රනිල් වෙනුවෙන් නීතිඥයන් තුන්සීයක්..
දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (26 වැනිදා) පස්වරු 1.00 ට කැඳවීමට නියමිතය.
හිටපු ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ වන මෛත්‍රි වික්‍රමසිංහ, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එංගලන්තයේ ලන්ඩන් නුවර දින 02 ක් පෞද්ගලික සංචාරයක නිරත වී රුපියල් ලක්ෂ 166 කට අධික රාජ්‍ය මුදල් අයථා ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබෙන නඩුව එලෙස කැඳවීමට නියමිතය.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න, මූල්‍ය විමර්ශන අංශ 03 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් කළ විමර්ශනයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්ද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම මස 22 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගෙන් ප්‍රශ්න කර සටහන් කරගනු ලැබූ ප්‍රකාශයෙහි සාරංශගත කරුණු ද අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් 300 කින් පමණ සමන්විත නීතිඥ මණ්ඩලයක් පෙනී සිටීමට නියමිතය. විපක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට පැමිණෙන ලෙස දැනුම් දෙනු ලැබ ඇත. විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස දැනුම් දී තිබේ.
එමෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල සියලුම නීතිඥ කණ්ඩායම්වලට ද නඩුව සඳහා සහභාගි වන ලෙස දැනුම් දී ඇති අතර බස්නාහිර පළාත නියෝජනය කරන විපක්ෂයේ ආසන සංවිධායකවරුන්ද හැකිනම් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද දින පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් පොලිසිය විසින් අද ක්‍රියාත්මක කර තිබේ.
මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා අද (26 වැනිදා) දිනයේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් සඳහන් කළේය.
- ඉෂාර රත්නකාර
Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..