පුද්ගලික ජැටිවලට වාසි වෙන්න නැගෙනහිර ජැටියේ ගේට්ටු වෙනස් කරලා..- අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පිවිසුම් සහ ගේට්ටු පද්ධතිය වෙනස් කිරීම තුළින් රුපියල් කෝටි 5කට අධික රජයේ මුදල් නාස්තියක් සිදුවිය හැකි බවට වරාය වෘත්තීය සමිති නායක ශ්‍යාමල් සුමනරත්න මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම වෙනස් කිරීම් පෞද්ගලික පර්යන්තවලට වාසි සැලසීම සඳහා සිදුකරන බව පැමිණිල්ලේ සඳහන් වේ.
අදාළ පැමිණිල්ලට අනුව, 2021 වසරේදී නැගෙනහිර පර්යන්තයේ පවත්නා ගේට්ටු සහ පිවිසුම් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබුණි.
එහෙත්, වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව පෞද්ගලික පර්යන්තවලට වාසිවන ආකාරයට මෙම මාර්ග සැලැස්ම වෙනස් කිරීමට කටයුතු කර ඇත.
මෙම තත්ත්වය පිළිබඳව තොරතුරු ලැබුණු වහාම වරාය වෘත්තීය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වරාය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත් කරන ලදී.
එම කමිටුව විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුව, ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක සැලැස්ම දැනට ඉදිකර ඇති ගේට්ටු පද්ධතිය බවට අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.
සුමනරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් කරුණු 10ක් යටතේ ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර, “දූෂණය සහ අල්ලස” යන චෝදනා යටතේ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස CIABOC කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..