ගෝඨාට අපහාස කළ ජනාධිපති මාධ්‍ය ලොක්කෙක් අධිකරණයේදී වරද පිළිගනී..
අරගල සමයේදී ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට අපහාස වන අයුරින් හා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරන ලදැයි කියන සිද්ධියකට අදාළව ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධානියෙකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (7 වැනිදා) වරද පිළිගත්තේය.
එලෙස වරද පිළිගත් දුමින්ද සෙනරත් නමැති සැකකරුට දැඩි ලෙස අවවාද කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග, අදාළ සැකකරු නඩුවෙන් මුදා හරින ලෙස නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුට එරෙහිව පවරා තිබූ නඩුවක් ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකරුගේ නීතිඥ ලලිත් පතිරණගේ කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බැවින්, ඔහුට දඬුවමකින් තොරව අවවාද කර මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියේ, මෙම සැකකරු විසින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙන බවයි.
ඉකුත් අරගල සමයේදී සැකකරු විසින් පවත්වාගෙන ගිය ෆේස් බුක් පිටුවක් ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කළ හොත් රට පුරා කාති උසාවි 100 ක් පිහිටුවන බවට ඇමැති අලි සබ්රිට පොරොන්දු වී ඇති බව සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් පළකර ඇති අතර, ඊට අදාළව වරද පිළිගැනීමට සැකකරු සූදානම් බවට ඔහුගේ නීතිඥවරයා දැනුම් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියහ.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, සැකකරුට අවවාද කරමින් එම නඩුවෙන් ඔහු මුදාහරින ලෙස නියම කළාය.
- Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..