බද්ද වැඩි කරන්න කළින් හිතවත් ව්‍යාපාරිකයන් ළූණු ටොන් 18,000ක් අර්තාපල් ටොන් 23,000ක් ගෙන්නලා..
අර්තාපල් සහ ළූණු සඳහා බද්ද පනවන බවට වූ තොරතුර එම බද්ද පැනවීමට පෙර තමන්ට කීකරු ව්‍යාපාරිකයන්ට රජය විසින් ලබා දී ඇතැයි සමගි ජන බලවේග දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු, හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක කොළඹ සජබ කාර්යාලයේදී පැවසීය.
මේ හේතුවෙන් බදු අය කිරීමට පෙර ආණ්ඩුවට හිතවත් කූට ව්‍යාපාරිකයන් අල සහ ළුණු තොගයක් ලංකාවට ගෙනැවිත් අවසන් බවත් ඔහු කීවේය.
පසුගිය දින 10 තුළ ළූණු ටොන් 18,000ක් සහ අර්තාපල් ටොන් 23,000ක් බද්ද අය කිරීමට පෙර ලංකාවට ගෙන්වා ඇති බව දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු සඳහන් කළේ ය.
ඒ අනුව, දේශීය ගොවීන්ට ඔවුන්ගේ අස්වැන්න විකුණා ගැනීමට වෙළෙඳපොළක් නැති වී යන බව ඔහු කීය.
ආණ්ඩුව බරපතළ ලෙස රටේ ගොවීන් අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බවත් දුක් විඳ බැංකුවලට ණය වී ලබාගත් අස්වැන්න විකුණා ගැනීමට අවස්ථාවක් නොදී ආණ්ඩුවට හිතවත් කූට වෙළෙන්දන්ට වෙළෙඳපොළ විවෘත කර දී තිබෙන බවටත් ඔහු චෝදනා කළේ ය.
ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී, පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලය ආර්ථික වශයෙන් ශක්තිමත් කළ ආණ්ඩුවට ශක්තිය ලබා දුන් කූට ව්‍යාපාරිකයන් වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා වැඩි වේගයකින් වර්තමාන ආණ්ඩුව ආරක්ෂාව සලසමින් සිටින බවටත් ඔහු තවදුරටත් චෝදනා කළේ ය.
- සචිත‍්‍ර පෙරේරා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ