2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
2026 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව රජයේ ඇස්තමේන්තුගත පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම ලෙස දැක්වෙන්නේ රුපියල් බිලියන 4,545 ක්.
එය මෙම වසරේ රජයේ ඇස්තමේන්තුගත සමස්ත පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම වන රුපියල් බිලියන 4,516 හා සැසදීමේදී රුපියල් බිලියන 71 ක අඩුවීමකි.
මේ අතර, ජනාධිපති වැය ශීර්ෂය සදහා ලබන වසරට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 11,377 ක්.
මෙම වසරේ ජනාධිපති වැය ශීර්ෂය සදහා රුපියල් මිලියන 8,992 ක් වෙන්කර තිබේ.
එය මෙම වසරට සාපේක්ෂව රුපියල් මිලියන 2,385 ක වැඩි වීමකි.
ලබන වසරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය සදහා රුපියල් මිලියන 975 ක මුදලක් වෙන්කර ඇති අතර, මෙම වසරේ එම වැය ශීර්ෂය සදහා රුපියල් මිලියන 1,170 ක මුදලක් වෙන්කර ඇත.
මේ අනුව මෙම වසර හා සැසදීමේදී මෙවර අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය රුපියල් මිලියන 195 කින් අඩුවී තිබේ.
මේ අතර, විසර්ජන පනත් කෙටුම්පතට අනුව වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයටය. එය රුපියල් මිලියන 634,782 කි.
කෙසේ වෙතත්, මෙම වසරට සාපේක්ෂව එය අඩුවීමක් වන අතර, රුපියල් මිලියන 660,977 ක් මෙම වසර වෙනුවෙන් වෙන් කර තිබිණි.
ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය සදහා ලබන වසර සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 455,000 කි.
මෙම වසරේ එම අමාත්‍යංශ වැය ශීර්ෂය සදහා වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 442,000 ක මුදලක් පමණි.
2026 වසර සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 554,999 ක්. එම අමාත්‍යංශය සදහා මෙම වසරේ වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 508,749 ක් වේ.
මේ අතර, ලබන වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් අධ්‍යාපන අමාත්‍යංශය සදහා රුපියල් මිලියන තුන්ලක්ෂ දහසක මුදලක් වෙන්කර ඇත.
මෙම වසරේ එම අමාත්‍යංශය සදහා වෙන්කර තිබූ මුදල රුපියල් මිලියන 272,900 කි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්