වසන්ත සමරසිංහ බිට්කොයින් වලින් වත්කම් උපයාගත් ආකාරය රටට කිවයුතුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
වාමාංශික පක්ෂයක සමාජිකයකුට, මන්ත්‍රීවරයකුට දේපළ හිමියකු වීමේ බාධාවක් නොමැති වුවත් එම දේපළ උපයා ගත්තේ කෙසේදැයි සාධාරණ ලෙස නීතිය මගිනුත් පැහැදිලි කළ යුතුව ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙහි බරපතළ සදාචාරාත්මක ප්‍රශ්නයක් ඇති බවත් පවසන ඒ මහතා, මහජනයාගෙන් යැපෙන බව අඟවා තමන් සතුව විශාල වත්කම් ප්‍රමාණයක් තබාගෙන ඇති බවත්, ජනතා විමුක්ති පෙරමුණේ අතීතයේ දී එවැනි වත්කම් සහිත සාමාජිකයන් ජනතාවගෙන් හෝ පක්ෂයෙන් යැපීමක් සිදු නොකළ බවත් සඳහන් කරයි.
සතියෙන් සතිය මෙබඳු මාතෘකා පැමිණෙන බවත්, මෙම සිදුවීම් පිටුපසින් ආණ්ඩුව විශාල පාවාදීමකට ගොදුරු වෙමින් ඇති බවත් ඒ මහතා පවසයි.
ජිනීවා ක්‍රියාවලිය, ඉන්දියාව සමග අත්සන් කළ රට පාවාදෙන ගිවිසුම් වැනි භයානක සිදුවීම් සිදුවද්දී විපක්ෂය ද බරපතළ විරෝධයක් නොදැක් වූ බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
වසන්ත සමරසිංහ ඇමතිවරයාගේ බිට් කොයින් සම්බන්ධ සිදුවීමේ දී බිට් කොයින්වලින් වත්කම් තබා ගැනීමට හැකි දැයි අල්ලස් කොමිසම විසින් පැහැදිලි කිරීමක් කළ යුතුව ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ හිරු නාලිකාවේ 'බලය' දේශපාලන සංවාදයට එක් වෙමිනි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්