පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්..
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරී එන්.කේ.සූරියබණ්ඩාර මහතා වහාම ක්රියාත්මක වන පරිදි නැවත එම තනතුරෙහි සේවයේ පිහිටුවන මෙන් අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇති අතර ඒ හා සමග ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා පත‍්‍රය අත්හිටුවීමට සහ වැඩ තහනම අත්හිටුවීම සදහා තවත් අතුරු තහනම් නියෝග දෙකක් නිකුත් කිරීමටද අභියාචනාධිකරණය විසින් කටයුතු කර ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවකයන් පිරිසක් විසින් උපකුලපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කිරීම පිණිස එහි ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීවරයා ලෙස කටයුතු කල එන්.කේ.සූරියබණ්ඩාර මහතා 2023-12-01 දින සිට අනිවාර්ය නිවාඩු යවා ඇති අතර පසුව වැඩ තහනමකටද ලක් කර ඇත.
එන්.කේ.සූරියබණ්ඩාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ගන්නා ලද එම පියවර අභියෝගයට ලක් කරමින් නෙළුම් සේනානායක ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මගින් අභියාචනාධිකරණයේ අංක CA WRIT 705/’2025 දරණ රිට් පෙත්සම ගොනුකර ඇති අතර එමගින් නීතිවිරෝධී විනය ක‍්‍රියාවලිය අත්හිටුවීම සහ නැවත සේවයේ පිහිටුවීම ඇතුළු සහන කිහිපයක් ඉල්ලා සිටිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු වග උත්තරකරුවන් 33 දෙනෙකු නම් කර තිබේ. මෙම පෙත්සම 2025-09-12 වන දින කැදවන ලද අවස්ථාවේදී මෙම නියෝග ලබාදී තිබේ.
2025-09-12 වන දින සිට සති 5 ක කාලයක් ඇතුලත විරෝධතා ඇත්තම් ගොනුකරන මෙන් මෙම නඩුවේ වගඋත්තරකරුවන් 33 දෙනා වෙත නියෝග කර ඇති අතර ඔවුන් වෙත විධිමත් නොතීසි නිකුත් කිරීමටද අභියාචනාධිකරණය විසින් කටයුතු කර ඇත.
පෙත්සම්කාර එන්.කේ.සූරියබණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සමග නීතීඥ රන්මලී මීපාගල මහත්මිය පෙනී සිට ඇති අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂුරි ෂෙයින් මහත්මිය පෙනී සිට ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..