නව විදුලිබල පනත පනතක් නොවේ, මණ්ඩලය විකිණීමේ ටෙන්ඩරයක් - ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමය
වර්තමාන ආණ්ඩුව සම්මත කිරීමට සූදානම් වන විදුලි පනත පනතක් ලෙස නම් කළ නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම විදුලි බල මණ්ඩලය විකිණීමට සකස් කළ ටෙන්ඩරයක් බව ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු මාද්දු ගොඩ ගමගේ මහතා අද (13) පැවසීය.
ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමය විදුලි පනතට විරෝධය දක්වමින් කොළඹදී අද (13) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී මාද්දුගොඩ ගමගේ මහතා එසේ පැවසීය.
විදුලි පනතේ පළමු පිටුවේ 1969 අංක 17 දරණ විදුලි පනත සහ 2009 අංක 20 දරණ විදුලි පනත පරිචින්න කිරීම ලෙස සහ දෙවැනි පිටුවේ කොටස් වෙළෙඳපොළ ලැයිස්ස්ගත කිරීම සහ රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර පිළිවෙත් ලෙස සඳහන්ව ඇති බවත් පළමු පිටුවෙන්ම විදුලිබල මණ්ඩලය විකුණා අවසන් බවත් ඒ මහතා පැවසීය.
පනතේ සියලුම පිටුවල 2007 සමාගම් පනත තුළ සමාගම් නිර්මාණය, එම සමාගම්වල කොටස් බෙදෙන ආකාරය, එම සමාගම් වල පරදු දරන්නන් ලියාපදිංචි කරන්නේ කොහොමද, ප්‍රතිපත්ති හදන්නේ කොහොම ද ලෙස පවතින බව කී ගමගේ මහතා ආණ්ඩුව සමස්තමහජනතාව සහ සමස්ත විදුලි සේවයන් රැවැට්ටු බව ද සඳහන් කළේය.
රංජන් ජයලාල් එදා මෙම විදුලි පනත ගිනි තබා පාර්ලිමේන්තු බලය ගෙන අවසානයේ කඩුවෙල නගරාධිපති බවට පත්වූ බවත් බලයක් නොමැතිව දියාරු වූ ආණ්ඩුවක් ගෙන ආ පනතක් වර්තමාන ආණ්ඩුව එහෙම් පිටින්ම කර තියාගෙන යන බව කී ගමගේ මහතා අනුර කුමාර ජනාධිපතිවරයා පවා විදුලිබල මණ්ඩලය කොටස් වලට කැඩීමට හේතුව නොදන්නා බව ද සඳහන් කළේය.
විදේශ රට වලින් විදුලිය ආනයනය කිරීමක් පිළිබඳව එම පනතේ ඇතුළත්ව තිබුණ ද රටට එවැනි අවහ්‍යතාවක් නොමැති බවත් රට තුළ ඕනෑ තරම් විදුලිය ඇති බවත් ඔහු කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්