අධිවේගය හදන්න ප්‍රමාදයට බිලියන 5ක වන්දියකුත් ගෙවා වැඩි ගාණක් වැය කර පාර හදනවා.. - විමල් වීරවංශ
ඊයේ යළි වැඩ ආරම්භ කළ කඩවත – මීරිගම කිලෝමීටර 37ක අධිවේගී මාර්ග කොටස සෑදීමට බොරු කතා ගොතා එදා ප්‍රමාද කළ අයට අද එදාට වඩා හත් අට ගුණයක් වැඩියෙන් මහජන මුදල් වැය කර මිලියන ගණනක වන්දියක් ද සමගින් එම මාර්ගයේ වැඩ කටයුතු පටන් ගන්නට සිදුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
ඊයේ (සැප්. 17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය.
මේ අය එදා පඬුකරඳගහ ඇතුළු විවිධ කතා කියලා මිථ්‍යා මත පතුරලා මේ වැඩ කටයුතු ප්‍රමාද කළා. මේ අය එදා සහයෝගයදී කටයුතු කළා නම් මේ හා මහා විශාල මුදලක් වැය නොකර එදා මේ මාර්ගය සකස් කර ගත යුතුව තිබුණු බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඒ තුළින් විශාල මුදලක් රටට ඉතිරි කර ගත හැකිව තිබුණු බවත් නමුත් එහෙම කටයුතු නොකොට එදා බොරු කියා මිථ්‍යා මත කියා මෙය නතර කරන තැනට කටයුතු කළා. එදා ජාතික ජන බලවේගයේ හිටිය මහත්වරු අද ඒ මුදලටත් වැඩි වැඩිපුර මුදල් විශාල ප්‍රමාණයක් වැය කර වියදම් කර මේ අධිවේගී මාවත සකස් කරන්නට කටයුතු කරන බවද විමල් විරවංශ මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, එදා මේ මාර්ගයේ කිලෝමීටර් 37ක ගමන් මාර්ගය සකස් කරන්න ඉඩ දුන්නා නම් මෙතරම් මුදල් විනාශයක් සිදු වන්නේ නෑ. එහෙම කළා නම් මේවගේ හත් අට ගුණයක් වගේ ප්‍රමාණයක් සකස් කරන්න හැකියාවක් තිබුණ බව ය.
විකුණාගෙන කෑම, හිඟා කෑම, උලා කමින් රට පෙරට ගමන් කරවීමේ ආර්ථික ප්‍රතිපත්තියක ජාතික ජන බලවේග ආණ්ඩුව ගමන් කරන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනතාව නැති බංග කරන්නට කටයුතු කරමින් රට විනාශයට පත් කර විදෙස් රටවලට රටේ සම්පත් ගෙඩි පිටින්ම බිලි දෙන්නට කටයුතු කරන බවද විමල් විරවංශ මහතා මෙහිදී පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්