අපරාධ කල්ලි මාසෙන් දෙකෙන් අවසන් කරන්න බෑ..- ආනන්ද විජේපාල
‘දේශපාලන බලය සඳහා හදාගත් අපරාධ කල්ලි මාසෙන් දෙකෙන් අවසන් කරන්න බෑ’ යයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පවසයි.
පුවත්පතක් හා සංවාදයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
පාතාල ක්‍රියාකාරකම් අලුතින් නිර්මාණය වෙච්ච ඒවා නෙවෙයි නේ. කාලයක් තිස්සේ දේශපාලනයත් එක්ක බද්ධ වෙලා, දේශපාලනය හරහා උපත ලබලා, දේශපාලනය හරහා පැවතිලා, ඔවුන්ගේ බලය පවත්වාගෙන යන්න භාවිත කරලා, දීර්ඝ කාලයක් සමාජයේ ස්ථාපිත වෙලා තිබුණු අපරාධ සංස්කෘතියක් මේ ඔබ අප අත්දකිමින් තිබෙන්නේ. උදාහරණයක් හැටියට: අපි දන්නවා හමුදා කඳවුරුවලින් පවා ආයුධ එළියට දී තියෙනවා. ඇති තරම් රටේ ආයුධ සංසරණය වෙනවා. ඒ සියල්ල ඒ විදිහට තියාගෙන, ඒ පාතාල ක්‍රියාකාරකම් නතර වන්නේ නෑ. බලය පවත්වාගන්න භාවිත කරපු මේ පාතාලය අපි ආවයි කියලා මාසෙන් දෙකෙන්, අවුරුද්දෙන් ඉවර වන්නේ නැහැ. ඒත් මේක අඩපණ කරන්න අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය හැම පියවරක්ම අරන් තියෙනවා.
2024 සැප්තැම්බර් 23න් පස්සේ ඇති වෙච්ච වෙනස් වීමත් එක්ක, එතෙක් බලයේ සිටි පිරිස් සහ පාතාලය අතර ඝට්ටනයක් සිද්ධ වුණා. ඊට පස්සේ ඔවුන්, බොහෝ දෙනා මේ රට හැර ගියා. මොකද: දේශපාලන රැකවරණය දෙන්න කවුරුවත් ඒ අයට නැහැ. රැකවරණ සලසන්න කෙනකු නැති වුණාම, ඔවුන්ට සිදු වනවා ඔවුන්ගේ රැකවරණය සලසාගන්න.
දැනට තිබෙන මූලික තොරතුරුවලින් අනාවරණය වන්නේ මේ රට හැර ගිය පිරිස ගෝලබාලයන් ලවා තමන්ගේ බල ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවයි. වෙන කෙනකු මේ බල ප්‍රදේශයට ඇතුළු වුණාම ඔවුන් අතර ගැටුම් ඇති වනවා. දේශපාලන මැදිහත් වීම නැති නිසා දැන් ඔවුන්ට ඉතිරිව තිබෙන්නේ ගහමරාගෙන ගනුදෙනු බේරාගැනීමයි. මේ සඳහා දිගින් දිගටම අප යම් ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබුණත්, නැවත නැවතත් මේ දේ සිදු වනවා.
කලින් නම් පාතාලේ ගිහිල්ලා මිනීමැරුවේ. දැන් පාතාලේ ගිහිල්ලා මිනී මරන්නේ නැහැ. දැන් කරන්නේ කුලියට මිනී මරන එක. නිදසුනකින් පැහැදිලි කළොත්: හමුදා සොල්දාදුවෙක් බාර් එකකට යනවා, ටාගට් එකට ගහනවා, ඇතුළට යනවා. මේ ආකාරයට පොලීසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව වැනි ආයතන මේ සඳහා පාවිච්චි කර තිබෙනවා. සමස්තයක් හැටියට ගත්තාම, තියෙන අමාරුම හරිය මේකයි.
ඒ වගේම කලින් මිනීමැරුම්වලට සම්බන්ධ අයකු නඩුව අවසානයේ නිදහස් වෙන්න යනවා. ඒත් අනිත් පාර්ශ්වය ඒ අයට නිදහස් වෙන්න දෙන්නේ නැහැ. “අධිකරණයෙන් නිදහස් වෙලා පලක් නෑ, උඹලට නිදහස් වෙන්න දෙන්නේ නැහැ” කියලා, දෙනෝදාහක් මැද්දේ වෙඩි තියලා යනවා. මිනීමරුවකු තව මිනීමරුවකු මරණවා. මේක මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි; පාතාල පාතාලය අතර ප්‍රශ්නයක්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..