News Category
From Date
To Date
Maximum Number of Result

රටපුරා වෛද්‍ය වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කෙරේ..

Aug 24, 2025 at 07:04 AM
|

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් ආරක්ෂා කර ගැනීම පසෙකලා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන වෛද්‍යවරුන් පලවා හැරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් වෛද්‍ය හිඟය උග්‍ර වීමේ අවදානමක්

පසුගිය සමයේ පැවති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ මෙරට සෞඛ්‍ය පද්ධතියෙන් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 2500කට අධික සංඛ්‍යාවක් ඉවත් වී විදෙස් ගත වී ඇති අතර එම ප්‍රවණතාවයේ සැලකිය යුතු මට්ටමක අඩුවීමක් මෙතෙක් දක්නට නොමැත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් පද්ධතියේ සෞඛ්‍ය සේවාවන් සැපයීමේදී බරපතළ අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදුවී ඇත.

වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය හා සාධාරණය ඉටු කිරීමත්, යහපත් වෘත්තීය පරිසරයක් බිහි කිරීමත් ඔස්සේ වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කරන වැඩපිළිවෙළක් සඳහා වන යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවස්ථා ගණනාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීී, අවශ්‍ය සහයෝගය ද ලබා දී තිබුණද, මෙතෙක් වෛද්‍යවරුන් රැකගැනීම හෝ ආරක්ෂා කිරීම වෙනුවෙන් ස්ථීරසාර වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දියත් වී නොතිබීම අවාසනාවද තත්ත්වයකි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදූරදර්ශී සහ අසමත් වැඩපිළිවෙල හේතුවෙන්, දිනෙන් දින විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් මෙරටට අහිමි වෙමින් පවතී. විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රැකගැනීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් වුවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත්තේ, වෛද්‍යවරුන් රැක ගැනීම නොව ඔවුන් පලවා හැරීමයි.

වෛද්‍යවරුන් රැකගැනීම පමණක් නොව කැපකිරීම් කරමින් රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ සේවාවන් සපයන වෛද්‍යවරුන්ට ආරක්ෂිත වෘත්තීය පරිසරයක් බිහි කිරීම සහ සේවාවන් සැපයීමට අදාළ නීතිමය ආරක්ෂාව ලබාදීමද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ වගකීමකි.

එහෙත් එම වගකීම ඉටු කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වී ඇත.

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව වුවද, රෝහල් පද්ධතිය තුළ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් නිශ්චිත ජාතික වැඩපිළිවෙලක් තවමත් ප්‍රකාශයට පත් වී නැත. මෑත කාලීනව යාපනය තෙලිප්පලෙයි මූලික රෝහල, අක්කරේපත්තුව මූලික රෝහල, දඹාන රෝහල ආදී ස්ථාන ගණනාවකදී සිදුවුනු සිදුවීම් හරහා එය යළිත් තහවුරු වෙයි.

රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ සහ උපකරණ හිඟය මධ්‍යයේ වුවද, රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් අවදානමක් සහිතව වුවද බාහිරින් ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේදයක් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් අනුගමනය කලද, ඒ පිළිබඳ පසුගිය කාලය ඇතිිවූ විමර්ශන, නීතිමය ගැටලු සහ මාධ්‍ය භාවිතාව හේතුවෙන්, බාහිරින් ඖෂධ සහ උපකරණ ලබා ගැනීමට වෛද්‍ය නිර්දේශ නිකුත් කිරීම පිළිබඳ දෙවරක් සිතීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇත.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩිමුඩියේ නිකුත් කරන ලද චක්‍රලේඛයද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි අඩුපාඩු ගණනාවක්ද සහිත හුදු ලියවිල්ලක් පමණි.

සෞඛ්‍ය පද්ධතියේ වටිනාම මානව සම්පත වන විශේෂඥ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරුන්ට සේවාවන් සැපයීමේදී නීතිමය රැකවරණය ලබාදීමට මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු ප්‍රශස්ත වැඩපිළිවෙලක් ප්‍රකාශ කර නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවක් සේවයෙන් ඉවත්ව ගොස් හෝ ඉවත්වීමට තීරණය කර ඇත.

වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන අක්‍රමිකතා සහ අකාර්යක්ෂම වැඩ කටයුතු හේතුවෙන් වෛද්‍යවරුන් දහස් ගණනක් පීඩාවට පත්ව ඇත. පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව සකස් කිරීමේ ක්‍රියාවලියේ සිදුකරන ලද අක්‍රමිකතා හේතුවෙන් සහ ඒ හරහා ඇති වූ ප්‍රමාදය හේතුවෙන්, පීඩාවට පත්වුණු නවක වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් නැවත සිතා බලන මට්ටමට පත් වී ඇත.

නීති, චක්‍රලේඛ හෝ තර්ජන මගින් වෛද්‍යවරුන් රට තුළ බලෙන් රඳවා ගැනීම සිදුකළ නොහැකි බව ඉතිහාසය පුරා යළි යළිත් තහවුරු වී තිබියදීත්, නැවතත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය සතියේදී වෛද්‍යවරුන්ට විදේශීය නිවාඩු ලබාගැනීම අවහිර කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

පසුගිය කාලයේ විදේශගත වී සිට නැවත මෙරටට පැමිණි වෛද්‍යවරුන්ට පවා පත්වීම් ලබාදීම අවහිර කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය, කාලයක් සේවය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදෙස් ගත වන වෛද්‍යවරුන් අවහිර කිරීමේ ප්‍රතිපත්තියක් ද අනුගමනය කිරීම හාස්‍යජනකය.

2022 වර්ෂයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයක් හරහා වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට වසර පහක් දක්වා විදෙස් නිවාඩු ලබාගෙන සේවය කර නැවත සේවාවට එකතු වීමේ අවස්ථාව ලබා දී තිබිණි. එහි අරමුණ වූයේ නැවත එම වෛද්‍යවරුන්ගේ සේවාව මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාවට ලබා ගැනීම සහ විදේශ විනිමයද උපයා ගැනීමයි. එහෙත් එක්වරම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා එම චක්‍රලේඛය අවලංගු කරමින් තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කරන වැඩපිළිවෙළක්ද නොමැතිව, මෙවන් අත්තනෝමතික චක්‍රලේඛ නිකුත් කිරීම හරහා සිදුවනුයේ, එම විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සදාකාලිකවම මෙරටට අහිමි වී යාමයි.

එකිනෙකට පරස්පර විරෝධී ප්‍රතිපත්තීන් මත පිහිටා කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ දැඩි අවධානය යොමු වී ඇති අතර, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දීමට ද නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම වනුයේ ශ්‍රී ලාංකේය නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීම වුවද, මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කරනුයේ සම්පූර්ණයෙන්ම ඊට පටහැනි ප්‍රතිපත්තියක පිහිටා බව අපගේ නිරීක්ෂණයයි. වත්මන් රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවේ ඇති ගැටළු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම තම ප්‍රතිපත්තිය බවට ප්‍රකාශ කළ ද, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කරනුයේ සම්පූර්ණයෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් මතය.

සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී ඇති ගැටලු විසඳීමට ඕනෑ තරම් අවස්ථාවන් සහ කාලය ලබා දී තිබියදීත්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතිය රැකගැනීම වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමට අසමත් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින්ගේ අදූරදර්ශී, උදාසීන සහ අකාර්යක්ෂම ක්‍රියාකාරීත්වයට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදුවී ඇත.

ඒ අනුව වෛද්‍යවරුන් සහ නිදහස් සෞඛ්‍ය සේවාව රටට අහිමි කරන සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයට එරෙහිව පහත ඉල්ලීම් පදනම් කර ගනිමින් එළඹෙන අගෝස්තු 25වන සඳුදා උදෑසන 08 සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.

සංශෝධිත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතිය සහිතව ප්‍රකාශයට පත් කිරීම සහ ආවරණ ලිපියේ මාතෘකාව ‘පශ්චාත් සිමාවාසික ස්ථානගත කිරීම’ වශයෙන් නිවැරදි කිරීම.

ස්ථානමාරු මණ්ඩලයේ එකගතාවයකින් තොරව කප්පාදු කල දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව ඉවත් කර, ඒ් වෙනුවට ස්ථානමාරු මණ්ඩල එකගතාවය සහිත පෙර පැවති දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට එකතු කර එම වෛද්‍යවරුන්ට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදිම.

ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවෙන් අත්තනෝමතික සහ අනීතික ලෙස ඉවත් කරන ලද පුරප්පාඩු 78 නැවත එකතු කර එම ස්ථාන මාරු ලැයිස්තුව නැවත ප්‍රකාශයට පත් කිරීම.

සෞඛ්‍ය අමාත්‍යවරයා ද ඇතුලු ඉහල නිලධාරින්ගේ උපදෙස් ඉවත දමමින් අත්තනෝමතික සහ අනිතික ලෙස කටයුතු කරමින් වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියේ සහ සෞඛ්‍ය පද්ධතියේ අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු වූ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සේවා – II සහ අධ්‍යක්ෂ, වෛද්‍ය සේවා යන නිළධාරින් සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කිරිම.

වෘත්තිය ක්‍රියාමාර්ග සහ වැඩවර්ජනයේ ඉදිරි තීරණ එදිනට රැස්වෙන රජයේ නිලධාරින්ගේ සංගමය හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කරනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම අදූරදර්ශී, අකාර්යක්ෂම සහ අසමත් වැඩපිළිවෙළ හේතුවෙන් අවසානයේ පීඩාවට පත්වනුයේ මෙරට අහිංසක රෝගී ජනතාව වන අතර, නුදුරු අනාගතයේදී ඒ සම්බන්ධයෙන් ජනතාවටම සෘජුවම පිළිතුරු බැඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට සිදුවනු ඇත.


සම්බන්ධිත පුවත් | Related News

සිවුරට දඬුවම් දෙනවාට තමන් පෞද්ගලිකව අකමැති බවත්, සුද්දාගේ කාලයේත් සිවුරට දඬුවම් දුන් බවත් ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කර සිටියදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ කරුණු දැක්වීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
"සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිදුවීම මුල් කරගනිමින් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජය වගකීම භාරගත යුතු බව ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි. මෙම සිදුවීම හුදෙක් එක් භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය සම්බන්ධ ගැටලුවකට සීමා නොකර, බුද්ධ ශාසනයේ ආරක්ෂාව සහ රජයේ වගකීම් පිළිබඳ පුළුල් සංවාදයක් දක්වා ගෙන යා යුතු බව ද ඔහු අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන පුවත්

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.