News Category
From Date
To Date
Maximum Number of Result

නාගරික සභ්‍යත්ව කර්මාන්තය..

Sep 16, 2025 at 08:48 AM
|

රටක සභ්‍යත්වය කියලා කියන්නේ අතීත උරුමයකට විතරක් නම් නෙවෙයි. රටක සභ්‍යත්වය මොනම විදිහකින්වත් පිටරටින් ආනයනය කරන එකකුත් නෙවෙයි. හැම ජාතියකටම තමන්ගේ අතීත සභ්‍යත්ව උරුමය ආරක්‍ෂා කරගැනීමේ වගකීමක් තියෙනවා. ඒ වගේ ම, තමන්ගේ උරුමය මත පදනම් වෙලා, හොඳින් පෝෂණය කරපු සභ්‍යත්වයක් අනාගතයට උරුම කරලාදීමේ වගකීමකුත් තියෙනවා. කිසිම ජාතියකට ඉබාගාතේ ගිහිල්ලා මේ වගකීම් ඉෂ්ට කරන්න බෑ. ජාතික මට්ටමින් ඒ වෙනුවෙන් කරන මගපෙන්වීමක් තියෙන්න ඕන. මෙහෙම මගපෙන්වීම් වෙනුවෙන් විවිධාකාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නත් ඕන.

චීනයේ ක්‍රියාත්මක වෙන “ජාතික ශිෂ්ට නගර ව්‍යාපෘතිය” එහෙම එකක්. යම් නගරයකට “ජාතික ශිෂ්ට නගර” ඇගැයීම ලබාගැනීම වෙනුවෙන් සම්පූර්ණ කරගන්න ඕන කාරණා ගණනාවක් තියෙනවා. ඒ වෙනුවෙන් නගරයේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. නගරයේ පාලනය විධිමත් කරන්න ඕන. නගරයේ සංස්කෘතික අංශය වර්ධනය කරන්න ඕන. නගරයේ සමාජ ගැටලු විසඳන්න ඕන. නගරයේ පරිසරය ආරක්‍ෂා කරන්න ඕන. නගර අලංකරණය වැඩි දියුණු කරන්න ඕන. නගර පාලනයට මගපෙන්වන චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ කටයුතු හොඳින් මෙහෙයවන්න ඕන.

2003 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී තමයි “ජාතික ශිෂ්ට නගර ව්‍යාපෘතිය” ප්‍රකාශයට පත් කළේ. චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට අනුයුක්ත ජෛවී සභ්‍යත්වයක් ගොඩනැංවීමේ කමිටුව විසින් දියත් කරපු දීර්ඝ පර්යේෂණ කාර්යයකින් පස්සේ මෙහෙම නගර තෝරාගැනීමට අදාළ පටිපාටියත් හඳුන්වලා දුන්නා. ඒ අනුව, මුල් ම “ජාතික ශිෂ්ට නගර” හඳුන්වාගැනීමේ කාර්යය 2005 සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කෙරුණා.

ජාතික ශිෂ්ට නගර ඇගැයීමේ පටිපාටිය “දර්ශක” දෙකකින් සමන්විත එකක්. “මූලික දර්ශක” සහ “විස්තරාත්මක දර්ශක” කියලා තමයි ඒවා නම් කරලා තියෙන්නේ. මූලික දර්ශකවලින් නගරයක අංශ නවයක ප්‍රගතිය මැනලා පෙන්නනවා. නගර පාලනය, නීතියේ පාලනය, වෙළෙඳපොළ පරිසරය, මානවීය පරිසරය, සංස්කෘතික පරිසරය, ජීවන තත්ත්වය, පාරිසරික තත්ත්වය, ආරක්‍ෂක වාතාවරණය, නිර්මාණාත්මක සහ නවෝත්පාදන පරිසරය කියන අංශ නවය තමයි ඒ දර්ශකවලින් මැනලා දක්වන්නේ. යම් නගරයකට විශේෂිත ගෞරවයක් හිමිවිය යුතු නම් ඒ කාර්යයට අදාළ සාධන මට්ටම් විස්තරාත්මක දර්ශකවලින් මැනලා බලනවා.

මේ වෙද්දි, චීනයේ “ජාතික ශිෂ්ට නගර ව්‍යාපෘතිය” ආරම්භ කරලා අවුරුදු 20 ක කාලයක් ගතවෙලා. ඇත්තෙන්ම, මෙහෙම ව්‍යාපෘතියක් පටන්ගන්න දිරිදීපු වැඩපිළිවෙළක් ඊටත් අවුරුදු 21 කට කලින් (1984 අවුරුද්දේ දී) නැගෙනහිර චීනයේ පුංචි නගරයකින් ආරම්භ වුණා. ඒ ෆූ-චියැන් පළාතේ සන්-මිං නගරයෙන්. ඒක “හරිත” නගරයක්. නගරයේ භූමි ප්‍රමාණයෙන් සීයට 71 කට වඩා වනාන්තරවලින් ආවරණය වෙලා. විශාල, පිරිසිදු විල් සහ ගංගාවලින් සමන්විත ජල පරිසරයකුත් ඒ නගරයට තියෙනවා. ඒ වගේ ම, පුරාණ උරුමයකින් සහ ඉතාමත් සාරවත් සංස්කෘතියකිනුත් ඒ නගරය පොහොසත්. ඉතින් මේ සම්පත්වලින් ප්‍රයෝජන ඇරැගෙන “ශිෂ්ට” නගරයක් බවට පත්වෙන වැඩපිළිවෙළක් ඒ භූමියෙන් ආරම්භ කෙරුණා. ඒ අනුව, විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගන්නත් සන්-මිං නගරයට පුළුවන් වුණා.

සන්-මිං නගරයේ හපන්කම චීන ආණ්ඩුවේ අවධානයටත් ලක්වුණා. අනිත් නගරත් ඒ “ශිෂ්ට” පාරේ යන්න පටන්ගත්තා. 1996 ඔක්තෝබර් මාසයේ දී, චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව පවත්වපු සැසි වාරයක දී “තුන් මහා මෙහෙයුම” කියලා ක්‍රියාන්විතයකට අදාළ යෝජනාවක් සම්මත කරගත්තා. “ශිෂ්ට ගම්මාන”, “ශිෂ්ට නගර”, සහ “ශිෂ්ට වැඩපොළ” ඇති කරගැනීමට ජනතාව පෙළැඹවීම තමයි ඒ යෝජනාවේ අරමුණ වුණේ. ඒත් ඒ මෙහෙයුමට නිශ්චිත ඇගැයීම් වැඩපිළිවෙළක් ඇතුළත් කරලා තිබුණේ නෑ. ඉතින් ඒක සළකන්න පුළුවන් මේ කාර්යයට අදාළව ආණ්ඩුව පැත්තෙන් තියපු මූලික පියවරක් විදිහට විතරයි. කොහොම වුනත්, 1997 සහ 1999 අතර කාලයේ දී ආණ්ඩුවට තමන්ගේ නායකත්වය යටතේ නගර 10 ක් ශිෂ්ට පාරේ යවන්න පුළුවන් වුණා.

චීන මහජන ජනරජය පිහිටුවලා අවුරුදු 50 ක කාලයක් සම්පූර්ණ වුණේ 1999 ඔක්තෝබර් 1 වැනි දා. ඒ වෙනුවෙන් සංවිධානය කරපු සැමරුම්වලට “ශිෂ්ට නගර” ඇගැයීමේ වැඩපිළිවෙළකුත් ඇතුළත් කරලා තිබුණා. ඒ යටතේ රට පුරා ම නියෝජනය වෙන විදිහට හඳුනාගත්ත “ශිෂ්ට නගර” 58 ක් ප්‍රකාශයට පත් කරන්න චීන ආණ්ඩුව ක්‍රියා කළා. “ශිෂ්ටත්වය ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළේ ඉදිරියෙන් ම සිටින නගර” විදිහටයි ඒවා නම් කෙරුණේ. 2002 අවුරුද්දේ දී, ඒ “ශිෂ්ට මාර්ගය” ඔස්සේ ඉදිරියට යන දෙවැනි නගර කාණ්ඩය නම් කරන්න චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට අනුයුක්ත ජෛවී සභ්‍යත්වයක් ගොඩනැංවීමේ කමිටුව කටයුතු කළා. 2003 දී විධිමත් කෙරුණේ සහ 2005 අවුරුද්දේ ක්‍රියාත්මක කළේ මේ විදිහට පරිණාමයක් අත්පත් කරගත්ත වැඩපිළිවෙළක්.

යම් නගරයක් මේ “ශිෂ්ට ගෞරවය” ලබාගැනීමට අයැදුම් කරනවා නම් ඒ වෙනුවෙන් සම්පූර්ණ කරන්න ඕන මූලික කරුණු හයකුත් තියෙනවා. මුලින් ම, “ශිෂ්ටත්වය ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළේ ඉදිරියෙන් ම සිටින නගර” ලැයිස්තුවට තේරි පත්වෙන්න එහෙම නගරයකට පුළුවන් වෙන්න ඕන. අයැදුම් කරන අවස්ථාවට ආසන්න අවුරුදු දෙකේ දී පිට පිට ම නගරයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය රටේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයට ඉහළින් පවත්වාගෙන යන්න ඕන. නගර පාලනයේ සහ නගරයේ පක්‍ෂ කමිටුවේ නායක මට්ටමේ කිසිම කෙනෙක් අයැදුම්කිරීමට ආසන්න මාස 12 ක කාලය ඇතුළත විනය විරෝධී කාර්යයක නිරතවෙලා තියෙන්න බෑ. අයැදුම්කිරීමට ආසන්න මාස 12 ක කාලය තුළ ජාතික අවධානයට ලක්වෙන මට්ටමේ කිසිම අපරාධයක් හරි අනතුරක් හරි නගරය තුළ ඇතිවෙලා තියෙන්න බෑ. බලශක්ති සංරක්‍ෂණයට සහ වායු විමෝචනයට අදාළව රාජ්‍ය සභාව විසින් පවරපු කාර්යයන් සම්පූර්ණ කරලා තියෙන්නත් ඕන. නීති විරෝධි සහ අසභ්‍ය ප්‍රකාශන පළකිරීම සහ විකිණීම, හිමිකම් උල්ලංඝණය සහ අනවසර ප්‍රකාශන සම්බන්ධ සිදුවීම් ඇතිවෙලා තියෙන්නත් බෑ.

නගරයක “ශිෂ්ට” බව ප්‍රකාශ කරන්න කලින් අදාළ ඇගැයීම් කාර්යය සිද්ද කෙරෙන පිළිවෙළකුත් චීන ආණ්ඩුව විසින් හඳුන්වලා දීලා තියෙනවා. උඩින් කියපු අයැදුම්කිරීමේ සුදුසුකම් සැපිරීමේ කාර්යය තුළ දී සිද්දවෙන්නේ ස්වයං-ඇගැයීමක්. මෙහෙම ලැබෙන අයදුම්පත් ප්‍රමුඛ නගරයේ දී ඇගැයීමට ලක්වෙනවා. ඒ ඇගැයීමේ දී ඉහළ ලකුණු ලබාගන්න ඒවා පළාත් සභ්‍යත්ව ඇගැයීම් කමිටුවේ අවධානයට යොමු කරනවා. එතැනින් ගොඩ යන ඒවා තමයි මධ්‍යම සභ්‍යත්ව ඇගැයීම් කාර්යාංශයේ ඇගැයීමටත් විගණනයටත් යොමු කරන්නේ. ඉතින් මෙහෙම හැම කඩුල්ලක් ම පනින්න පුළුවන් නගරවලට “ජාතික ශිෂ්ට” ඇගැයීම ලබාගන්න පුළුවන් වෙනවා.

උඩින් විස්තර කරපු “මූලික දර්ශක” ඇගැයෙන්නේ ලකුණු 100 ක සීමාවක් ඇතුළේ. ඊට අමතරව හඳුනාගන්න “විස්තරාත්මක දර්ශක” අගයන්න ලකුණු 20 ක් ලබාදෙනවා. මේ ලකුණු 120 න් ඉහළ ලකුණු ගන්න නගර “ජාතික ශිෂ්ට” ගෞරවයෙන් සම්මානයට පත් කෙරෙනවා.

තමන්ගේ නගරය “ශිෂ්ට” එකක් බවට පත් කරගැනීමේ වගකීම නායකත්වයට විතරක් පැවැරිච්ච එකක් නෙවෙයි. මේ වැඩේ වෙනුවෙන් නගරවැසියන්ගේ දායකත්වයක් තියෙන්නත් ඕන. තැන තැන කෙළගැසීම, චුවිංගම් හප හැළීම, අසභ්‍ය වචන කීම, එළිමහනේ මළ මුත්‍රාකිරීම, තැන තැන කුණු බැහැරකිරීම, කුණු ගොඩගැසීම, අවිධිමත් විදිහට කුණු වතුර බැහැරකිරීම, කුරුටු බලි - චිත්‍ර ඇඳීම, තැන නොතැන බලන්නේ නැතුව දැන්වීම් ඇලැවීම, දැන්වීම් - කටවුට් එසැවීම සහ රෙදි වැරැහිළි එල්ලීම, මාර්ග අවහිර වන විදිහට වෙළෙඳ අට්ටාල ඇටවීම, මහමග හඬ නගා වෙළෙඳාම්කිරීම, තණබිම් - මල් පාත්ති පෑගීම, අශිෂ්ට විදිහට ඇඳුම් ඇඳගෙන මහමග යෑම, මාර්ග සංඥා නොතැකීම, ආරක්‍ෂක වැටවල් උඩින් පැනීම, වාහනවලින් ද්‍රව්‍ය විසිකිරීම, නීති විරෝධි විදිහට වාහන නැවැත්වීම, පොදු ස්ථානවල දුම්පානය, පොදු සම්පත් ආරක්‍ෂා නොකිරීම, පෝලිම් පැනීම, අවශ්‍ය අයට පොදු වාහනවල ආසන ලබා නො දීම වගේ වැරැදි නො කරන්න නගරවැසියෝ වග බලාගන්න ඕන.

මේ සැප්තැම්බර් මාසයේ නිකුත් කරපු දත්තවලට අනුව, අවුරුදු 20 ක මහන්සියකින් පස්සේ නගර 505 කට “ජාතික ශිෂ්ට” ගෞරවය ලබාදෙන්න චීන ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා. ඒ අතරින් 202 ක් අලුතින් ම තේරිච්ච ඒවා. කලින් “ශිෂ්ට” බවට පත්වෙච්ච නගර 303 ක් තමන්ගේ තත්ත්වය ආරක්‍ෂා කරගෙන තියෙනවා.

(2025 සැප්තැම්බර් මස 14 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කරන ලද “චීන පෙරැළිය” ලිපි මාලාවේ 13 වැනි කොටස)

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.