රණවිරුවන් පාවාදෙන සහ ඊළමට පාර කපන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියේ යෝජනාවට එකඟ නොවනු.! - මහජන පෙත්සම අත්සන් තබයි..
රණවිරුවන් පාවාදෙන සහ ඊළමට පාර කපන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියේ යෝජනාවට එකඟ නොවන ලෙස රජයෙන් ඉල්ලා සිටීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීම කොළඹ එන්.එම්. පෙරේරා ශාලාවේ දී ඊයේ(28) දින සිදු විය.
මෙම මහජන පෙත්සම අත්සන් කිරීමේ ව්‍යාපාරය සංවිධානය කර තිබුනේ රණවිරු ජනපවුර මගිනි.
එහිදී වර්තමාන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා පහත දැක්වෙන කරුණු අනාවරණයක් ද සිදුවිය.
ගරු විදේශ අමාත්‍ය,
විජිත හේරත් මැතිතුමා,
විදේශ කටයුතු අමාත්‍යාංශය,
කොළඹ 01.
ගරු අමාත්‍යතුමනි,
මහජන පෙත්සම
රණවිරුවන් පාවාදෙන සහ ඊළමට පාර කපන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියේ යෝජනාවට එකඟ නොවන ලෙස ඉල්ලා සිටීම
1. මෙම වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 59 සැසියෙදි අප රටේ රණවිරු දඩයම් ක්‍රියාවලියට අදාළ නීතිමය රාමු 9ක් අතුරින් 8වැන්න හෙවත් ඉතා බරපතළ නීතියක් වන සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසංවිධාන කොමිසම පනත සම්මත කරන බවට ඔබතුමා විසින් පොරොන්දුවක් ලබා දී ඇත.
2. එසේම සැප්තැම්බර් 8 දින ආරම්භ වන 60 වැනි සැසියට අදාළව ජනමාධ්‍ය මගින් සිදුකළ විමසීමකදී ඊට පිළිතුරු දෙමින් ඔබතුමා සඳහන් කරන්නේ ස්වාධීන අභිචෝදක කාර්යාලයක් මගින් ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව ඊනියා යුධ අපරාධ චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂ්‍යම කිරීම සඳහා රණවිරු දඩයම් නීතිමය රාමු 9 අතරින් අවසන් නීතිය වන ස්වාධීන අභිචෝදක කාර්යාල පනත සම්මත කරන බවය.
3. ඊට අමතරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔබතුමා තවදුරටත් සඳහන් කරන්නේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියට “මෘදු” යෝජනාවක් ඉදිරිපත් වන බවය. ඒ මඟින් ඔබතුමා සහ පසුගිය ජුලි මාසය දි අප රටට පැමිණි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වොල්ටර් ටූර්ක් සමඟ රටේ මහජනයා නොදන්නා යම් එකඟතාවයක් ඇති කරගෙන තිබෙන බව ගම්‍ය වේ.
4. ඒ අතර අගෝස්තු 4 වැනි දින ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී දේශපාලන පක්ෂ විසින් වෝල්ටර් ටුර්ක් මහතා වෙත යොමු කළ ලිපියකට ක්ෂණිකව පිළිතුරු ලබාදෙමින් එතුමා සඳහන් කරන්නේ 60 වැනි සැසියේ තම වාර්තාව සහ යෝජනාව මගින් ඔවුන්ගේ අපේක්ෂා ඉටුවන බවය. එම ප්‍රකාශය තුළ ඊට වර්තමාන රජයේ එකඟතාවයක් තිබෙන බව ද වක්‍රව සඳහන් වේ.
5. ඒ අනුව පැහැදිලි වන්නේ රජය සහ වෝල්ටර් ටූර්ක් ප්‍රමුඛ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග අතර ඇතිකරගන්නා එකඟතාවයකට අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඊනියා මෘදු යෝජනාවක් ඉදිරිපත් වන බව සහ ඒ මගින් බෙදුම්වාදී බලවේගවල අපේක්ෂා ඉටුවන බවය. එම එකඟතාවය 2019 දී 11/1 යෝජනාවට අදාළව සිදුකළ ආකාරයට අදාල යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම මගින් හෝ 2015 දී 30/1 යෝජනාවට අදාළව සිදුකළ ආකාරයට අදාළ යෝජනාව ස්තුති පූර්වකව පිළිගැනීම මගින් සිදුකළ හැකි බව ඉතා පැහැදිලිය.
6. ඒ සියල්ලට අමතරව මාස 6ක කාලයකයට පසුව පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු විසින් සඳහන් කර ඇති අතර ඒ අනුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට ද ඒකකතාවයක් ඇති වී තිබෙන බව ඉතා සාධාරණව පිළිගත හැක. මීට පෙර 2009 දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා විසින් සමානුග්‍රහය දැක්වූ 11/1 යෝජනාවේ අඩංගු වූ ප්‍රධානම එකඟතාවය 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමය. ඊට හිලව්වක් හෝ කෘතගුණ සැලකීමක් ලෙස එම යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට කිසිදු යුධ අපරාධ චෝදනාවක් එල්ල නොවීය. නමුත් එම එකඟතාවය ඉටු කිරීමට මහින්ද රාජපක්ෂ රජයේ අසමත් වීම නිසා ඔහු බලයෙන් පහකළ යුතු බවට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රබලයකු වූ ඇලන් කීනන් විසින් බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසීය.
7. එම තත්ත්වය තුළ ඉන්පසුව බලයට පත් වූ ආණ්ඩුවට 2015 දී 30/1 යෝජනාව ස්තුති පූර්වකව පිළිගැනීමට සිදුවූ අතර ඒ මඟින් රණවිරු දඩයමට අදාළව ඉහත සඳහන් කළ ආකාරයට නීතිමය රාමු 9ක් සම්මත කිරීමට සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා එකඟතාවය ඇති වූ අතර අද වන විට එම නීතිමය රාමු අතුරින් 7ක් සම්මත කර අවසන්ව තිබේ. එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ රජයට බලපෑම් කිරීම හෙවත් බිය ගැන්වීම සඳහා 46/1 යෝජනාව මගින් යුධ අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවනු ලැබීය.
8. ඒ අනුව දැන් ඩයස්පෝරාව ප්‍රමුඛ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවලට ඊනියා යුද අපරාධ විමර්ශන ජාත්‍යන්තර යාන්ත්‍රණය නැමැති “කෙවිට” පෙන්වා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ විශ්‍රාමික සහ සේවයේ නියුක්ත උසස් ආරක්ෂක හමුදා නිලධාරීන් බිය ගැන්වීමට හැකි වී ඇත. ඔබතුමා ප්‍රමුඛ රජය රණවිරු දඩයමට අදාල අවසන් නීති දෙක සම්මත කිරීමට එකඟවීම මගින් මෘදු යෝජනාවක් අපේක්ෂා කරන්නේ එම බිය ගැන්වීමට යටත් වීම නිසා බව සැඟවිය නොහැක. එසේ බියට පත්වීම නිසා එම එකඟතාවයන් ඇතිකර ගන්නා බව උපකල්පනය කිරීම සාධාරණ වන්නේ ඒ මගින් ඇතිවන අවසාන ප්‍රතිඵලය කෙතරම් භයානකද යන්න තේරුම් ගැනීමේදීය. ආණ්ඩුව විසින් දෙමළ ඩයස් පෝරාව සතුටු කිරීම සඳහා පුනරුත්ථාපනය කළ බවට හඳුන්වන ත්‍රස්තවාදී සාමාජිකයන්ගේ කටඋත්තර යොදා ගනිමින් හිටපු නාවික හමුදාපතිවරයා සිරගත කිරීමට සැළැස්වීම වැනි ක්‍රියා සිදුකළද ඒ මගින් අපේක්ෂීත සහනය නොලැබෙන බව ඉතා කෙටි කළකින් ඔබ තුමන්ලාට වැටහෙනු ඇත.
9. එසේ අනාගතයේදී ආණ්ඩුවට ඉතා බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන ආකාරයට ඊනියා මෘදු යෝජනාවට එකඟවීම හෙවත් කැමැත්තෙන් මර උගුලට පය තැබුවද ආණ්ඩුවට ගැලවීමක් නොමැති බව ඉතා පැහැදිලිය. ඊට හේතුව ඊනියා ජාත්‍යන්තර යාන්ත්‍රණ කෙවිට යොදා ගනිමින් ආණ්ඩුවේ පමණක් නොව සමස්ත රාජ්‍යයේ සහ රණවිරුවන් ප්‍රමුඛ පොදු ජනතාවගේ ගෙල සිරවන තෙක් සියලු කොන්දේසි ඉටු කිරීමට ආණ්ඩුවට බල කෙරෙන බවට කිසිදු සැකයක් නොමැති වීමය.
10. එම නිසා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා සිදුකරන බලපෑම්වලට යටත් වී බෙදුම්වාදී මාර්ග සිතියම තුළ රණවිරු දඩයම සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා පාර කැපීමට ඉදිරිපත් නොවන ලෙස රණවිරු ප්‍රජාව ලෙස අප ඔබතුමාගෙන් දැඩි අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින අතර ඒ වෙනුවට පහත සඳහන් පියවර ගන්නා ලෙස ඉතා කරුණාවෙන් දන්වා සිටිමු.
i. සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස සහ අණදීමේ වගකීමට අදාළව රණවිරුවන් පාවාදෙන සහ රට තුළ ජාත්‍යන්තර මැදිහත්වීමට ඉඩ සලසන සත්‍ය සෙවීමේ කොමිසම් පනත සම්මත නොකිරීම (රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පවා අදාළ පනත කැසට් කළ ද එය සම්මත කරන බවට පොරොන්දුවක් ලබාදීමට හෝ සම්මත කිරීමට දිරිමත් වූයේ නැත)
ii. මීට පෙර කිසිදු රාජ්‍යයක් එකඟ නොවූ ස්වාධීන අභිචෝදක කාර්යාල පනත සම්මත කිරීම මගින් ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ වෙනත් රටවල අභිචෝධකයින් සමඟ සම්බන්ධීකරණය දිරිමත් කිරීම සහ දේශීය සහ විදේශීය වශයෙන් ක්‍රියාවලිය කාර්යක්ෂ්‍යම කිරීමේ මහා පාපකර්මයට දායක නොවීම.
iii. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්ම කිරීමට එකඟ නොවීම හෙවත් මීට පෙර ජනාධිපතිවරුන් 8 දෙනකු විසින් නොකළ වරද සිදුකිරීමට ඉදිරිපත් නොවීම.
iv. කිසිදු ලෙසකින් අනාගතයේදී ආපසු හැරවිය නොහැකි එම බරපතළ වැරදි හෙවත් පාවාදීම සිදුකිරීම හෙවත් යටත්වීම වෙනුවට ඊනියා ජාත්‍යන්තර යුද අපරාධ යාන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි බව සහ ශ්‍රී ලංකකාවේ ආරක්ෂක හමුදා පද්ධතියක් ලෙස යුද අපරාධ නොකළ බව ඔප්පු කිරීම සඳහා පවතින ප්‍රබල නීතිමය සහ කරුණුමය සාක්ෂි මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට ඉදිරිපත් කිරීම.




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්