක්. යම් වත්කමක් සඟවා තිබුණොත් ඒ වත්කම රාජසන්තක කරන්න පුළුවන්. ඒ වගේම තොරතුරු සැඟවූවොත් රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ වසරක සිර දඬුවමක් ලැබෙන්න පුළුවන්.
මේ වරද කරලා තිබෙන්නේ ජනාධිපති විතරක් නොවේ. නලින් හේවගේ මන්ත්‍රිතුමාගේ ගිණුමේ ලක්ෂ 23ක් තිබෙනවා. එතුමා කියන්නේ ඒවා දියණියගේ උත්සවයකට ලැබුණු තෑගි කියලා. එහෙම තෑගි ලැබුණා නම් රු50,000ට වැඩි තෑගි දුන්නේ කවුද කියන එක නලින් ඇමතිතුමා වත්කම් ප්‍රකාශනයේ සඳහන් කරන්න ඕනි. නමුත් එහෙම සඳහන් කරලා නෑ. රු50,000ට වැඩි තෑගි ලැබුණේ නැතිනම් උත්සවයටත් වියදම් කරලා ලක්ෂ 23ක් ඉතිරි වෙන්නත් බෑනෙ. මෙතුමා ඉතිරි කරන විධියට එක දියණියක් වෙනුවට දියණියන් පස්දෙනෙකු සිටියා නම් ආර්ථික අර්බූදය වෙලාවේ අයිඑම්එෆ් කොන්දේසිවලට යට වෙලා ණයක් ගත්තු වෙලාවේ හේවගේ ඇමතිතුමාගෙන් ණයක් ගන්න තිබුණා.
යට ඇඳුමේ සිට හැමදේම ජයශාන්ත අයියා වගේ මිතුරන්ගෙන් ලබා ගත් හඳුන්නෙත්ති ඇමතිතුමාගේ වත්කම් ප්‍රකාශනයත් අපි බැලුවා. ලැබූ ත්‍යාග පිළිබඳ විස්තර කියන සටහනේ ඇමතිතුමා අත්අකුරින්ම ලියා තිබෙනවා “කිසිවක් නැත” කියලා. අඩුම ගණනේ හැමදාම හැමදේම දෙන ජයශාන්ත අයියාගේ නමවත් නෑ. 2024 කියන්නේ මේ හැමෝම මැතිවරණ වලට ඉදිරිපත් වුණු වසර. ඒ නිසා ඕනෑම අපේක්ෂකයෙකුට තෑගි ලැබෙනවා. නමුත් කිසිවෙක් තමන්ට ලැබුණු මුදල් ත්‍යාග වේවා, ද්‍රව්‍යමය ත්‍යාග වේවා කිසිවක් සඳහන් කරලා නෑ. වත්කම් වල වටිනාකම දැවැන්ත ලෙස අවප්‍රමාණය කිරීම, ලැබුණු ත්‍යාග සැඟවීම, වත්කම් ප්‍රකාශනයේ තොරතුරු සැඟවීමට ජනධිපතිතුමාටත් සියළුම මැති ඇමතිවරුන්ටත් අනාගතයේ හිරේ ලගින්න වෙන බව නම් පැහැදිලියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..