News Category
From Date
To Date
Maximum Number of Result

ඕස්ට්‍රේලියාවේ ෆැසිස්ට් පාගමන් පිටුපස ඇත්තේ කුමක්ද?-ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ (CPA) ශාඛා නියෝජ්‍ය ලේකම්, A Carruthers ගේ විග්‍රහය

Sep 4, 2025 at 04:11 PM
|

ඕස්ට්‍රේලියානු ජන සමාජය පරස්පර විරෝධීතාවන්ගෙන් පිරී පවතින මිනිස් සමාජයකි.  තවමත් බොහෝ දෙනෙක් "පදිංචිකරුවන්ගේ ජනපදයක්" ලෙස ඕස්ට්‍රේලියාව හඳුන්වනු ලබයි. එහෙත් ගෝලීය දකුණේ ජනතාව ඕස්ට්‍රේලියාව  "අධිරාජ්‍යවාදය" විසින් යටත් කර ඇති රටක් ලෙස හඳුන්වයි.  කෙසේ වුවද ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ(Communist Party of Australia-CPA)දැක්මට අනුව ඕස්ට්‍රේලියාව අධිරාජ්‍යවාදය විසින් "යටත් කර" ඇති රටක් බව පැවසීම කළ නොහැක. මක් නිසාද යත් ඕස්ට්‍රේලියාව ස්ව කැමැත්තෙන්ම අධිරාජ්‍යවාදී රටක් වන බැවිනි. එනම් එය "බටහිර" සන්ධානයේම කොටසකි. සමහරුන්ට අනුව ඕස්ට්‍රේලියාව යනු "උප-අධිරාජ්‍ය" වන අතර බටහිර බලවතුන් වෙනුවෙන් "ෂෙරිෆ් වරයෙකු" යටතේ පාලනය වන රටකි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් දහඅටවන සියවසේදී ඕස්ට්‍රේලියානු යටත් විජිතය නිර්මාණය කිරීමට උත්සාහ කළේ ඔවුන්ට පැසිෆික් සාගරයේ භූ උපායමාර්ගික මුරපොලක් අවශ්‍ය වූ බැවිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයවාදීන්ට අවශ්‍ය වූ දේ අද ඉෂ්ඨ වී ඇත.

බටහිර සඳහා "උප-අධිරාජ්‍ය ෂෙරිෆ්" ලෙස ඕස්ට්‍රේලියාව රඟ දක්වන  භූමිකාව හෙවත් මෙම බාහිර ගැටළුව එහි අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවලින් වෙන් කර ගත හැක්කක් නොවේ. ඕස්ට්‍රේලියානු පාලන තන්ත්‍රය ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධ කරමින් පලස්තීනයට එරෙහිව ජන සංහාරයට අරමුදල් සපයන ආකාරයටම, එය තමන්ගේම ජනතාවගේ ජීවිත කාලකණ්ණිභාවයට ඇද දැමීමටද කටයුතු කරයි. ධනවාදී ඕස්ට්‍රේලියාව වැඩ කරන ජනතාවට ජීවත් වීමට පහසු ස්ථානයක් නොවේ.  පළමු ජාතීන්ගේ ජනතාව(බොහෝ ඕස්ට්‍රේලියානු දත්ත එකතු කිරීම් වලදී, පළමු ජාතීන්ගේ ජනතාව ලෙස තමන්ව හඳුනා ගත් හෝ නියෝජිතයෙකු විසින් -උදාහරණයක් ලෙස, ඔවුන්ගේ දෙමාපියන් හෝ භාරකරු- හඳුනාගෙන ඇති පුද්ගලයින් ආදිවාසී සහ/හෝ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් සම්භවයක් ඇති අය හඳුන්වයි.) දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. ඕස්ට්‍රේලියාව තුළ දැඩි නිවාස අර්බුදයක් පවතී. එනම් සාමාන්‍ය නිවසක කුලිය සතියකට ඕස්ට්‍රේලියානු ඩොලර් 1000 දක්වා ඉහළ යමින් පවතින අතර නිවසක් විකිණීමේ මිළ සාමාන්‍යයෙන් ඩොලර් මිලියනය ඉක්මවයි. මෙය බොහෝ දෙනෙකුට දැරිය නොහැකි මිළකී. මේ වන විට ඕස්ට්‍රේලියානුවන් 120,000 ක් නිවාස නොමැතිව සිටින අතර, පාලනය නොකළහොත් ඕස්ට්‍රේලියාව ඉක්මනින්ම ලෝකයේ ඉහළම නිවාස නොමැති ජන අනුපාතයක් සහිත රටක් බවට පත්වනු ඇත. අධිවේගී දුම්රිය ජාලයක් ගොඩනැගීම, නිවාස සහ ජීවන වියදම් අර්බුද අවසන් කිරීම, කර්මාන්ත ජනසතු කිරීම සහ ජනතාවගේ අනාගතය සඳහා සැලසුම් කිරීම වෙනුවට, එය AUKUS( ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ආරක්ෂක ගිවිසුම ඉන්දු-පැසිෆික් කලාපයේ තාක්‍ෂණික බෙදාගැනීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම සන්ධානය පුළුල් ලෙස වටහාගෙන ඇත්තේ එම උපායමාර්ගිකව වැදගත් ප්‍රදේශයේ චීන ආක්‍රමණ සහ අභිලාෂයන්ට ප්‍රතිචාර වශයෙන් සහ ඒවාට එරෙහිව වැළැක්වීමක් ලෙස උපායමාර්ගික ගොඩනැගීමක් ලෙස ය.) සඳහා ඩොලර් බිලියන 400 ක් වියදම් කරයි.

ඕස්ට්‍රේලියාව පළමු ලෝකයේ පොහොසත් රටක් යන අදහස මතු පිටින් පෙනෙන  සත්‍ය වුවද යථාර්ථයේ දී එය දුප්පත්, අනාරක්ෂිත සහ මිනිසුන්  එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින ජනතාවක් වාසය කරන රටකි.

එබැවින් මෙම ප්‍රතිවිරෝධතා හේතුවෙන් සුදු ජාතිකවාදය ඉස්මතු වේ. අධිරාජ්‍යවාදය යනු ධනවාදයේ ඉහළම අවධිය යන්න මාක්ස්වාදින්ගේ කියවීමයි.ඒ අනුව ෆැසිස්ට්වාදය අධිරාජ්‍යවාදයේ ඉහළම අවධිය යැයි කෙනෙකුට පැවසිය හැකිය. ඕස්ට්‍රේලියානු ධජයම පළමු ජාතීන්ගේ ජනතාව යටත් කර ගැනීමේ සංකේතය වන "යුනියන් ජැක්" ඇති නිසාම මෙවැනි ප්‍රවනතා වලට දිශානති වීම ඉතා පහසුය. 

ෆැසිස්ට්වාදීන්ගේ සහ ඔවුන්ගේ සහචරයින්ගේ පන්ති සංයුතිය පිළිබඳ සලකා බැලීමෙන් පමණක් සියල්ල විශ්ලේෂණය කළ නොහැක. ඔවුන් බොහෝ විට පන්ති පසුබිම්වල මිශ්‍රණයකින් පැමිණි අය විය හැකිය. නමුත් අප දන්නා කරුණ නම් පසුගිය දිනවල ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර ආශ්‍රිත්ව පැන නැගුණු පාගමන්වලට සම්බන්ධ වූ පුළුල් ජනසංයුතිය තුළ ෆැසිස්ට්වාදීන් නොවන ජනතාවද සිටින බවයි. එය ඇත්ත වශයෙන්ම මෙම ප්‍රවනතාවය අතිශයින්ම භයානක ය.

ඕස්ට්‍රේලියානු රජය මෙම තත්වය පාලනය කිරීමට කිසිවක් නොකරන බව ද සැලකිල්ලට ගැනීම වැදගත්ය. ඕස්ට්‍රේලියාව තුළ ෆැසිස්ට්වාදය සහ නාසිවාදය නීති විරෝධී නොවේ. එහෙත් ලෝකයේ වෙනත් රටවල පුද්ගලයෙකුට ෆැසිස්ට්වාදියෙකු ලෙස පෙනී සිටීමට නීතිමය අවසරයක් නැත. උදාහරණයක් ලෙස බැටිස්ටාට එරෙහිව ෆැසිස්ට් විරෝධී යුද්ධයක් කළ කියුබාවේ හෝ ජපානයට එරෙහිව ෆැසිස්ට් විරෝධී යුද්ධයක් කළ චීනයේ, ෆැසිස්ට්වාදියෙකු වීම නීති විරෝධී ය. ඕස්ට්‍රේලියාව තුළ පවතින පන්ති ස්වභාවය සහ ඕස්ට්‍රේලියාවේ අධිරාජ්‍ය-යටත් විජිත ඉතිහාසය ෆැසිස්ට්වාදයේ නැගීමට බොහෝ ඉවහල් වේ.

අපගේ කියවීම නම් ඔස්ට්‍රේලියාව මුහුණ දෙන වර්තමා ගැටලුව වලට මූලය ජාතිකවාදයම නොවන බවයි. පලස්තීන ජාතිකවාදීන් ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය සංවිධානය කරන නිදහස් පලස්තීන පාගමන්වලට සහභාගී වන අතර, ලොව පුරා කළු ජාතිකවාදීන් සහ ජාතික විමුක්ති හමුදා වර්ගවාදයට, ෆැසිස්ට්වාදයට සහ අධිරාජ්‍යවාදයට එරෙහිව දැවැන්ත ජයග්‍රහණ ලබා ගෙන ඇත. ගැටලුව වන්නේ ඕස්ට්‍රේලියානු රාජ්‍යය ඔස්ට්‍රේලියානු ජාතිය ලෙස හඳුනාගෙන ඇති ප්‍රපංචයයි. අපට අවශ්‍ය වන්නේ අධිරාජ්‍ය විරෝධී සහ යටත් විජිත විරෝධී වාමාංශිකයින් යන දෙඅංශයම නියෝජනය කරන  “ඕස්ට්‍රේලියානු ජාතියක්” සඳහා සම්පූර්ණයෙන්ම වෙනස් දැක්මකි. එය පළමු ජාතීන්ගේ මූලධර්ම, ආදිවාසී දර්ශනය සහ නීතිය මත පදනම් වීම අත්‍යවශ්‍ය බව අපගේ දැක්මයි. අපගේ යෝජනාව වන්නේ වැඩිහිටි සම්මේලනයක් හෝ ස්වදේශික රාජ්‍ය නායකයෙකු ඕස්ට්‍රේලියා පාලනය කළයුතු බවයි. ආදිවාසී ජනතාවට තමන්ගේ කටයුතු සහ ඉඩම් පාලනය කිරීමට අවස්ථාව හිමි විය යුතුය. යටත් විජිතවාදය, නව යටත් විජිතවාදය, අධිරාජ්‍යවාදය සහ ෆැසිස්ට්වාදය අවසන් කළ යුතු බව අපගේ අවධාරණයයි.

අප යෝජනා කරන මෙම ප්‍රවේශය තුළ වන විසඳුම කුමක්ද? එය දෙයාකාරයක සටනකි.එනම් අපට දේශීය හා ජාත්‍යන්තර පෙරමුණු දෙකෙහිම සටන් කිරීමට සිදුවේ.

පළමුවෙන්ම, මගේ මතය අනුව විසඳුම වන්නේ පළමු ජාතීන්ගේ සටන්කාමීන්, බහුතර කම්කරු පන්තිය, වෘත්තීය සමිති, කොමියුනිස්ට්වාදීන් සහ සංක්‍රමණික ප්‍රජාවන් අතර එක්සත් පෙරමුණක් ගොඩනැගීමයි. වත්මනයෙහි ඕස්ට්‍රේලියාවේ දකින්නට ලැබෙන ෆැසිස්ට් රැලිවලදී ඕස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් ඒවා අනුමත නොකරයි. කෙසේ වුවද ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය මේ තත්වය අවදියෙන් සිට පරාජය කිරීමේ අවශ්‍යතාවය වටහා ගෙන සිටි. බහුතර ජනයාගේ සහය නොලැබුවද එම පිරිස වීදිවලින් පලවා හැරීමට කටයුතු කළයුතු අතර ඒ සඳහා ට ඕස්ට්‍රේලියාව පුරා විසිරී සිටින බහුතර සහ සුළුතරයන් එක්සත් කිරීමට ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයට සිදුවනු ඇත.

දෙවනුව, යුද්ධයට එරෙහිව සාමය සඳහා ජාත්‍යන්තර ෆැසිස්ට් විරෝධී ව්‍යාපාරය සමඟ අපගේ ෆැසිස්ට් විරෝධී අරගලය බැඳ තබා ගැනීමට අප කටයුතු කරමු. ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරය වැනි කණ්ඩායම් වලින් අප ඉගෙන ගනිමින් සිටිමු. වියට්නාමය, ලාඕසය, චීනය, කොරියාව සහ කියුබාව වැනි ෆැසිස්ට් විරෝධී ජයග්‍රහණ මත පදනම් වෙමින් අප්‍රිකාව, ලතින් ඇමරිකාව, ආසියාව, ගෝලීය දකුණ සහ සමාජවාදී රටවල ක්‍රියාත්මක වන අධිරාජ්‍ය විරෝධී අරගලවලට සම්බන්ධ වීමට ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය කටයුතු කරමින් සිටි. බාහිර ලෝකයෙන් ඉගෙනීම සැමවිටම ඵලදායී හා බුද්ධිමත් ක්‍රියාවක් බවත් ලෝකයෙන් අපව වෙන්කරගනිමින් කටයුතු  කිරීම අදූරදර්ශී චින්තනයක් ගොඩ නගන බව ඕස්ට්‍රේලියානු කොම්යුනිස්ට් පක්ෂයේ දැක්මයි. "සතුරාට එරෙහිව එකමුතුව! ෆැසිස්ට්වාදයට පරාජය! අධිරාජ්‍යවාදය, යටත් විජිතවාදය සහ ෆැසිස්ට්වාදය කිසි විටෙකත් පිළිනොගනිමු!" අපගේ සටන් පාඨය වන්නේය.

ඔස්ට්‍රේලියාවේ මේ වන විට මතුවී තිබෙන නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් ලංකා ලීඩර් පුවත් අඩවිය කළ විමසුමකට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ(Communist Party of Australia) ශාඛා නියෝජ්‍ය ලේකම්, A Carruthers  විසින් අප වෙතයොමු කරන ලද ලිපියෙහි සිංහල පරිවර්තනයයි.

පරිවර්තනය ජිවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.
පළමු වරට පර්සියානු බොක්ක, හෝමුස් සමුද්‍ර සන්ධිය, ඕමාන් මුහුද හෝ උතුරු ඉන්දියානු සාගරය තුළ කිසිදු ඇමරිකානු නෞකාවක් නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.