රාජිතගේ වත්කම් රාජසන්තක කරන්නැයි අල්ලස් කොමිසම උසාවියෙන් ඉල්ලයි..
අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටිම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන මගහරිමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ වත්කම් රාජසන්තක කරන ලෙසට ඉල්ලා අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම හමුවේ අද මෝසම ගොනුකරමින් අල්ලස් කොමිසම ඉල්ලා සිටියේ, රාජිත සේනාරතනගේ නමට පවතින රුපියල් මිලියන 30ක වටිනාකමින් යුත් කොළඹ පිහිටි වත්කම් රාජසන්තක කරන ලෙසයි.
අල්ලස් කොමිසම ගොනුකළ මෝසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ සලකා බැලීමට නියමිතව තිබිණි.
මේ මස මුලදී අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම් අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය.
විමර්ශකයන් චෝදනා කළේ, හිටපු අමාත්‍යවරයා කිහිප වතාවක් සිතාසිවලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ බවත්, ඔහු ඇමතිවරයෙක් ලෙස කටයුතු කළ සමයේදී ලබා දුන් ආන්දෝලනාත්මක කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් වැළකී සිටින බවත්ය.
මෙම නඩුව කිරින්ද ධීවර වරායේ වැලි හෑරීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ වන අතර එය කොරියානු සමාගමකට ලබාදී ඇත.
මෙම ගනුදෙනුවෙන් රජයට රුපියල් මිලියන 20කට අධික මූල්‍ය අලාභයක් සිදුවූ බව අල්ලස් කොමිසම පවසයි.
රාජිත සේනාරත්න අතුරුදන්ව සිටින බවත්, ඔහුගේ දුරකථන ක්‍රියාවිරහිත කර ඇති බවත්, ඔහුගේ නිවස හිස් බවත් වාර්තා කරමින්, ඔහු හිතාමතාම අත්අඩංගුවට ගැනීම මගහරිමින් සිටින බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..