ඊශ්‍රායලය ගාසා තීරයේදී අල් ජසීරා ජනමාධ්‍යවේදීන් පස්දෙනෙක් මරාදමයි..
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රකට වාර්තාකරුවකු වන අනාස් අල්-ෂරීෆ් ඇතුළු අල් ජසීරා ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු මියගොස් ඇති බව එම පුවත් සේවය පවසයි.
අල්-ෂරීෆ් සහ තවත් වාර්තාකරුවකු වන Mohammed Qreiqeh, කැමරා ශිල්පීන් වන Ibrahim Zaher, Mohammed Noufal සහ Moamen Aliwa ප්‍රහාරය එල්ල වනවිට රෝහලේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයේ ජනමාධ්‍යවේදීන් සඳහා ඉදිකර තිබූ කූඩාරමක සිටි බව අල් ජසීරා වාර්තා කර තිබේ.
ඉරිදා එල්ල වූ මෙම ප්‍රහාරය සහ ඉලක්කගත ඝාතනය ජනමාධ්‍ය නිදහසට එරෙහිව එල්ල වූ ඊශ්‍රායලයේ තවත් සැලසුම් සහගත ප්‍රහාරයක් බවට ද අල්ජසීරා පුවත් සේවය චෝදනා කරයි.
මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ජනමාධ්‍යවේදී අනාස් අල්-ෂරීෆ් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බව තහවුරු කර තිබීම විශේෂත්වයකි.
හමුදාව පවසන්නේ ඔහු හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී කොට්ඨාශයක ප්‍රධානියා ලෙස සේවය කළ බවයි.
ඔහු ඊශ්‍රායල් සිවිල් වැසියන්ට සහ හමුදා භටයින්ට රොකට් ප්‍රහාර එල්ල කළ බව ද හමුදාව චෝදනා කරයි.
මේ අතර අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව ප්‍රකාශ කළේ, ප්‍රහාරයෙන් තමන් කම්පනයට පත් වූ බවත්, අල්-ෂරීෆ්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂි සැපයීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා