News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් වැළැක්වීම අත්‍යවශ්‍යයි! කියුබානු විප්ලවවාදී රජයේ නිල ප්‍රකාශය

Sep 20, 2025 at 06:35 AM
|

පසුගියදා අමෙරිකා  එක්සත් ජනපදය විසින් කැරිබියානු මුහුදේ වෙනිසියුලාවට ආසන්නව රඳවා තබා ඇති හමුදාව විසින් වෙනිසියුලානු ධීවර යාත්‍රාවකට ප්‍රහාර එල්ල කර වෙනිසියුලානු ධීවරයන් මරා දමා යාත්‍රාව රඳවා තබා ගෙන තිබේ. එම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව කියුබානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් අමෙරිකාවේ මෙම තිරස්චීන ක්‍රියාව හෙළා දැක තිබේ. පහත පල වන්නේ කියුබානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනයයි...


වෙනිසියුලාවේ බොලිවේරියානු  ජනරජයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් වැළැක්වීම අත්‍යවශ්‍යයි! කියුබානු විප්ලවවාදී රජයේ නිල  ප්‍රකාශය

වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් සාධාරණීකරණය කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් සිදු කරන ලද ක්‍රියාමාර්ග උත්සන්න කිරීම කියුබානු විප්ලවවාදී රජය හෙළා දකිමු.

කැරිබියන් මුහුදේ හමුදා භටයින් සහ මිලිටරි උපකරණ රැස් කිරීම සහ ඒවා රඳවා ඇති ප්‍රමානයන් වැඩි කිරීම මේ වන විට යථාර්තයක් බවට පත්ව තිබේ. ඒ අනුව සිවිල් යාත්‍රාවලට පහර දීමට සහ එම යාත්‍රාවල කාර්ය මණ්ඩලය ඝාතනය කිරීමට බලය යෙදවීම සහ ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කරමින් යාත්‍රාවක් අසාධාරණ ලෙස තහනම් කිරීම සහ රඳවා තබා ගැනීම, අමෙරිකාවේ අඛණ්ඩ මෙහෙයුමේ සතුරු භාවය මෙන්ම වගකීම් විරහිත ස්වභාවය සනාථ කරනු ලබන්නේය.

මෙයට අමතරව, වෙනිසියුලාව එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට සහ එහි පුරවැසියන්ගේ යහපැවැත්මට තර්ජනයක් වන බවට බොරු බිල්ලෙකු මවාපාව්මින් ලෝක මහජන මතය ඉදිරියේ මෙම ක්‍රියාවන් නීත්‍යානුකූල කිරීමට උත්සාහ කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් මනෝවිද්‍යාත්මක යුධ උපක්‍රම බෙදා හැරීම ද මෙයට එකතු වේ.

ගාසා තීරයේ අඛණ්ඩව සිදුවන ජන සංහාරක උත්සන්න වීමට වගකිව යුතු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් සහ ඔහුගේ මතය දරණ අනෙකුත් සෙනෙට් සභිකයින් සහ කොංග්‍රස් සාමාජිකයින්, වෙනිසියුලාවට බලහත්කාරයෙන් තම අවශ්‍යතා පැනවීමට උත්සාහ කරන අතර එය අසාධාරණ සහ භයානක බව කියුබානු විප්ලවවාදී රජය අවධාරණය කරමු.

එක්සත් ජනපදයේ මෙවැනි හැසීරීම් වල ඇති සැබෑ අරමුණ අරමුණ වෙනිසියුලාවේ තෙල් සහ ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීමයි.

පසුගිය සතිවල කැරිබියන් දූපත් වල ඇමරිකානු හමුදා යෙදවීම වෙනිසියුලා බොලිවේරියානු ජනරජයට එහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට බල කරන මිලිටරි ගැටුමක් මුදා හැරීමට අදහස් කරන ප්‍රකෝප කිරීමක් බව කියුබාව නැවත නැවතත් අනතුරු අඟවනු ලැබ තිබේ.

වෙනිසියුලාවට එරෙහි සෘජු මිලිටරි ආක්‍රමණයක් දකුණු ඇමරිකානු කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා ගැනිය නොහැකි තරම් ප්‍රතිවිපාක ඇති කරනු ඇත.

එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර නීතියේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම උල්ලංඝනය කරමින් තර්ජන හෝ බලය යෙදවීමට කිසිදු රජයකට ඉඩ දිය නොහැකි බව අවධාරණය කරමු.

මිත්‍යාව  යථාර්ථයෙන් වෙන්කර හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.

කියුබාව ආක්‍රමණයක් වැළැක්වීමට සහ ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් සාම කලාපයක් ලෙස ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර බලමුලු ගැන්වීමක අවශ්‍යතාවය කියුබානු විප්ලවවාදි රාජ්‍ය සහ එහි නායකයින් මෙයින් අවධාරණය කරනු ලැබේ.

හවානා, 2025 සැප්තැම්බර් 18.

It is Imperative to Prevent a Military Aggression against the Bolivarian Republic of Venezuela. Declaration of the Revolutionary Government of Cuba

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.
පළමු වරට පර්සියානු බොක්ක, හෝමුස් සමුද්‍ර සන්ධිය, ඕමාන් මුහුද හෝ උතුරු ඉන්දියානු සාගරය තුළ කිසිදු ඇමරිකානු නෞකාවක් නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.