News Category
From Date
To Date
Maximum Number of Result

පිළිගත නොහැකි හේතු ඉදිරිපත් කරමින් කැරිබියානු මුහුදේ එක්සත් ජනපද හමුදා යෙදවීම කලාපයේ සාම්කාමී පැවැත්මට තර්ජනයක් එල්ල කරනවා-කියුබානු විදේශ කටයුතු අමාත්‍යාංශ

Aug 29, 2025 at 04:31 PM
|

වෙනිසියුලාවට අයත් මුහුදු කලාපයට ආසන්නයටම අමෙරිකානු හමුදාවට අයත් සබ්මැරීන න්‍යෂ්ඨික අවි ඇතුළු අමෙරිකානු නාවික හමුදාවේ භටයන් විශාල පිරිසක් රඳවා තැබීම කියුබානු විදේශ අමාත්‍යාංශය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...


පිළිගත නොහැකි හේතු ඉදිරිපත් කරමින් කැරිබියානු මුහුදේ එක්සත් ජනපද හමුදා යෙදවීම කලාපයේ සාම්කාමී පැවැත්මට තර්ජනයක් එල්ල කරනවා-කියුබානු විදේශ කටයුතු අමාත්‍යාංශ

පිළිගත නොහැකි හේතු ඉදිරිපත් කරමින් කැරිබියානු මුහුදේ එක්සත් ජනපද හමුදා යෙදවීම කලාපයේ සාම්කාමී පැවැත්මට තර්ජනයක් එල්ල කරනවා-කියුබානු විදේශ කටයුතු අමාත්‍යාංශ

කැරිබියානු මුහුදේ එක්සත් ජනපද හමුදා යෙදවීම කියුබානු රජය තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන්නේය. මෙම භයානක ක්‍රියාව ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු ජනතාවගේ ස්වෛරීභාවයට සහ ස්වයං නිර්ණයට එරෙහිව බරපතල තර්ජනයක් සහ ආක්‍රමණශීලී බලය පෙන්වීමක් නියෝජනය කරන බව අවධාරණය කරමු. තවද, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාවේ සාමාජික රටවල් 33 කලාපය සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් එම රටවල කැපවීම අමෙරිකා එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව මගින් නොසලකා හරියි.


වෙනිසියුලාවේ නීත්‍යානුකූල රජය සහ එහි ජනාධිපති නිකොලස් මධුරෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ සංවිධාන සමඟ සම්බන්ධ කරමින් කරනු ලබන පදනම් විරහිත චෝදනාව විකාර සහගත කඩතුරාවක් බව පවසමු. මෙම වසරේ එක්සත් ජනපද භූමියට තර්ජනයක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයුම්වල කතුවරුන් හෝ අනුබල දෙන්නන් අතර වෙනිසියුලානු රජය සඳහන් නොකරන බවට ඔවුන්ගේම මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ ඒජන්සිය (DEA) කළ තක්සේරු වාර්තාව වොෂින්ටනයේ නායකයින් වගකීම් විරහිතව නොසලකා හරිමින් සිටින බවද පෙන්වා දෙමු.

ඔවුන් මුදා හරින ප්‍රචණ්ඩත්වය සහ ඔවුන්ගේ කොල්ලකෑම සාධාරණීකරණය කිරීම සඳහා එක්සත් ජනපද රජය නැවත වරක් අසත්‍ය පවසයි. ඇමරිකානු මහාද්වීපයේ ඔවුන්ගේ මැදිහත්වීමට තිබෙන යතුර වන මොන්රෝ මූලධර්මය මත පදනම් වූ ආධිපත්‍ය යෝජනා ක්‍රමය භාවිතා කිරීමට නොපැකිලි වන බවද පෙන්වා දෙමු. ව්‍යාජ තර්ක මත පදනම්ව, ඔවුන් සැලකිය යුතු හා දිග්ගැස්සුනු මිනිස් පිරිවැයක් ඇති කරමින් කුරිරු ආක්‍රමණ මින් පෙර රටවල් මත සිදු කර ඇත. මෑත දශකවල උදාහරණයක් වූයේ ඉරාකයේ මහා විනාශකාරී අවි ඇති බවට චෝදනා කරන ලද ප්‍රචාරයයි. මෙම කඩතුරාව ස්වෛරී රටකට පහර දී ආක්‍රමණය කිරීමට සේවය කළ අතර එමඟින් එහි පුරවැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ මරණයට සහ ඒ හා සමාන පිරිසක් බලහත්කාරයෙන් අවතැන් කිරීමට හේතු විය.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2025 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවට අනුව, එක්සත් ජනපදය කලාපයේ මෙන්ම සමහර විට ලෝකයේ විශාලතම මත්ද්‍රව්‍ය වෙළඳපොළ බවට පත්ව තිබේ. සමස්ත ලෝකයම මෙම කරුණු හොඳින් දන්නා හෙයින් ජාත්‍යන්තර ප්‍රජාව අමෙරිකා එකසත් ජනපදයේ ක්‍රියාව හෙළා දැකිය යුතුය.විශාලතම මත්ද්‍රව්‍ය ජාල එක්සත් ජනපදය සතුව ඇති අතර  එහිදී ඔවුන් පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම, බෙදා හැරීම කළමනාකරණය කිරීම  සහ ජාවාරම් කිරීම, එකතු කිරීම සහ ලාභය හසුරු වීමද කරනු ලබයි.

එවැනි ජාල සමස්ථ අමෙරිකාවේම ආර්ථිකය තුළ ලැබෙන මත්ද්‍රව්‍ය මුදල් සාපේක්ෂ දඬුවම් විරහිතව විශුද්ධිකරණයෙහි යොදවන අතර රජය විසින් ඒවා නැවැත්වීමට බරපතල හා ඵලදායී උත්සාහයන් නොගනී.

 එක්සත් ජනපද වෙළඳපොළෙන් ලැබෙන අතිවිශාල නීති විරෝධී ආදායම ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල මතුවීම සහ ක්‍රියාත්මක වීමට දිරිමත් කරයි. අමෙරිකාවේ බලවත් අවි කර්මාන්තය සහ වාණිජකරණය සඳහා අමෙරිකානු රජය පාලනයකින් තොරව ලබා දී ඇති වරප්‍රසාද, කලාපයේ අපරාධ සංවිධානවල මැර බලය පෝෂණය කරයි. එක්සත් ජනපදය තුළ මෙම සංසිද්ධියේ මූල හේතු ඉවත් නොකිරීමට කටයුතු කිරීම නොසලකා හැරීම සහ අසමත් වීම මෙම මත්ද්‍රව්‍ය වසංගතයේ කලාපීය බලපෑම තීව්‍ර කරනු ඇත.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව අවංක හා ඵලදායී සටනක් වෙනුවෙන් සහ ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සහ ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කියුබාව සිය ස්ථිර කැපවීම නැවත අවධාරණය කරමු.

කැරිබියන් මුහුදු කලාපය යුද කලාපයක් බවට පත් කිරීම සඳහා නිදහසට කරුණක් ලෙස අක්‍රමවත් සංක්‍රමණ ප්‍රවාහ භාවිතා කිරීම කියුබාව ඒ හා සමානව දැඩි ලෙස හෙළා දකින බව අවධාරණය කරමු. අවම සාමාන්‍ය බුද්ධියක් සහ අවංකභාවයක් ඇති කිසිවෙකු විශ්වාස අමෙරිකාවේ මෙම ප්‍රකාශ විශ්වාස කරන්නේ නැත. එක්සත් ජනපදය මෙම සාමකාමී ප්‍රදේශයේ යෙදවීමට උත්සාහ කර ඇති හමුදා ප්‍රමාණය, හමුදා උපකරණ , න්‍යෂ්ටික සබ්මැරීන ඇතුළු නාවික හමුදා සහ ගිනි බලය සංවිධානාත්මක අපරාධ, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම හෝ අක්‍රමවත් සංක්‍රමණ ප්‍රවාහයන්ට එරෙහිව සටන් කිරීමට සුදුසු ක්‍රමයක් නොවන බවත්, එවැනි යෙදවීම් සැබවින්ම එහි ප්‍රකාශිත ඉලක්ක සපුරා ගැනීමට හැකියාවක් නොලබන බවත් පෙනවා දෙමු.

පසුගිය අගෝස්තු 20 වන දින පැවති 13 වන ALBA-TCP අතිවිශේෂ සමුළුවේදී කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් බර්මියුඩෙස් විසින් නව අධිරාජ්‍යවාදී බල සංදර්ශන තරයේ හෙළා දකින ලෙස කළ ඉල්ලීම කියුබාව නැවත අවධාරණය කරන්නේය.


හවානා, 2025 අගෝස්තු 28

US Military Deployment in the Caribbean Sea Threatens the Region Under Absurd Pretexts

Statement by the Ministry of Foreign Affairs

The Cuban Government strongly rejects the current deployment of United States military forces in the Caribbean Sea. This dangerous action represents a serious threat and an aggressive show of force against the sovereignty and self-determination of the peoples of Latin America and the Caribbean. Furthermore, it ignores the commitment of the 33 Member States of the Community of Latin American and Caribbean States when they proclaimed the region as a Zone of Peace.

The US claims associating the legitimate government of Venezuela and its President Nicolas Maduro with criminal organizations involved in illegal drug trafficking is an absurd pretext that is unfounded. Leaders in Washington are irresponsibly disregarding the assessment of their own Drug Enforcement Agency (DEA) that, in its report this year, does not mention the Venezuelan Government among the authors or enablers of drug trafficking operations threatening the United States territory.

The Government of the United States resorts to lies once again to justify violence and plunder. They use them in the renewed implementation of the dominance scheme based on the Monroe Doctrine, key to their interventionism in the American continent. On the basis of similar fallacies, they have carried out ruthless aggressions resulting in considerable and protracted human costs. An example from recent decades was the charade about the alleged presence of weapons of mass destruction in Iraq. This pretext served to attack and invade a sovereign country, causing the death of hundreds of thousands of its citizens and the forced displacement of a similar figure.

The United States is the largest market of narcotic drugs in the region and possibly the world, according to the World Drug Report 2025, published by the United Nations Office on Drugs and Crime. This fact is well-known and the international community must denounce it.  It is in the US where the largest networks are located, encouraging consumption, guaranteeing distribution, facilitating traffic, collection and accumulation of the large proceeds. Such networks launder the resulting drug money within the country's own economy with relative impunity, without serious and effective efforts being made by the government to stop it.

The immense proceeds from the illegal US market encourage the emergence and operation of drug trafficking networks in Latin America and the Caribbean. That country's powerful arms industry and its uncontrolled privileges for commercialization feed the deadly power of the region’s criminal organizations. Neglect and failure to act on the root causes of the phenomenon within the United States will only intensify the regional impact of this scourge.

Cuba reiterates its firm commitment with the honest and effective fight against illegal trafficking in drugs, the defense of the national sovereignty and the promotion of peace and stability in Latin America and the Caribbean.

Cuba denounces in equally strong terms the use of irregular migration flows as an excuse to turn the waters of the Caribbean Sea into a war zone. No one with minimum common sense and honesty believe that the quantity of the troops, the combat materiel, naval forces, including nuclear submarines, and the firepower that the United States has sought to deploy in this peaceful area of the world, is the appropriate manner to fight organized crime, illicit drug trafficking or irregular migration flows, nor that such deployment is truly pursuing its stated goals.

Cuba reiterates the call made by President Miguel Diaz-Canel Bermúdez, at the 13th Extraordinary Summit of ALBA-TCP, last 20 August, to firmly denounce the new imperialist shows of force.

Havana, 28 August 2025.

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.
පළමු වරට පර්සියානු බොක්ක, හෝමුස් සමුද්‍ර සන්ධිය, ඕමාන් මුහුද හෝ උතුරු ඉන්දියානු සාගරය තුළ කිසිදු ඇමරිකානු නෞකාවක් නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.