අනීතික ගනුදෙනුවකට අවසර නොදීම නිසා දුම්රිය සාමාන්‍යාධීකාරී ඉවත් කළා - වෘත්තිය සමිතිවලින් චෝදනා
දුම්රිය සාමාන්‍යාධීකාරී ධම්මික ජයසුන්දර තනතුරින් ඉවත් කර ඇත්තේ දෙපාර්තුමේන්තුවේ අනීතික ගනුදෙනුවකට අවසර නොදීමේ සිද්ධියක් මූලික කරගෙන බවට දුම්රිය වෘත්තිය සමිති චෝදනා කරති.
ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජනිත් ලංකාගේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ඊයේ (12 වැනිදා) ලිපියක්ද යවමින් අවධාරණය කර ඇත්තේ ප්‍රවාහන ඇමතිවරයාත් නියෝජ්‍ය ඇමතිවරයාත් ඇතුළු පාර්ශවයක් විසින් දුම්රිය දෙපාර්තුමේන්තුව ගැන වැරදි චිත්‍රයක් නිර්මාණය කරමින් මෙම කුමන්ත්‍රණකාරී ඉවත් කිරීම සිදුකර ඇති බවය.
දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් දුරකතන සමාගමක් සමගින් නිසි මාර්ගෝපදේශ අනුගමනය නොකොට රජයට පාඩු වන අන්දමින් සංඥා කේබලයක් දුම්රිය මාර්ගයේ සවි කිරීමට උත්සහා දරා ඇති බවත් එමගින් රුපියල් මිලියන 14 ක වාර්ශික ආදායමක් ඇතැයි හේතු දක්වා ඇති බවත් එම ගනුදෙනුව අනීතික ස්වරූපයක් ගෙන ඇති හෙයින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඊට විරෝධය දක්වා එම උත්සහාය නවතා දමා ඇති බවත් මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
මෙම ව්‍යෘපෘතිය විධිමත් පරිදි සිදුකරන ලෙසත් මෙමගින් දුම්රිය දෙපාර්තුමේන්තුවට මිලියන 700 ක වාර්ශික ආදායමක් ගෙන ආ හැකි බවත් දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා අවධාරණය කර ඇතිමුත් ප්‍රවාහන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු මෙය සිදුකිරිමට අවස්ථාව දෙන ලෙසට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත බලපෑම් කර ඇති බවද නව රජයේ ඇමතිවරුන්ද ඒ පසුපස සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවද ජනිත් ලංකාගේ සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.
මෙම බලපෑම් වලට අනුව අදාල ක්‍රියාව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදුකර නැති බවද දුම්රිය සාමාන්‍යාධීකාරීවරයාගේ පිළීතුර වී ඇත්තේ අමාත්‍යංශයේ ඉහළ නිලධාරියාගේ ලිඛිත නියෝගයක් හෝ ගිවිසුමකට අනුව විධිමත් අන්දමින් මෙම ව්‍යාපෘතිය සිදුකළ යුතු බවද අවධාරණය කරන ශ්‍රීලංකා නිදහස් දුම්රිය සේවක සංගමය මෙය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා තනතුරින් ඉවත් කිරීමට හේතුවූ ප්‍රධානම කරුණ වී ඇතැයිද පෙන්වා දී තිබේ.
ප්‍රවාහන ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා, දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැදවුම්කරු එස්.පී.විතානගේ සහ දුම්රිය දෙපාර්තුමේන්තුවේ දූෂණ වංචා චෝදනා ඇති ඉහළ නිලදාරීන් පිරිසක්ද සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීමට පුරෝගාමී වී ඇතැයිද ඒ උත්සහාය වෙනුවෙන්ම දුම්රිය දෙපාර්තුමේන්තුවේ යහපත් සත්‍ය තොරතුරු වසං කර වැරදි චිත්‍රයක් නිර්මාණය කර ඇතැයිද සදහන් කරන ශ්‍රීලංකා නිදහස් දුම්රිය සේවක සංගමය මේ සම්බන්ධයෙන් විම්ශනයක් සිදුකරන්නේ නම් සත්‍ය වටහාගත හැකි වනු ඇති බවද ලිපියෙන් පෙන්වා දී තිබේ.
ප්‍රවාහන ඇමති බිමල් රත්නායක වරින් වර මාධ්‍යට පැමිණ වත්මන් දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා අකාර්යක්ෂම බව පැවසුවද එවන් අකාර්යක්ෂමතාවක් නැති බවද කෙටි කලක් තුළ දුම්රිය ධාවනය වැඩි කිරීමටත්, යාපනය, බදුල්ල ඇතුළු ප්‍රදේශවලට නව දුම්රිය එක් කිරීම, සංචාරක දුම්රිය ප්‍රවර්ධනය කිරීම, දුම්රිය සේවකයින්ගේ ගැටලු වලට කඩිනම් විසදුම් ලබාදීම, දුම්රිය සේවය කාර්යක්ෂම කිරීම, පරිපාලන වශයෙන් වසර 20ක පමණ කාලයක් තුළ නොවිසදනු බඳවා ගැනීම් පටිපාටි, උසස්වීම්, බඳවා ගැනීම් ඇතුලු ගැටළු විසදීම මෙන්ම දුම්රියේ වන අලින් ගැටීම් වැළැක්වීමේ ක්‍රමවේදය සැකසීම වැනි විශිෂ්ඨ කාර්යබාරයක් සාමාන්‍යාධිකාරවරයා විසින් සිදුකර තිබෙන බවද මෙමගින් අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්