අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සැක සම්පත් මනම්පේරි වෙනුවට ඔහුගේ බාල සොහොයුරු පියල් සේනාධීර මිද්දෙනිය පොලිසියේ රඳවාගෙන ඉන්නවා - වැඩිමහල් සොහොයුරිය මානව හිමිකම් කොමිසමේදී කියයි
රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව, කාරියමඩිත්ත ප්‍රදේශයේ ඉඩමක වළදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීර මහතා අත්අඩංගුවට ගෙන තොබේ.
පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරය්කු වන පියල් සේනාධීර මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරිය ඊයේ(08) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවාය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, තම සහෝදරයා අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය (STF) අත්තනෝමතික ලෙස කටයුතු කළ බවත්, එය දේශපාලන පළිගැනීමක් බවත් ඇය කියා සිටියාය.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ තම සහෝදරයාව අත්අඩංගුවට ගැනීමේදී එම නිලධාරීන් තම පවුලේ සාමාජිකයින්ට, අසභ්‍ය වචනවලින් බැණ වදිමින් දැඩි අපහසුතාවයට පත් කළ බවයි.
පොලිසියේ හැසිරීම හේතුවෙන් තම දරුවන්ගේ මානසිකත්වයට බරපතළ හානි සිදුවී ඇති බවත් පෙන්වාදුන් ඇය , මානසිකව වැටී සිටින තම දරුවන් පාසල් යාම පවා ප්‍රතික්ෂේප කර ඇති බවද පැවසුවාය.
ඇයට අනුව කරනු ලැබූ වැරැද්ද කුමක්දැයි නොදන්වා කිසිඳු හේතුවක් නොමැතිව තම සහෝදරයා වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීරව ඇඹිලිපිටිය පොලිසියෙන් රැගෙන ගොස් මේ වන විට මිද්දෙණිය පොලිසියේ රඳවාගෙන් සිටියි.
ඇය වැඩිදුරටත් කියා සිටියේ, තම සහෝදරයින් දෙදෙනා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් වීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙය දේශපාලන පළිගැනීමක් වන බවයි..
“මම මානව හිමිකම් කොමිසමට ආවේ පොලිසියට හරියට නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිර්දේශ කරන ලෙස ඉල්ලිමක් කරන්නයි. අපිට සහනයක් ලබාදෙන්න . සාධාරණ සහනයක්. හේතුවක් කියන්නෙ නැතුව මල්ලිලව අරගෙන ගිහින් ගහනවා. පොලිස් නිලධාරීන් හරියට අසභ්‍ය වචනවලින් කතාකරනව මගෙ නංගිට, නෑනට, හොඳටම බැනල අපහස කරනවා. ගොඩාක් සෙනඟ මැද්දෙන් STF එකෙන් ඇවිල්ලා, පොලීසිය ඇවිල්ලා ගේ ඉස්සරහ නතර කරනකොට අපි කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ. අපේ දරුවෝ හොඳ පාසල්වලට යන්නෙ. අද මානසිකව වැටිලා බයේ කෑගහනවා. ඉස්කෝලෙ ගියෙ නැහැ. තාත්තව අරගෙන ගියෙ ඇයි කියලා අඬනවා. අපිට සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ඇඹිලිපිටිය පොලීසියෙන් අරගෙන ගිහින්. දැන් මිද්දෙණිය පොලිසියෙ රඳවාගෙන ඉන්නවා. අත්අඩංගුවට ගන්න හේතුවක් කියන්න ඕනෙ.වැරදිකාරයා කවුද, මේකෙ නීතියක් තියෙන්න එපැයි. ගෙදරට ආවා ඇවිල්ලා මල්ලිව අත්අඩංගුවට ගත්තා. අයියා බාර දෙන්න කියනවා. අවශ්‍ය කෙනා නැතුව, අවශ්‍ය කෙනාගේ නෑදෑ කට්ටිය අල්ලලා මොකක්ද මේ කරන්නේ? මගේ අයියා සම්පත් මනම්පේරි. මගෙ මල්ලි පියල් සේනාධීර. පසුගිය බදාදා අත් අඩංගුවට අරගෙන තියෙන්නෙ. කිසිම හේතුවක් නැතුව පොලිසියට අරන් ගිහින් ගහනවා. ඒක නිසයි පැමිණිල්ල දාන්න ආවෙ. මේක දේශපාලන පළිගැනීමක්. එයාලා පොහොට්ටුවෙ මන්ත්‍රීවරුන්. ඒකයි මේ පළිගන්නෙ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්