කෝට්ටේ නගර සභාව පළමු බිලෙන්ම රුපියල් ලක්ෂ 100ක වංචාවක් කරලා- හිටපු නගරාධිපති ජනක රණවක
කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් , කෝට්ටේ මහනගර සභාවේ කසල කළමනාකරණය සඳහා වූ පළමු බිල්පතින් රුපියල් ලක්ෂ සියයක වංචාවක් සිදුවී ඇති බව අනාවරණය කළේය.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, 2025 මැයි මාසය සඳහා කසල කළමනාකරණයට අදාළව රුපියල් ලක්ෂ 249ක බිල්පතක් කෝට්ටේ මහනගර සභාව විසින් ගෙවා ඇති බවයි. මෙම මුදල කෝට්ටේ නගර සභාව සතු වර්ග කිලෝ මීටර දහයක කුණු ඇදීම, පාරවල් අතුගෑම, බ්‍රෂ් කිරීම සහ වල් පැලෑටි ඉවත් කිරීම සඳහා ගෙවා ඇත. මෙම මුදල ගෙවීම සඳහා මාලිමා මන්ත්‍රීවරුන් 21 දෙනෙකු සිය අනුමැතිය ලබා දී ඇතැයි ඔහු අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන පරිදි, බිල්පතේ සඳහන් වන්නේ මැයි මාසයේ පළමුවන දින සිට 31 වන දින දක්වා පාරවල් 526ක් දිනපතා අතුගා ඇති බවත්, මාසයට දින 16ක් පාරවල් බ්‍රෂ් කර කුණු ඇද ඇත. කෙසේ වෙතත්, නගර සභාවේ උපනගරාධිපතිවරිය ඇතුළු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු ගමන් කරන පාරවල් දින 31ක් අතුගා තිබේද යන්න රණවක මහතා මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය. ජනක රණවක මහතා පවසන්නේ අදාළ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ මාර්ග එලෙස බ්‍රෂ් කර හෝ අතුගා නොමැති බව පවසන බවයි.
මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දක්වමින් රණවක මහතා පැවසූවේ, කෝට්ටේ නගර සභාවේ කොන්ත්‍රාත්කරුගේ ලේඛනවලට අනුව සතියට දින තුනක් පමණක් කුණු ඇද ඇති බවත්, ඒ අනුව මාසයකට දින 12ක් පමණක් කුණු අදින බවත්ය. එහෙත් අදාළ බිල්පතේ දින 16ක් කුණු ඇද ඇති බව සඳහන් වීමෙන්, මැයි මාසයේදී නොකරන ලද වැඩ වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් ගෙවා ඇති බව පැහැදිලි වන බව ඔහු අවධාරණය කළේය.
“වංචාව සහ දූෂණය නතර කරනවා” යැයි පවසමින් පැමිණි මන්ත්‍රීවරුන්, පළමු කසල බිලෙන්ම රුපියල් ලක්ෂ 100ක් වැඩියෙන් ගෙවීමට කටයුතු කිරීම ලැජ්ජාවට කරුණක් බව ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙම වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවත් රණවක මහතා පැවසීය. ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති ලිපියේ, මාලිමා රජය යටතේ කෝට්ටේ නගර සභාවේ කසල කළමනාකරණයෙන් අවම වශයෙන් රුපියල් කෝටියක වංචාවක් සිදුවන බව පෙන්වා දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..