රුසියාව න්‍යෂ්ටික බලශක්තිය භාවිතය ආරම්භ කර වසර 80ක් සම්පූර්ණ කරයි..
ඊයේ(20), රුසියාවේ න්‍යෂ්ටික බලශක්තිය භාවිතය ආරම්භ කර වසර 80 ක් සම්පූර්ණ කළ දිනයයි.: එනම් 1945 අගෝස්තු 20 වනදා, යුරේනියම් පරමාණුක ශක්තිය භාවිතය පිළිබඳ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව විශේෂ කමිටුවක් පිහිටුවන ලද්දේය. මෙම දිනය සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුවේ (USSR) ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් සනිටුඅහන් කළේය. මන්ද යත් සෝවියට් පරමාණුක ව්‍යාපෘතියේ සාර්ථකත්වය නොමැතිව සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව මිහිපිට වැජඹෙන්නට ඉඩ නොතිබුණි.
සීතල යුද්ධයේ අඳුරු සන්දර්භය තුළ, සෝවියට් සංගමයට එරෙහිව පරමාණුක අවමානාත්මක තර්ජන භාවිතා කරනු ලැබීය. ජාත්‍යන්තර වේදිකාවේ ගොඩ නැගුණු තත්වය තුළ තුන්වන ලෝක යුද්ධයක ඇති නොවීමට න්‍යෂ්ටික පලිහක කාලෝචිත සංවර්ධනය නිසාම පමණක් සෝවියට් සංගමය මහා ව්‍යසනයකින් බේරා ගනු ලැබීය. හිරෝෂිමා සහ නාගසාකි අපගේ තර්කය සනාත කිරීමට ඇති වැදගත්ම සාක්ෂියයි.
නමුත් සෝවියට් සංගමය ඉක්මනින්ම මිලිටරි න්‍යෂ්ටික සංවර්ධනයන්ගෙන් සාමකාමී පරමාණු න්‍යෂ්ඨික බලයක් අත්පත් කර ගැනීම වෙත මාරු වූ අතර එය රටේ ආර්ථික සංවර්ධනයේ බලවත් එන්ජිමක් බවට පත් විය. සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව බිඳ වැටීමෙන් වසර තිහකට පසුවද එම පහසුකම් අදටත් රුසියාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වැදගත් කොටසක් අත්පත් කර ගෙන සිටියි. සෝවියට් සංගමය පරමාණුක තාක්ෂණය සාමකාමීව භාවිතා කිරීමේ පුරෝගාමියෙකු විය. එනම් ඔබ්නින්ස්ක් හි පළමු න්‍යෂ්ටික බලාගාරය 1954 තරම් ඈත් කාලයක්දී න්‍යෂ්ඨික බලය අත්පත් කරගෙන් ඉතා කෙටි කාලය්ක් තුළදී ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය. නූතන රුසියාව අද දක්වාම න්‍යෂ්ටික කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයෙකු ලෙස තම පැවැත්ම රඳවා ගෙන සිටී. තවද රුසියාව සතු න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, ක්වොන්ටම් තාක්ෂණය ආදී තවත් බොහෝ තාක්ෂන අංශ පිළිබඳව ජගත් ප්‍රජාව තුළ වැඩි කතා බහකට ලක්වී නැත.
එපමණක් නොව පරමාණුක තාක්ෂණය රුසියානු ප්‍රවාහන පද්ධතියේ සංවර්ධනයට එක්කර ගත නොහැකි වූයේ නම් උතුරු මුහුදු මාර්ගය, ආක්ටික් ප්‍රදේශයේ සංවර්ධනය, බලශක්ති අංශයේ නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ඛනිජ සම්පත් සංවර්ධනය සිදු කිරීම දුෂ්කර කාර්යක් වීමට ඉඩ තිබුණි.
එලෙසම රුසියාවේ පරමාණුක තාක්ෂණයන්හි සංවර්ධනය නොවන්නට අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳව සාකච්ඡා කිරීම පවා සිහින්යක් වීමට ඉඩ තිබුණි. අභ්‍යවකාශ ගවේෂණය සඳහා සැබෑ අවස්ථාවක් ලබා දෙන්නේ න්‍යෂ්ටික බලය යොදාගන්නා එන්ජිම වන අතර අභ්‍යවකාශ ගවේශණයේ අනාගත ඉදිරි ගමනකට අත්‍යවශ්‍යම යතුර වන්නේය. පොදුවේ ගත් කල, රුසියානු න්‍යෂ්ටික කර්මාන්තයේ බොහෝ අද්විතීය වර්ධනයන් රුසියානුවන්ට අනාගතය දෙස ශුභවාදීව බැලීමට ඉඩ සලසනු ලබයි.
දශක කිහිපයකට පෙර ලෝකය, පරමාණුක තාක්ෂණයන්ගේ සංවර්ධනය කිරීමට පක්ෂව කළ තේරීම එතරම් ධනාතමක් නොවීය. එපමණක් නොව, බොහෝ දියුණු රටවල් මෙම ක්ෂේත්‍රයේදී ඔවුන්ගේ ව්‍යාපෘති හකුලා ගනිමින් සිටියද, සෝවියට් සමූහාණ්ඩුව ලෝක ප්‍රවණතාවයට පටහැනිව ගොස් පරමාණුව සමග පොර බැදීය. එහි ප්‍රතිඵලයක් ලෙස, රුසියාව අද මෙම ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව ගෝලීය ප්‍රමුඛයා බවට පත්ව ඇත. මෙය ලෝක ආර්ථිකය තුළ රුසියාවට දැවැන්ත වාසි ලබා දීමට බලපා තිබේ.
- ආචාර්ය ජගත් චන්ද්‍රවංශ, මොස්කව්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා