හිටපු ජනාධිපතිලා උසාවි යන්න සැරසෙති..
ආණ්ඩුව විසින් යෝජනා කර තිබෙන හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හිටපු විධායක ජනාධිපතිවරුන් සියලු දෙනාම එකට එක්ව නීතිමය පියවර ගැනීම සඳහා මූලික සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙහි නෛතික තත්ත්වය පිළිබඳ සොයා බැලීමට හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනා විසින් නීතිඥයන් 50ක ගෙන් පමණ යුතු මණ්ඩලයක ගෙන් උපදෙස් ගනිමින් සිටින බව වාර්තා වේ. මේ සාකච්ඡා සහ කටයුතු වෙනුවෙන් හිටපු ජනාධිපතිවරුන්, ඔවුනගේ නියෝජිතයන්, නීතිඥයන් එක්වී ඇත.
මෙහි මූලික සාකච්ජාවක් පසුගිය ඉරිදා දින මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී පවත්වා ඇත. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වා ඇත.
එම සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග යන මහත්ම මහත්මීන්ගේ නියෝජිතයන් සම්බන්ධ වූ බව ජනාධිපති නීතිඥවරයෙක් පවසයි.
මෙහි දෙවැනි සාකච්ඡාව පෙරේදා (08 දා) දින ද පැවැත්වූ බව හෙතෙම කීය.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගනු ලැබූව ද ආණ්ඩුව සිතන ආකාරයට මෙය ක්‍රියාත්මක කිරීමට නොහැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඉදිරි දින 14 ඇතුළත මෙම නව පනතට එරෙහිව නඩු කටයුත්තක් පැවරීමට හිටපු ජනාධිපතිවරුන් කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..