අල්ලස් කොමිසමේ මූල්‍ය කළමනාකරණය ගැන ගැටලුවක්..
ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද, නැද්ද..? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තුව පිළිබඳ සාකච්ජා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.
එහිදී අදහස් දැක් වූ හර්ෂ ද සිල්වා මහතා,
"මම දන්න විදියට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මූලික ප්‍රශ්නය තමයි ස්වාධීන කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක. යමෙක්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ ස්වාධීන බවක් නැත්නම් එතන කොතනද ස්වාධීන බව තියෙන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. මේගොල්ලන්ට තියෙනවා බලය කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියලා. ඒ නිසා අවශ්‍ය කාර්යමණ්ඩලය කවුද...? ඒක පත්කරන්න"
එහිදී අදහස් දැක්වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසා ඇත්තේ, කොමිෂන් සභාව සඳහා ආවේණික කාර්ය මණ්ඩලයක් සකස් කිරීමට තිබුණද, වසර 2කට ආසන්න කාලයක් ගතවුවද තවමත් එය සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ