ජනාධිපතිගේ හෝ ඇමතිගේ තර්ජන හමුවේ වෘත්තීය ක්‍රියාමාර්ග හකුළා ගන්නේ නෑ - විදුලි වෘත්තීය සමිති කියයි
ජනාධිපතිවරයාගේ හෝ ඇමැතිවරයාගේ තර්ජන හමුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ග හකුළා නොගන්නා බව විදුලි වෘත්තීය සමිති පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් විදුලි වෘත්තීය සමිති පසුගිය 04 දා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.
එහි දෙවැනි අදියර ලෙස පෙරේදා (17දා) සහ ඊයේ (18දා) විදුලි සේවකයෝ කොටස් දෙකකට බෙදී ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදුණු අතර එය ඊයේ (18දා) අවසන් කෙරිණි.
වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යන බවත් විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමේ රජයේ තීරණයට එරෙහිව ගන්නා ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ සවස හෝ අද (19දා) වෘත්තීය සමිති රැස්වී තීරණයක් ගන්නා බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසයි.
මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක මණ්ඩලයේ ලේකම්, අජිත් දේවප්‍රිය මහතා මෙසේ පැවසීය.
“ජනාධිපතිවරයා තර්ජනාත්මකව කතා කළා. නමුත් අපි ඒ තර්ජනවලට බියවන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන ජනපතිවරයාට මේවා ගැළපෙන්නේ නෑ. ඔය තර්ජන, ගර්ජනවලට බියෙන් අපි රැකියාව දමා යන්නේ නැහැ. ජනාධිපතිවරයා කියන විදිහට යන්න මේ රැකියාව ඔහුගෙන් ලබා ගත් දෙයක් නොවෙයිනේ. නිවැරදි කරුණු රටට දෙන්න කියලා අපි ජනාධිපතිවරයාට කියනවා. මිනිස්සු උසි ගන්වන්න එපා. හරි විදිහට වන්දියක් දෙනවා නම් අපි යන්න ලෑස්තියි. නමුත් අපි යන්න ඉල්ලලා නැහැ. යන සේවකයන් ඉන්නවා නම්, අනිවාර්යයෙන් ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට රජය පියවර ගත යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..