හියුමන් ඉමියුනිග්ලොබින් එකම සමාගමකින් ඉහල මිලකට දිගටම රජය ගනිමින් සිටිනවා..
පසුගිය කාල සීමාව තුළ හියුමන් ඉමියුනිග්ලොබින් ඖෂධය මිලදී ගැනීම සම්බන්ධයෙන් රජයට දැඩි ආර්ථික පාඩුවක් සිදුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
අදාළ ඖෂධය තෝරාගත් එක් සමාගමකින් පමණක් අධික මිලකට මිලදී ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, මෙය වැළැක්වීම සඳහා නියාමන අධිකාරිය විසින් නිසි ප්‍රමිතිකරණ තත්ත්ව යටතේ ඖෂධ සැපයීමට කැමති වැඩි සමාගම් සංඛ්‍යාවක් ලියාපදිංචි කර, ඔවුන්ට ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දිය යුතු බව සඳහන් කරයි.
මීට අමතරව, අධික මිලට ගෙන්වන ලද මෙම ඖෂධය භාවිතය නිසා රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් මියගිය බවට හෝ සංකූලතා ඇතිවූ බවට කලින් කලට චෝදනා එල්ල වී තිබෙන බැවින්, අදාළ ඖෂධය මිලදී ගැනීමේ ක්‍රියාවලිය, තාක්ෂණික ඇගයීම් කමිටු ක්‍රියාවලිය, ඖෂධය මිලදී ගැනීම සඳහා අදාළ වෛද්‍ය විද්‍යාඥයින්ගේ ආයතනය මගින් ලබා දුන් නිර්දේශ, මෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
තෝරාගත් සමාගම්වලට වාසිදායක වන ආකාරයෙන් අදාළ ඖෂධය මිලදී ගැනීම සඳහා යම් තාක්ෂණික කමිටුවක් පසුගිය කාලයේදී කටයුතු කර ඇත්දැයි සොයා බැලිය යුතු බවත් ඔහු පවසයි.
අඛණ්ඩව සංකූලතා සහ මරණ වාර්තා වන තත්ත්වයක් යටතේ, පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කමිටුවක් සහ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් විශ්ලේෂණාත්මක වාර්තාවක් සකස් කර, ඒ අනුව අනාගත ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..