කරන්නාගොඩගේ පොත එංගලන්තයේ අලෙවි කිරීම තහනම් කරයි..
ලොව විශාලතම මාර්ගගත අලෙවි වේදිකාවක් වන ඇමසන් (Amazon) සමාගමේ එක්සත් රාජධානියේ ශාඛාව විසින්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ ස්වයං චරිතාපදාන ග්‍රන්ථයක් වන ‘The Turning Point: The Naval Role in Sri Lanka’s War on LTTE Terrorism’ එරටදී අලෙවි කිරීම නවතා දැමීමට කටයුතු කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (International Truth and Justice Project) විසින් ඇමසන් සමාගමේ රාජ්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට කරන ලද දැනුම්දීමකට ප්‍රතිචාර වශයෙනි.
එහිදී, ඔවුන් පෙන්වා දී ඇත්තේ කරන්නාගොඩ මහතාට එංගලන්ත රජය විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙම ග්‍රන්ථය අලෙවි කිරීම එරට සම්බාධක නීති උල්ලංඝනය කිරීමක් වන බවයි.
බ්‍රිතාන්‍ය සම්බාධකවලට යටත් පුද්ගලයකුට රාජකීය මුදල් ඇතුළු සම්පත් ලබා දීම, වසර හතක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් ලෙස එරට නීතියේ දැක්වේ.
පසුගිය මාර්තු 24 වන දින බ්‍රිතාන්‍ය රජය විසින් ගෝලීය මානව හිමිකම් සම්බාධක රෙගුලාසි 2020 යටතේ වසන්ත කරන්නාගොඩ ඇතුළු ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුට සම්බාධක පනවන ලදී.
2005 – 2009 කාලය තුළ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී නීතිවිරෝධී ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවූ බවට එල්ල වන චෝදනා හේතුවෙන් මෙම සම්බාධක පැනවීමට එරට රජය තීරණය කළේය.
කරන්නාගොඩ මහතාගේ මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත්තේ බ්‍රිතාන්‍යය පදනම් කොටගත් ලොව විශාලතම ඉංග්‍රීසි පොත් ප්‍රකාශන ආයතනයක් වන පෙන්ගුයින් රැන්ඩම් හවුස් ඉන්ඩියා (Penguin Random House India) ආයතනය විසිනි.
ඇමසන් සමාගම මෙම ග්‍රන්ථය අලෙවියෙන් ඉවත් කර ඇති බවට ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියට ලිඛිතව දැනුම් දී ඇති බව එම ව්‍යාපෘතිය සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..