වත්කම් බැරකම් ප්‍රකාශ නිසා අල්ලස් කොමිසම අවුලකලු..
රාජ්‍ය නිලධාරීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පිරිස් අදාළ ආයතන ප්‍රධානීන්ට ලබාදුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලක්ෂ ගණනින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යොමුකිරීම නිසා එහි කාර්ය මණ්ඩලය දැඩි පීඩාවකට පත්ව ඇතැයි වාර්තා වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට 967ක සේවක මණ්ඩලයක් අවශ්‍ය නමුත් මේ වන විට සිටින්නේ එයින් අඩකටත් අඩු පිරිසක් වීම ඊට හේතු වී තිබේ.
ලැබෙන තොරතුරු මහජනතාවට සන්නිවේදනය කිරීම පවා පමාවට මේ තත්ත්වය බලපා ඇතැයි එහි නිලධාරියෙක් ‘ඉරිදා මව්බිම’ට පවසා ඇත.
රාජ්‍ය නිලධාරීන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් මේ වනවිට වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී ඇති බව එම නිලධාරියා කීය.
එසේ ම, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් සියලු දෙනා ම වත්කම් බැරකම් ප්‍රකාශ දී ඇති බව කී ඔහු ඒවායේ කරුණු පරීක්ෂා කිරීම් සමග අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමේ වෙබ් අඩවියට ඒවා උඩුගත කරන බව කීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම මුහුණ දෙන මෙම සේවක හිඟය ගැන එහි අධ්‍යක්ෂ ජනරාල් හිටපු විනිසුරු රංග දිසානායක ජනාධිපතිවරයාට මෙන් ම පාර්ලිමේන්තුව ද දැනුවත් කර තිබේ.
පාර්ලිමේන්තුවේ මූල්‍ය කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රැස්වුණු පසුගිය දා, රංග දිසානායක මේ බව කරුණු සහිතව පෙන්වා දුන්නේ ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට ආවේණික කාර්ය මණ්ඩලය 2023 සැප්තැම්බර් 15 සිට වැඩ ආරම්භ කළ යුතු නමුත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සමග හටගෙන ඇති ගැටුම නිසා එය ඉටුකරගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
රාජ්‍ය නිලධාරීන් හා පොලිස් නිලධාරීන් දැනට අල්ලස් කොමිසමේ සේවය කළත් එය පනතට පටහැනි බවත් දූෂණ විරෝධී පනත අගෝස්තු මාසයේ සම්මත කළ පසු එවක අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ එය ක්‍රියාත්මක වන දිනය හැටියට 2023 සැප්තැම්බර් 15 වන දා නම් කර ගැසට්ටුවක් නිකුත් කළ බව අධ්‍යක්ෂකවරයා පැවසීය.
ඒ අනුව, නව පනත යටතේ අල්ලස් කොමිසමට ආවේණික කාර්ය මණ්ඩලය අලුතින් පත්කළ යුතු නමුත් මෙතෙක් එය සිදුව නැති බව ඔහු අවධාරණය කළේ ය.
එහිදී ඔහු මෙසේ ද කීය.
“ඒ අලුත් කොමිසමට සේවකයන් පත්කරගත යුත්තේ 26 වන වගන්තියට අනුව. දැන් වෙලා තියෙන්නේ මේ පත්කිරීම් නොවුණු නිසා කලින් කොමිසමේ හිටි අය ඒ විදිහට ම රාජකාරි කරගෙන ගියා. නීති නිලධාරින් 31ක් හා නීති සහායකයන්, නිවාරණ නිලධාරීන් හා ලඝු ලේඛිකාවන් වශයෙන් 63ක් බඳවාගෙන හිටියා. පනත අනුව අලුත් කොමිසම පත්වෙන වෙලාවට ඔවුන්ට අලුතින් බැඳෙන්න පුළුවන්. නැත්නම් වන්දි අරන් අස්වෙන්න පුළුවන්. එතකොට ඔවුන්ව නිසි පරිදි බඳවාගෙනත් නෑ. අලුත් අය හරියට බඳවාගෙනත් නෑ.
එතකොට සැප්තැම්බර් 15 මේ කොමිසමේ හිටපු රාජ්‍ය නිලධාරීනුත් කොමිසම් නිලධාරීනුත් යැව්වා නම් ඉතුරු වෙන්නේ 63යි. මේ තත්ත්වය යම්කිසි වෙලාවක අභියෝගයක් වේදැයි මම දන්නේ නෑ. මොකද මේක ඇතුළේ පොලිස් හා රාජ්‍ය නිලධාරීන් අනිවාර්යයෙන් ම ඉන්න බෑ. ජනවාරි මාසේ ආපු දවසේ ඉඳලා මේක හදාගන්න මම විශාල උත්සාහයක් ගන්නවා. මේක හදාගන්න පුළුවන් යැයි මම හිතනවා. අපි දිස්ත්‍රික් කාර්යාලවලටත් එක්ක 967ක කාඩරයක් යෝජනා කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ අපි අතර සාකච්ඡා ගොඩක් තිබුණත් නීතිමය අර්ථනිරූපණ ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද කළමනාකරණ දෙපාර්තමේන්තුව හිතන්නේ මේ කාඩරය තීරණය කළ යුත්තේ කළමනාකරණ සේවා පනතින් කියලයි. නමුත් අපි කියන්නේ 26(1) වගන්තිය යටතේ කොමිෂන් සභාව ඒක තීරණය කරලා පාරිශ්‍රමික පාර්ලිමේන්තුවෙන් තීරණය කළ යුතු බව. පසුව කොමිෂන් සභාව අපේක්ෂා කරන කාඩරය ගැන කියලා මම කතානායකතුමාට ලිව්වා.”
බිඟුන් මේනක ගමගේ,
අංජලී විතානගේ
– මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..