වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ යූ ටියුබ් නාලිකාව ගූගල් සමාගම හේතු නොදක්වාම අවහිර කරලා!
කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව, ඇමරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දෙමුහුන් යුධ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරමින් සිටියදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ යූ ටියුබ් නාලිකාව වසා දමා ඇති බව වාර්තාවේ.
ගූගල් සමාගම සතු එක්සත් ජනපදය පදනම් කරගත් සමාජ මාධ්‍ය සහ මාර්ගගත වීඩියෝ වේදිකාවක් වන යූ ටියුබ්, ග්‍රාහකයින් 233,000 කට වඩා සිටි වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ නිල නාලිකාව ඊයේ(19) ඉවත් කර තිබේ. වෙනිසියුලානු ජනාධිප්තිවරයාගේ නිල යූ ටියුබ් නාලිකාවට ප්‍රවේශ වීමට උත්සාහ කරන විට, "මෙම පිටුව ලබා ගත නොහැක" යන පණිවිඩය තිරයේ දිස්වේ.
මධුරෝ මෙම නාලිකාව ආයතනික පණිවිඩ, නිල ප්‍රකාශ සහ ජාතික හා ජාත්‍යන්තර උනන්දුවක් දක්වන ඔහ්ගී දේශන බෙදා හැරීමට භාවිතා කරනු ලැබීය.
ගූගල් යනු එහි වෙළඳපල ආධිපත්‍යය, දත්ත රැස් කිරීම සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ තාක්ෂණික හැකියාව හේතුවෙන් ලෝකයේ වටිනාම සන්නාමවලින් එකක් බවට පත්වූ මාර්ග ගත ශ්‍රව්‍ය දෘෂ්‍ය (වීඩියෝ) වේදිකාවකි.
යූ ටියුබ් සමාගම 1998 දී ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් විසින් ආරම්භ කරන ලද නමුත් 2015 දී සමාගම ප්‍රතිසංවිධානය කිරීමෙන් පසු දැනට එහි මව් සමාගම වන ඇල්ෆබෙට් ඉන්කෝපරේෂන් හි අනුබද්ධිත ආයතනයකි. පේජ් සහ බ්‍රින්, ඇල්ෆබෙට් සමාගම හරහා ගූගල් හි ප්‍රධාන කොටස් හිමියන් සහ හිමිකරුවන් බවට පත්ව සිටී.
ඇල්ෆබෙට් සහ මෙටා ජාත්‍යන්තර ඩිජිටල් වෙළඳ දැන්වීම් වෙළඳපොළ පාලනය කරනු ලබයි. 2022 දී පමණක්, ඔවුන් එක්ව සියලුම එක්සත් ජනපද ඩිජිටල් වෙළඳ දැන්වීම් ආදායමෙන් 48.4% ක් (ගූගල් සඳහා 28.8% සහ මෙටා සඳහා 19.6%) අත්පත් කර ගත් අතර, එය 2017 දී ඔවුන්ගේ ආදයමේ උපරිමය හෙවත් 54.7% අගයක් (ගූගල් සඳහා 34.7% සහ මෙටා සඳහා 20.0%) දක්වා ඉහළ ගොස් ඇති බව අභ්‍යන්තර බුද්ධි සංඛ්‍යාලේඛනවලට අනුව සඳහන් වේ.
වෙනිසියුලානු ජනාධිපතිවරයාගේ යූ ටියුබ් ගිණුම වසා දැමීමට හේතු වූ දේශපාලන ස්වභාවය මෙතෙක් තහවුරු කර නොමැති වුවද, එය බැහැර කළ නොහැකිය. මීට පෙර, සැප්තැම්බර් 15 වන දින, ජාත්‍යන්තර මාධ්‍ය ආයතන 47 ක් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් 170 ක් සමඟ පැවති මාධ්‍ය හමුවකදී, වෙනිසියුලාව ඇතුළු මහාද්වීපයේ රටවල සුවිශේෂී ආර්ථික කලාපය හරහා අමෙරිකානු එක්සත් ජනපද නාවික හමුදා යාත්‍රා ගමන් කිරීමට ඉඩ දීමෙන් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වෙනිසියුලානු නායකයා එක්සත් ජනපදයට දොස් පැවරීය.
දකුණු කැරිබියන් මුහුදේ එක්සත් ජනපද හමුදා කණ්ඩායමක් ස්ථානගතව සිටීම වෙනිසියුලානු රජය වෙනස් කිරීමේ උත්සාහයක් ලෙස ඔහු හෙළා දුටුවේය.
Google removes President Nicolás Maduro’s YouTube channel without explanation.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..