News Category
From Date
To Date
Maximum Number of Result

මුස්ලිම් ජීවිත අනතුරේ, ජාතික ආරක්ෂාව අනතුරේ, කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍යයි! - බොදු බල සේනා සංවිධානය කියයි..

Aug 9, 2025 at 09:01 AM
|

බොදු බල සේනා සංවිධානය නිකුත් කර ඇති නිවේදනයක් පහතින් දැක්වේ,

1990 දශකයේ මුල් භාගයේදී, ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය මාවනැල්ලේ මස්ජිඩ්-උල්-හුඩා පල්ලියේදී ඉජ්තිමාවක් සංවිධානය කළේය. වෛද්‍ය හබීබ් මුහම්මද් ඉන්දියාවෙන් ගෙනැවිත් ඉදිරිපත් කරන ලදී. එවකට ආරම්භ කරන ලද ක්‍රියාකාරකමේ ප්‍රතිවිබාග මතුපිට ආරම්භ වූයේ 2018 දී ජමාත්-ඊ-ඉස්ලාමි නායකයාගේ සහෝදරයාගේ පුතුන් සහ සහරාන්ගේ කණ්ඩායම එකතුවී මාවනැල්ලේදී බුද්ධ ප්‍රතිමා කඩා දැමීමෙන් වන අතර 2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයකින් එය අවසන් වූ අතර එමඟින් 260 දෙනෙකු දක්වා මිය ගියේය. දැන්, ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය මාවනැල්ලේදී නැවතත් මස්ජිඩ්-උල්-හුඩා පල්ලියේදී තවත් ඉජ්තිමාවක් සංවිධානය කරන අතර, මෙවර වෛද්‍යවරුන් දෙදෙනෙකු වන වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් සහ වෛද්‍ය රයිස් මුස්තාෆා සහභාගී වීමට නියමිත වී ඇත.

1954 දී දකුණු ඉන්දියාවේ සිට ව්‍යාපාරික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඒ.සී. ජීලානි සහිබ් නැමැත්තා ඉස්ලාමීය සංවිධානයක් ලංකාවේ  පිහිටුවා ගත්තේය. පකිස්ථානයේ මවුලානා මවුදුඩි විසින් ආරම්භ කරන ලද ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානයේ සාකාවක් ඒ.සී. ජීලානි සහිබ් විසින් ලංකාවේ පිහිටුවා එහි ප්‍රථම නායකයා ලෙස එයාම පත්වේ. මවුලානා මවුදුඩි ඉස්ලාමයේ පදනම වන කලිමාවේ "ඉලාහ්" යන වචනයට "හකිමියත්" නමින් නව අර්ථකථනයක් ලබා දුන් අතර එම අර්ථකථනය මත පදනම්ව ඔහු ජමාත්-ඊ-ඉස්ලාමි ආරම්භ කළේය. "හකිමියත්" යන්නෙහි අර්ථකථනය ඉස්ලාමීය මූලධර්මවල නොමැති අතර, මවුලානා මවුදුඩිට පෙර ඉස්ලාමීය විද්වතුන් විසින් එය සඳහන් කර නොමැත.

"හකිමියත්" යන්නෙහි අර්ථ දැක්වීම මත පදනම්ව, රටක නීතිවලට කීකරු වීම සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීම විශාලතම පාපයන් බව සඳහන් කරන මවුලානා මවුදුඩිගේ මූලධර්මය ශ්‍රී ලංකා ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය තම පුහුණු පාඨමාලා වලදී ප්‍රචාරය කළේය.

1953 දී පකිස්ථානයේ ලාහෝර් අධිකරණයක් විසින් මවුලානා මවුදුඩිට මරණ දඬුවම නියම කරන ලද්දේ තවත් මුස්ලිම් සුළුතරයකට එරෙහිව කැරලි ඇති කිරීම සහ බොහෝ දෙනෙකුගේ මරණයට හේතු වීම සම්බන්ධයෙන් ය.

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ජමාත්-ඊ-ඉස්ලාමි ශිෂ්‍ය අංශය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර තහනම් කර ඇත. අත්අඩංගුවට ගෙන නිදහස් කරන ලද ජමාත්-ඊ-ඉස්ලාමි හි හිටපු නායකයා නැවතත් නිල නොවන නායකයෙකු ලෙස කටයුතු කරයි. ඔහු නිදහස් කළත්, එය නිසි නිදහස් කිරීමක් දැයි නිශ්චිත නැත, මන්ද වත්මන් රජය අතීතයේ දී පරීක්ෂණ නිසි ලෙස සිදු නොකළ බව පවසා ඇත. දැන් නව පරීක්ෂණ සිදුවෙමින් පවතී. පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ සම්පූර්ණ වී නොමැති බැවින්, ඊට සම්බන්ධ කිසිවෙකු වැරදිකරුද අහිංසකද යන්න නිශ්චිතවම පැවසිය නොහැක. තවමත් අනාවරණය වී නොමැති නව තොරතුරු පරීක්ෂණ අතරතුර අනාවරණය විය හැකිය.

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙන් ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය තහනම් කළ යුතු බවට නිර්දේශ කර ඇති බව මාධ්‍ය ප්‍රකාශ කළේය.

ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය තම මාසික සඟරාව වන අල්-හසනාත් හි ප්‍රකාශයට පත් කළේ සියදිවි නසාගැනීමේ ප්‍රහාර සිදු කිරීමට අවසර ඇති බවත් කාන්තාවන්ට පවා තම ස්වාමිපුරුෂයන්ගේ අවසරයකින් තොරව සියදිවි නසාගැනීමේ ප්‍රහාරවලට සහභාගී විය හැකි බවත්ය. (Attachment 1). ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ ප්‍රහාරවලට සහාය දක්වමින් පළ වූ එකම ලිපිය මෙයයි. හමාස් සංවිධානය සඳහා මරාගෙන මැරෙන ප්‍රහාර සැලසුම් කිරීමේ මහ මොළකරු වූ යාහ්යා අයියාෂ්ගේ ජීවිතය ප්‍රශංසා කරමින් ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය ශ්‍රී ලංකාවේ "පුකම්බම්" (භූමිකම්පාව) නමින් පොතක් ප්‍රකාශයට පත් කළේය. (Attachment 2). ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ජිහාඩ් පුහුණුව සහ සටන් සඳහා විදේශගත කළ බවට ද චෝදනාවක් තිබේ. මේ සම්බන්ධයෙන්, වඩාත් ප්‍රසිද්ධ සාක්ෂි මූලාශ්‍රවලින් එකක් වන්නේ ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානයේ ප්‍රධාන නායකයෙකු සහ ඉස්ලාහියා අරාබි විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයා වන මව්ලවි නදීර් විසින් නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවයි, ඔහු පකිස්ථානයට ගොස් ජිහාඩ් නාමයෙන් අවි පුහුණුව ලබා ඇති බව ප්‍රකාශ කළේය. (Attachment 3) & (Attachment 4). එහි දී ඔහු ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානයේ දිගුකාලීන සැලසුම් පිළිබඳ බොහෝ බියජනක තොරතුරු හෙළි කරයි. එවැනි සැලසුම් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ඉතා භයානක තත්වයකට පත් කරනු ඇති බවට සැකයක් නැත. එවැනි සැලසුම් නැවත ශ්‍රී ලංකාවේ ලේ වැගිරීම් ඇති කරන බවටද කිසිම  සැකයක් නැත.

"ජිහාඩ් සටනක නිරත වී එහි දී මිය යන අයට කන්‍යාවන් 72 ක් ලැබෙනු ඇත" යනුවෙන් ජමාත්-ඊ-ඉස්ලාමි ඔවුන්ගේ මාසික සඟරාවක් වන අල්හසනාත් ප්‍රකාශනයේ ද ලියා ඇත. (Attachment 5).  "ඉස්ලාම් යනු ගසක්. අල්-ජිහාඩ් මට උගන්වා ඇත්තේ ඒ ගසකට රුධිරයෙන් හැර වෙන කිසිදෙයකින් පෝෂණය විය නොහැකි බවයි" යන භයානක ප්‍රකාශය ද ජමාත්-ඊ-ඉස්ලාමි විසින් අල්හසනාත් සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත. (Attachment 6). වෙනත් ආගම්වල ජනතාව විසින් වන්දනාමාන කරන පිළිම බිඳ දැමීම දිරිමත් කරන සහ ආගමික සහජීවනයට එරෙහි කතුවැකි ද අල්හසනාත් සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත. (Attachment 7). ශ්‍රී ලංකාවේ වෙනත් ආගම්වල දෙවිවරුන්ගේ නව ප්‍රතිමා ඉදිකිරීමට එරෙහිව සහ පිළිම ඉවත් කරන ලෙස ඉල්ලා සිටින කතුවැකි ද අල්හසනාත් සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත. (Attachment 8).  මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමේ චෝදනා මත ජමාත්-ඊ-ඉස්ලාමි නායක හජ්ජුල් අක්බර්ගේ සහෝදරයා සහ පුතුන් අත්අඩංගුවට ගෙන තවමත් බන්ධනාගාරගත කර ඇත.

ජමාතේ ඉස්ලාමි සංවිධානය මේ දක්වා තම වැරදි පිළිගෙන නොමැති අතර, ඒ සඳහා මුස්ලිම් ජනතාවගෙන් සහ රටේ ජනතාවගෙන් සමාව අයැද නොමැත. එවැනි තත්වයක් තුළ, "ඉජ්තිමා" නමින් මාවනැල්ල මස්ජිදුල් හුදා පල්ලියේදී නැවත වරක් රැස්වීමක් පැවැත්වීමට ජමාතේ ඉස්ලාමි සංවිධානය උත්සාහ කිරීම අනාගතයේදී ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ සාමයට සහ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනු ඇත.

ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය එහි නිර්මාතෘ මවුලානා මවුදුඩිගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන දිගුකාලීන සැලැස්මේදී වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් මහතාව බිල්ලෙකු ලෙස භාවිතා කිරීමට උත්සාහ කරන බව දැකිය හැකිය. ජාතිය සහ ආගම නොසලකා අයුක්තියට එරෙහිව කතා කරන ජනතාවගේ සහායට පාත්‍රවී ඇති වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් මහතා, ජමාත්-ඊ-ඉස්ලාමි සංවිඩානයේ  ප්‍රචාරක පූර්වෙකු ලෙස භාවිතා කරනු ඇත. එය වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සතු කීර්ති නාමයට සහ අනුකම්පාවට බරපතල හානියක් කළ හැකිය.

මුස්ලිම් ප්‍රජාවගේ සුභසාධනය සහ රටේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන අයගේ යුතුකම වන්නේ, රටේ ජාතික ආරක්ෂාව සහ මුස්ලිම් ජනතාවගේ සාමගාමි ජීවිත ගැන සලකා බලා, ජමාත්-ඊ-ඉස්ලාමි සංවිදානයට සහ 'ඉජ්තිමා' රැස්වීම් වැනි  ක්‍රියාකාරකම්වලට වහාම විරුද්ධ වීමයි. ජමාත්-ඊ-ඉස්ලාමිගේ ඉජ්තිමා වැනි ක්‍රියාකාරකම්වලින් අනාගතයේ ඇතිවිය හැකි අනතුරු සඳහා වගකීම මස්ජිදුල්-හුදා පල්ලියේ කළමනාකාරිත්වය මණ්ඩලයද බාරගෙන යුතු බව ද ඔවුන් සැලකිල්ලට ගත යුතුය.

ඕනෑම අනතුරක් සිදුවීමට පෙර එය වළක්වා ගැනීම වඩා හොඳ බව ඉතිහාසය අපට උගන්වයි. අපි ප්‍රමාදයකින් තොරව ක්‍රියා කර අනාගතයේදී ඇතිවිය හැකි අනතුර වළක්වා ගත යුතුය

- බොදු බල සේනා සංවිධානය

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “‘I Died Many Times’: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On” යන වාර්තාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
හෙට දිනයේ කැඳවා ඇති වැඩ වර්ජනය පෝය දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත්, එමඟින් රටට විශාල බලපෑමක් සිදු නොවන බවත් සඳහන් කරමින්, අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
පුත්තලම නගරයේ පදික වේදිකාවක වෙළෙඳාමේ නිරත පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පුත්තලම නගරාධිපති රින්සාඩ් අහමඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගුරුවරුන්ගේ ඉල්ලීම් බලන්න වෙන්නේ 2028 දී. එල්ල වන චෝදනා තඹ සතේකටවත් ගණන් ගන්නේ නෑ යයි නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි.
තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙරට අධිකරණ පද්ධතියේ විනිසුරු මඬුලු සැලසුම්සහගතව සකස් කිරීමේ (Bench Fixing) ක්‍රියාවලියක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ප්‍රමාණය හා එහි නඩත්තු වියදම් සම්බන්ධයෙන් විවාදාත්මක අදහසක් පළ කර තිබේ.
යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “‘I Died Many Times’: Attacks on Humanitarian Assistance in Sri Lanka, 20 Years On” යන වාර්තාව සම්බන්ධයෙන් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.