වසන්ත සමරසිංහට තහනම් ව්‍යාපාර චෝදනා..
අද දින නව ජනතා පෙරමුණ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක , සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා හා අවිස්සාවේල්ල තරුණ කටයුතු ලේකම් දර්ශණ හර්ෂනාත් මහතා හා බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට ලිපියක් බාර දෙන ලදී.
එහිදි සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ වර්තමාන සමාජය තුල දැඩිව කතා බහට ලක්වී තිබෙන Digitel Currency වල නීත්‍යානුකූල භාවය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා මෙම ලිපිය බාර දීම සිදු කල බවයි. එමෙන්ම වර්තමාන ජාතික ජන බල වේග ආණ්ඩුවේ අමාත්‍යවරු පවා මෙම Digitel Currency වලින් මුදල් ඉපයීමේ ක්‍රියාවලියේ නිරත වී ඇති නිසා සමාජයේ සාමාන්‍ය ජනතාවත් මෙවැනි ක්‍රියාවලට යොමු වීමට ඉඩ ඇති බවත් ඒ නිසා මහජනතාවට මේ සම්බන්ධයෙන් නිවරදි හා සත්‍ය තොරතුරු දැනුම්වත් කිරීමට අවශ්‍ය බැවින් ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් ලබා ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට මෙම ලිපිය බාර දුන් බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වවමින් ප්‍රකාශ කරන ලදී.
වර්තමාන වාණිජ ආහාර සුරක්ෂිතතා සහා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සතුව කෝටි 27 ක වත්කමක් තිබෙන බවත් එම වත්කම් උපයා ගැනීමේ දී Digitel Currency ක්‍රමවේදය භාවිත කර ඇති බවත් සඳහන් කර ඇත .
"Digitel Currency තුල තිබෙන Crypto Currency වල ඒකක කිහිපයක් පවතින බවත් එම ඒකක වලින් කුමන ඒකකය තුල වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මුදල් යොමු කර තිබෙන්නේ ද යන්න රටට හෙලිදරව් කරන ලෙස අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සාමාන්‍ය යෙන් Crypto Currency තුල තිබෙන Bitcoin එකක් මිලදී ගැනීම සඳහා සාමන්‍යෙයන් කෝටි 03 කට වැඩි මුදලක් අවශ්‍ය වේ. ඒ අනුව Digitel Currency තුල කුමන හෝ ආයෝජනයක් කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වන බව අපට පැහැදිලිය." Digitel Currency තුල ඔහු විසින් මෙම ආයෝජිත මුදල කෙසේ උපයා ගත්තේ දැයි පැහැදිලි විමර්ශනයක් සිදු කල යුතු බව වැඩි දුරටත් ඔහු විසින් ප්‍රකාශ කර සිටියේය.
"මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් නඩත්තු වෙන්නේ මහජනතාවගෙනි. මාලිමා මන්ත්‍රීවරුන් නිතරම සදහන් කරන්නේ ඔවුන්ගේ වාහන වලට අවශ්‍ය ඉන්දන, පරිභෝජනයට අවශ්‍ය හාල්,පොල්,සීනි,කිරිපිටි මෙන්ම ඇදුම් පැළදුම් ආදි සියලු දේවල් මහජනතාව විසින් ලබා දෙන බවයි. එහෙත් මෙපමණ කෝටිගණන් වත්කම් තබා ගෙන දුගී ජනතාව මත යැපීම රටේ කණගාටුවට කරුණක් බව සඳහන් කලේය. එමෙන්ම පොහොසත් රටක් නිර්මාණය කිරීමට පත් වු ආණ්ඩුව තුලින් වර්තමානය වනවිට සිදු වි තිබෙන්නේ රට දුප්පත් වී ආණ්ඩුවේ මැති ඇමතිවරු පොහොසත් වී ඇති බවයි. එමෙන්ම මහජනතාවට සහන දීමට පැමිණි ආණ්ඩුවක් අද දිනෙන් දින අපකීර්තීයට පත් වී ජනතාව විථි සටන් පවත්වන මට්ටමට පැමිණ ඇත. එයට ප්‍රධාන හේතුව වි ඇත්තේ ආණ්ඩුව පැවසු පරිදි ජනතාවට සහන ලබා නොදී ආණ්ඩුවේ මැති ඇමතිවරු සුරසැප විදීමයි." යැයිද ඔහු පැවසීය.
මෙම Digitel Currency කලු සල්ලි සුදු කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයක් බවට සමාජ මතයක් පවතින බැවින් ශ්‍රී ලංකාව තුල Digitel Currency භාවිතය පිළිබඳව නීත්‍යානුකූ බාවය හා එය අප රට තුල පිළිගත් මුදල් ඒකකයක් ද යන්න අමාත්‍යංශ ලේකම්තුමන්ගෙන් පැහැදිලි පිළිතුරක් මේ සඳහා බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මූලාශ්‍ර- ලංකා සී නිව්ස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..